
තරගය තිබෙන්නේ රනිල් සහ අනුර අතර විතරයි... සජිත් ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ - ලාල්කාන්ත කියයි
“රටක දේශපාලනය කියන්නේ කාලගුණය වගේ නිතර වෙනස් වන දෙයක්. ඉදිරි මාස දෙකේදී දේශපාලන වෙනස්කම් රැසක් සිදුවන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස ජනාධිපති තරගයට තරග කරන්නේ නෑ. තරගය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහත්, අනුර කුමාර දිසානායකත් අතරයි.” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
හිටපු මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ‘අදිටන විශ්‍රාමික රණවිරු’ නම් රත්නපුර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ඉදිරියේදී පත්වන ඕනෑම මැතිවරණයකට ජාතික ජන බලවේගය සූදානම්. පොහොට්ටුවේ සිටින සමහර නායකයන් ඇමැතිකම්වලට ආණ්ඩුවට හේත්තු වෙලා සිටියත් පොහොට්ටුවේ පහළ මට්ටමේ අය අද ජාතික ජන බලවේගය සමඟ එක් වෙලා ඉන්නවා.
නිදහසින් පසු මේ රට පක්‍ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට පාලනය කළා. ඒ පිරිස තවත් වසර 5ක් රට පාලනය කරන්න උත්සායක යෙදෙනවා.
ජනතාව ඉල්ලන්නේ වෙනසක්. අපි තිබෙන ක්‍රමය වෙනස් කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලියා පොත වෙනස් කළ යුතුයි. ඒ සඳහා ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණයේදී මාලිමාවට තුනෙන් දෙකක බලයක් ලැබෙන පරිදි දැනට පාර්ලිමෙන්තුවේ සිටින 225න් 200ක් මන්ත්‍රීවරුන් මාලිමාවෙන් පත්කර යැවිය යුතුයි. මන්ත්‍රීවරුන් 25ක් අනෙක් පැත්තේ සිටියාටකමක් නෑ.
සමහර මැති ඇමැතිවරුන් චෞර බලය අතට අරන් නීති විරෝධී පතල් කැපීම් කරනවා. පසුගිය කාලයේ ලෝක උරුමයක් වූ සිංහරාජයේ ජනතා විරෝධය නොතකා පාරක් කැපුවා. මෙවැනි කටයුතු කිරීම් නිසා තමයි පසුගිය කාලයේ ඇති වූ අරගලයේදී ජනතාව පාර්ලිමේන්තුවේ ඉන්න 225ම එපා කිව්වේ. මැතිවරණයෙන් දේශපාලනඥයන්ට ඡන්දය දුන්නේ ඔවුන්ගේ කැමැත්තට වැඩ කරන්න නෙවේ.”
– එන්. පී. රාජදොරේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
