
IMF යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට... වෙනස් කරන්න නම් පාර්ලිමේන්තුවේ 113ක කැමැත්ත අවශ්‍යයි - පාඨලී හෙළිකරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් එය සම්මත වීමෙන් පසුව කුමන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බව පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ මහතා මේ බව පවසා සිටියේ එක්සත් ජනරජ පෙරමුණු මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමට සම්බන්ධ වෙමිනි.
එහිදී පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්;
පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්විය නොහැකි බවත් ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 වනදා සිට ඔක්තෝම්බර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. එමෙන්ම මේ වනවිට කතා බහට ලක්ව ඇති පාර්ලිමේන්තුව විසුරුවීමේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ 113 කගේ යෝජනා සම්මතයෙන් සිදුවීම කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් එය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කරා යාම පිළිගත නොහැකි බව රණවක මහතා පවසයි. ඒ ජනාධිපතිවරයා මහජන මතයෙන් පත්නොවිමත් ජනාධිපතිවරයා පත්වීමේදී දුන් පොරොන්දු කඩ කිරීමක් බවත් ඒ මහතා පවසා සිටී.
එළෙඹෙන ජුනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් රැස්වී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිලිබඳ සමාලෝචනයක් සිදුකර තුන්වන වාරිකය ලබාදීම පිලිබඳ තීරණය කරනු ලබන අතර ඒ සමඟ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මගින් මුදල් ප්‍රධානයන් ලැබීමට නියමිත බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව සිය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සපුරාගන තිබිය යුතු බවත් ජනාධිපතිවරයා සිදුකළ යුත්තේ එම කාර්යය ඉටුකිරීම බව චම්පික රණවක මහතා පවසයි. එහිදී මෙම 22 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඇතුලත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත අතර එය සම්මත වුවහොත් මීළඟට පැමිණෙන සියලු පාර්ලිමේන්තු වලට එම පනත වෙනස් කිරීම සඳහා 113 කගේ කැමැත්ත ලබාගත යුතු බවද පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරන ලදී.
එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 5ක අල්ලසක් ලබාදෙන බවට පැතිරයන කතාව පිළිබඳව අදහස් දක්වමින් චම්පික රණවක මහතා පවසා සිටියේ මෙය විමධ්‍යගත අරමුදල මගින් දශක ගණනවක් සංවර්ධන කටයුතු සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුව එය නවතා දැමූ බවත් එම වසර 5ට අදාල මුදල් මේ වනවිට ලැබීම මෙම කට කතාවට මුල් වී ඇති බවයි. එම මුදල් ලබාදීමේදී සපයා ඇති මාර්ගෝපදේශ අනුව එම සංවර්ධන කටයුතු සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය සභා පළාත් සභා හරහා වන අතර එම පැතිර යන කතා සත්‍ය නොවන බවද පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලක්කගත අදායම නොලැබුණ බව පවසා සිටින අතර නව සුරාසැල් බලපත්‍ර 478 ක් ලබාදීම පිළිගත නොහැකි බවත් එය අතයට ගනුදෙනුවක් බවට පත්වන බවත් ඒ පිළිබඳ මැතිවරණ කොමිසම සොයාබලා කටයුතු කළයුතු බව රණවක මහතා අවධාරණය කර සිටියේය. එමෙන්ම වාහන ආනයනය නවතා දමා ඇති මොහොතක මන්ත්‍රීවරුන්ට වාහන ආනයනයට අවසර දීම පිළිගත නොහැකි බවත් වාහන ආනයනය සිදුකරනවානම් එය මහජනයා වෙනුවෙන් පොදු ප්‍රවාහනයට අදාල හෝ කෘෂිකර්මාන්තයට අදාල වාහන ගෙන්වීම සඳහා යොදාගත යුතු බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුප පිළිබඳ මහජනතාව තුළ පවතින මතය පිළිබඳව අදහස් දක්වමින් එම විශ්‍රාම වැටුප ලබාදීම ආරම්භ වූ ආකාරය පිළිබඳ අතීත සිදුවීම පාඨලී චම්පික රණවක මහතා හෙළිකරන ලදී. අප සියලු දෙනා හට ලැබුණු වටිනාම වස්තුවක් වන නිදහස් අධ්‍යාපනය රටට ලබාදුන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගෙන් තමාට ජීවත්වීමට දීමනාවක් ලබාදෙන ලෙස සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප ආරම්භ වූ බවත් එහි අරමුණ වූයේ රටට වැඩදායි වූ සියලු මන්ත්‍රීන් විශ්‍රාම ගැනීමෙන් පසුව ආරක්ෂා කර ගැනීම බවත් චම්පික රණවක මහතා අනාවරණය කරන ලදී.
ගිය වසරේ ප්‍රධාන රාජ්‍ය ආයතන 52 ලාබය පමණක් කෝටි අසූදහසක් බවත් රාජ්‍ය ආයතන පාඩුයි බව පැවසීම බොරුවක් බව පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ නිසාවෙන් මේවා කොටස් විකුණා ප්‍රගතියක් නොමැති බවත් එම රාජ්‍ය ආයතන නිසි කළමනාකරණයක් යටතේ සිදුකිරීම එක්සත් ජනරජ පෙරමුණ මගින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවල තුළ ඇතුලත් බවත් ඒ මහතා පවසයි. එමෙන්ම වෙළඳපොල ක්‍රමය, බදු ප්‍රතිපත්තිය, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුළු රට ගොඩනැගිය හැකි සියලු ප්‍රවේශයන් පිළිබඳ එම වැඩපිළිවල මගින් ඉදිරිපත් කර ඇති බව රණවක මහතා අවධාරණය කරනු ලැබිණි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
