News Category
From Date
To Date
Maximum Number of Result

VFS වීසා ගණුදෙනුව IMF ගිවිසුමට පටහැනියි - පාඨලී කියයි

May 23, 2024 at 06:16 AM
|

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූවා සේ ම, වීසා මංකොල්ලය නැවැත්වීම සඳහා නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;

2012 දී යුද්ධයෙන් පස්සේ මේ පිළිබඳව වැදගත් අධ්‍යයනයක් කරපු පිරිසක්. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ යෝජනාව ගෙනාවට පස්සේ තමයි රජයට අයිති බහුතර කොටස් තියෙන මොබිටෙල් සමාගමෙන් මේ කටයුත්ත කළේ. හැබැයි ඒ මොබිටෙල් සමාගම කිව්වා අවුරුදු පහකට, හයකට පස්සේ මේක නැවතත් යාවත්කාලීන කරන්න ඕනෙයි කියලා. ඒ අනුව 2018 ඉඳන් යෝජනා ඇවිල්ලා තියෙනවා. පසුව කොවිඩ් වසංගතය ආවට පස්සේ ආරක්ෂක ප්‍රශ්නයකට අමතරව සෞඛ්‍ය ප්‍රශ්නයකුත් මතු වූ නිසා මේ යාවත්කාලීන කිරීමේ වැඩපිළිවෙල මොබිටෙල් ආයතනයට ලබා දුන්නා. ඒ මොබිටෙල් ආයතනය ඒ පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරලා ඒ විධිමත් යෝජනාව භාර දීලා තිබියදීත් ඒක නොතකා හරිමින් තමයි මේ නව යෝජනාවක් ගෙනල්ලා තියෙන්නේ මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා 2023 සැප්තැම්බර් මාසෙදි. ඒ වගේම මේ යෝජනා සමීක්ෂණයට පත් කරපු නිලධාරී කණ්ඩායම, විශේෂඥ කණ්ඩායම බොහොම පැහැදිලිව තමන්ගේ වාර්තාවේ මොබිටෙල් ආයතනයේ යෝජනාව මේ අදාළ රජයේ ක්‍රියාදාමයට බොහොම එකඟයි, ඒකත් සුදුසු යෝජනාවක් බව පිළිඅරගෙන තියෙනවා.

මේ යෝජනාව රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට, ඒ වගේම IMF එක්ක ඇතිකරගත් ගිවිසුමට අදාළ යහපාලන මූලධර්ම වලට සම්පූර්ණයෙන්ම පටහැනියි. ඒ වගේම වීසා අවශ්‍යතාව පිළිබඳව ගත්තොත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් අදත් මතුවෙලා තියෙනවා අයිඑස්අයිඑස් තර්ජනය. සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. අපි දැක්කා කෝවිඩ් කාලෙදි, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයටයි කියලා, තක්කඩි විසින් මේ රටට ගෙනාපු සංචාරකයන් හේතුවෙන්, දස දහස් ගාණක් මේ රටේ මිනිස්සු මියගිය හැටි. ඒ වගේම, දත්ත, මේ සියල්ල රජය සතු වෙන්න ඕනේ, ඒ අදාළ සංචාරකයින් රටට ආවට පස්සෙ කොහෙද කොතනද ඉන්නේ, මොනවද කරන්නේ, ඔවුන්ගේ දත්ත මොනවද කියන එක.

ප්‍රධාන ම කාරණය, මෙතෙක් කාලයක් අපේ රටේ ඒ Immigration දෙපාර්තමේන්තුව කරගෙන ගිය වැඩසටහනක් මේ දත්ත සපයා ගැනීමේ වැඩසටහන, විදේශීය සමාගමකට පවරා දීම. දැන් කියනවා මේ වී. එෆ්. එස්. එක කියන්නේ හැමෝගෙම කරනවා කියලා. නමුත් වෙනත් රටවල දේවල් ඒ තානාපති කාර්යාල හරහා කරනවා මිසක් වී. එෆ්. එස්. එස්. එක කොහෙවත් කරන්නේ නෑ. දෙක මේ එතන ඉන්නේ වී. එෆ්. එස්. එක නෙමෙයි ප්‍රධාන ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ අයි වි එස් ජීපීඑස් කියන සමාගමත් එක්ක. ඒක නිසා මේ සභාවත්, මේ රටත් බොහෝ දුරට නොමඟ යවලා තියෙනවා, මේ කියන කාරණය මත. ඒ වගේම, මේ වීසා ගාස්තු, අද ගත්තහම මේ වීසා ගාස්තු, මම අදත් බැලුවා. මේ මෑතදී ආපු අයගේ වීසා ගාස්තුව, ඩොලර් හැත්ත පහයි. සේවා ගාස්තුව අදාළ ආයතනය ඩොලර් දහ අටයි ශත පනහයි. ඒ වගේම පහසුකම් ගාස්තුවක් ඩොලර් හතයි සත විසි හතයි. එකතුව ඩොලර් සීයයි සත හැත්ත හතයි. මේ ඩොලර් පනහට තිබිච්ච වීසා එක. දැන් මේක අපි සංසන්දනය කරන්න ඕනේ ලංකාවෙන් ස්විස්ටර්ලන්තයට යනවද, ලංකාවේ එංගලන්තෙට යන අයත් එක්ක නෙවෙයි. අපිත් එක්ක සංචාරක ව්‍යාපාරයේ තරඟ කරන මාලදිවයිනට, තායිලන්තයට, ඉන්දියාවට.

එහෙම බැලුවහම මේක සම්පූර්ණයෙන්ම සංචාරක ව්‍යාපාරය අධෛර්යමත් කරනවා විතරක් නෙවෙයි, පැහැදිලි දූෂණයක් මෙතන තියෙනවා. මේ ඩොලර් හැත්ත පහ වීසා ගාස්තුව නම් ඒක එකට ගියාවේ. නමුත් මේ ඩොලර් දහ අටයි ශත පනහයි, ඩොලර් හතයි සත විසි හතයි පිළිබඳව නිශ්චිත උත්තරයක් නිලධාරීන්ට ලබා දෙන්න බැරි වුණා. කාරක සභාවේ දී. ඒ විතරක් නෙමෙයි දෙවෙනි දවසේ අත්තනෝමතික විදිහට ඒකට පැමිණියෙත් නෑ. උත්තර නැති නිසා.

ඒක නිසා ඉතාම පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න ඕනේ මේ රටේ දූෂණය ගැන, දූෂිත වළලු ගැන කතා පවත්වනවා. හැබැයි මේ අති දැවැන්ත මේ රටට එන මිලියන දෙකහමාරකට ආසන්න සංචාරකයින්ගේ එක්කෙනෙක්ගෙන් ඩොලර් විසිහය ගානේ කොල්ලකන මේ දූෂණය ගැන, මේ දූෂිත වළලු ගැන කතා කරන අය අද නිහඬයි. ඒ වගේම ඉන්දියානුවෙකුට ලංකාවේ කැස්සක් ගියත් ඔන්න ඉන්දියාවේ එනවා කියලා උඩ පැනගෙන කෑ ගහන අය, මේ තනි ඉන්දියානු සමාගමකට රටේ ජාතික ආරක්ෂාවට අදාළ මේ දත්ත තොරතුරු භාරදීම ගැන අද නිහඬයි. ඒ නිසා මේක යට තියෙන්නේ මොකක්වත් නෙමෙයි.

මං එදත් කිව්වා වගේ, ලංකාව තුළ අද දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි. ඒ දේශපාලන පාතාලය විසින් අද ආණ්ඩුව හසුරවනවා මේවට විරුද්ධව කතා කරන මිනිස්සුන්ව, අද රජයේ මර්දන යාන්ත්‍රණයට ගොනු කරනවා. අද රහස් පොලීසිය කියන්නේ, ඇත්ත වශයෙන්ම දේශපාලනමය වශයෙන්, අනික් අයව මර්දනය කරන්න, අපහසුතාවයට පත් අපකීර්තියට පත් කරන්න යන තැනක් මිසක් මේ රටේ අපරාධ විමර්ශනයට යොමු වෙන තැනක් නොවන බව අපිට අද පැහැදිලියි.

ඒ නිසා මේ ඊළඟ මැතිවරණ වලදී ඉතා බොහොම කෙටි කාලයයි තියෙන්නේ. රජයේ නිලධාරීන්ට විශේෂයෙන් පොලිස් නිලධාරීන්ට, රහස් පොලිසියේ නිලධාරීන්ට අපි මතක් කරනවා අවනීතිය ක්‍රියාත්මක කරලා සමාජයෙත්, රටෙත් අපකීර්තියට පත්වෙන්න එපා. විශේෂයෙන්ම මේ දූෂණය, වංචාව පිළිබඳ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. අහවලා ගේනකොට කතා නොකර ඉන්නත්, අහවල්ලු කරනකොට කතා කරන්නත් නෙවෙයි. මේ රට තුළ ක්‍රියාත්මක වෙන මේ දූෂිත ජාලය වැලැක්වීම සඳහා වෙන විධිමත් වැඩපිළිවෙළක් එක්ක රට ඉදිරියට ගෙන යන්න වැඩසටහනක් රටට අද අවශ්‍ය කරලා තියෙනවා. මේ වීසා ගනුදෙනුවෙන් ඔප්පු කරලා තියෙන්නෙත් පෙන්නලා තියෙන්නෙත් ඒකයි. මේ වීසා මංකොල්ලය වහාම රජය නතර කළ යුතුයි. නතර කරනවා විතරක් නෙවෙයි. මේ සඳහා පියවර ගත්ත නිලධාරීන්, දේශපාලඥයින් ඇතුළු සියළුදෙනාට ඖෂධ ජාවාරමේ සිදුවූවා මෙන්ම, නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරියට ආ යුතුයි.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

නිහඬ කාලය තුළ තම පක්ෂ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අගමැතිනියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.
වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුවට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ඊයේ (04) පැමිණිල්ලක් ගොනුකරනු ලැබීය.
අර්ජුන මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.