News Category
From Date
To Date
Maximum Number of Result

"නූතන විභීෂණ" අතේ ඇති "න්‍යාය පත්‍ර දෙකෙන්" ශ්‍රී ලංකා රාජ්‍යය අතුරුදහන් කිරීමේ අනතුර රාම රාවණ සහ විභීෂණ නූතන කතාව ජනගත කරමින් විමල් පෙන්වා දෙයි

May 20, 2024 at 07:14 AM
|

අපේ සමාජයේ සාමූහික අනන්‍යතාව බිඳවැට්ටවීමට අවශ්‍ය අණපනත් ගෙනඒමේ න්‍යාය පත්‍රය සහ ඉතාම සංවිධානාත්මකව  ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ න්‍යාය පත්‍රය යන න්‍යාය පත්‍ර දෙක, රනිල් වික්‍රමසිංහ හෙවත් “නූතන විභීෂණ” අතෙහි තිබෙන බවත් එමගින් ස්වාධීන රාජ්‍යයක් ලෙස  ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම ඓතිහාසිකව අතුරුදහන් කිරීමේ අනතුර, රාම රාවණ සහ විභීෂණ නූතන කතාව කෘතිය මගින් පෙන්වා දී තිබෙන බවත් එම කෘතියේ කතුවර, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

 කොළඹ 07, ලයිට්හවුස් ශ්‍රවණාගාරයේදී(ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනය) පැවති “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” කෘතිය ජනගත කිරීමේ උළෙලෙහි කතුවර දෙසුම සිදු කරමින් ඒ මහතා මෙසේ පැවසීය.

මෙහිදී විමල් වීරවංශ මහතා විසින් සාහිත්‍යසූරී, ආචාර්ය ගුණදාස අමරසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීනී සොනාලි වඩුගේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, ප‍්‍රවීණ සාහිත්‍යවේදී සේන තෝරදෙනිය, මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී රංජන් යන විද්වතුන්ට කෘතිය පිළිගන්වනු ලැබිණි.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම කෘතිය ජනගත කිරීමේ උළෙලෙහි ආරාධිත දෙසුම් සිදු කළහ.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රි, ජයන්ත සමරවීර මහතා විසින් පැමිණි පිරිස පිළිගනු ලැබූ අතර මෙම අවස්ථාවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, යුතුකම සංවිධානයේ නායක ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති වීරසුමන වීරසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ගාමිණී වලේබොඩ, ජගත් ප්‍රියංකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘යුක්‍රේනයේ ඉරණමට සමාන ඉරණමකට…’

“මෙම ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ නම් වූ කෘතිය එළිදැක්වීමට මා අදහස් කළේ රාජ්‍යයක්, ජාතියක් ලෙස අප මුහුණ දී සිටින තත්කාලීන අභියෝගය පිළිබඳව සමාජය තුළ සැබෑ සංවාදයක් ඇති කිරීමේ පරමාර්ථයෙනුයි. ඔබ දන්නවා, මීට වසර කිහිපයකට පෙර යුක්‍රේනයේ පැවතුණා ‘මයිදාන් අරගලය ‘නම් වූ අරගලයක්. දැන් යුක්‍රේනය සිටින්නේ ‘පශ්චාත් මයිදාන් අරගල අවධිය’කයි. මයිදාන් අරගලයෙන් පාර කපනු ලැබුවේ රුසියාව සහ යුක්‍රේනය අතර නොනවතින යුද ගැටුමකට. පශ්චාත් මයිදාන් අරගල අවධිය, යුක්‍රේනයට යුද්ධයක් උරුම කර දුන්නා වගේ ගාලුමුවදොර අරගලයෙන් පසු අවධිය, ‘ජීව උණ්ඩ නොමැති යුද්ධයකට’  ශ්‍රී ලංකා රාජ්‍යය ඇද දමා තිබෙනවා. කෙසේ වුවත් මයිදාන් අරගලයෙන් පසුව යුක්‍රේනයට අත් වූ ඉරණමට සමාන ඉරණමකට අපි අද ඇද වැටී තිබෙනවා.

‘ඇමරිකාවෙන් අවිආයුධ ලැබෙන තුරු…’

එදා රුසියාව, යුක්‍රේනය සමඟ යුද නොවැදීම සඳහා කොන්දේසි දෙකක් ඉදිරිපත් කළා. එකක් තමයි, යුක්‍රේනය නේටෝවේ සාමාජිකත්වය ලබා නොගත යුතුයි, යන්න. කාටත් ගැති නොවී ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතිය යුතුයි, යන්න දෙවැන්නයි. එදා යුක්‍රේනයට ගියපු බ්‍රිතාන්‍ය අගමැතිවරයා යුක්‍රේන ජනාධිපතිවරයාට කිව්වා, ‘නුඹලා කිසිදු සම්මුතියකට යන්න එපා! යුද්ධ කරන්න අපි උදව් කරන්නම්!’ කියලා. අද වන විට ඇමරිකාවෙන් අවිආයුධ ලැබෙන තුරු යුක්‍රේන හමුදා බලා ඉන්නවා. ඒ අතරතුර රුසියානු හමුදාවන් දවසින් දවස යුක්‍රේනය අත්පත් කර ගනිමින් ඉන්නවා.

රනිල් හෙවත් නූතන විභීෂණ

දැන් අපි බලමු පශ්චාත් ගාලුමුවදොර අරගල අවධිය අපට උරුම කර දුන් යුද්ධය කුමක්ද, කියා. පශ්චාත් ගාලුමුවදොර අරගල සමය තමයි ‘නූතන විභීෂණ’ අතට රටේ පාලනය අරගෙන දුන්නේ. රාමායනයට අනුව විභීෂණ කියන්නේ රාවණගේ සහෝදරයා; රාවණව පාවාදුන් සහෝදරයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා නොවුණත් සංකේතාත්මකව එසේ හැඳින්විය හැකියි. මේ ‘නූතන විභීෂණ’ අතේ තිබෙන න්‍යාය පත්‍රයන් මොනවාද, කියා අපි විමසා බලමු.

කවුද මේ ‘එලිසබෙත්’?

දැන් බලන්න, ජුලී චංග් වෙනුවට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද නව තානාපතිනිය තමයි එලිසබෙත් කේ. හෝස්ට් (Elizabeth K Horst). ඇය ඇමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාවේ යම් කමිටුවකට කැඳවූවාට පසුව ඇය පවසනවා, ‘ශ්‍රී ලංකාව අපේ ඉන්දු පැසිෆික් උපායමාර්ගයට අනුව ඉතා වැදගත් රාජ්‍යයක්. චීනයේ පර්යේෂණ නැව් ශ්‍රී ලංකාවට එන එක නතර කරන්න අපට පුළුවන් වුණා. අපි ඒ වෙනුවෙන් කටයුතු කළා’ කියලා. ඒ අනුව මේ පශ්චාත් ගාලුමුවදොර අරගල අවධියේදී ඇමරිකා එක්සත් ජනපදයට පුළුවන් වෙලා තිබෙනවා, ශ්‍රී ලංකාවට පැමිණිය යුතු සහ නොපැමිණිය යුතු නැව් මොනවාද, කියා තීරණය කිරීමට. අපි දන්නවා, චීනයේ පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකාවේ අනුමැතිය සහිතව පැමිණෙමින් තිබුණු බව; පසුව මගදී අනුමැතිය දීමට නොහැකි බව කිව්වාම එය ජාත්‍යන්තර මුහුදු සීමාවේ නතර කොට පසුව මාලදිවයිනේ මුහුදු සීමාවේ යම් කටයුතුවල නිරතව ආපසු ගොස් තිබුණු බව. ඒ අනුව අපට දැන් පැහැදිලියි, මෙතුමිය කියන විදිහට චීන පර්යේෂණ නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට දුන් අනුමැතිය වෙනස් කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ බලපෑමට බව.

කාන්තාවන්, පිරිමින් කරන USAID

ගාලුමුවදොර අරගලය මෙන්ම වෙනත් සියලු සාධක හේතුවෙන් රනිල් වික්‍රමසිංහගේ අතට, මගේ හැඳින්වීම අනුව ‘නූතන විභීෂණ’ අතට බලය ගියා. ඊට පෙර  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ආතතියකින් කටයුතු කළ බටහිර ඇතුළු වෙනත් රටවල් ඉන් පසුව එසේ හැසිරෙන බවක් අපට පෙනෙන්නේ නැහැ. මේ දිනවල USAID එක මේ රටේ ඇතැම් යූටියුබර්ස්ලාට මුදල් ලබා දෙනවා, ‘කාන්තාවන් පිරිමින් බවට පත් කිරීමට අවශ්‍ය මතය’ හදන්න; ලිංගික අනන්‍යතාව වෙනස් කරගැනීම පිළිබඳ කතිකාවක් හදන්න’. ඉහත කී ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමේ සංවාදය හැදීමේ උවමනාව හා බැඳුණු දේශපාලනය අපට පැහැදිලි කරගන්න පුළුවන් මම මෙම කෘතියේ පෙරවදනෙහි ඇතුළත් කර ඇති ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ උදෘතයක් ඇසුරින්.

‘ඇලෙක්සැන්ඩර් ඩුගින්’ කියවා ගනිමු!

ඇලෙක්සැන්ඩර් ඩුගින් කියන්නේ රුසියානු දාර්ශනිකයෙක්. ඔහුගේ කෘතීන් කිසිවක් ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ බලවත් රටවල අලෙවි කිරීම තහනම් කර තිබෙනවා. ඔහුගේ එකම දියණිය ඇයගේ වාහනය තුළ ඇටවූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ජීවිතක්ෂයට පත් කොට තිබෙනවා. ඒ ඔහුගේ දාර්ශනික අදහස් නිසා මිස වෙන කිසිවක් නිසා නොවෙයි. සමහරු ඔහුව හඳුන්වන්නේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උපදේශකයකු හැටියට. නමුත් ඔහු රුසියානු ජනාධිපතිවරයාගේ නිල උපදේශකයකු නොවෙයි. මම හිතන්නේ ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ අදහස්, දාර්ශනික කියැවීම් ජනාධිපති පුටින්ගේ දේශපාලනයට බොහෝ සෙයින් බලපානවා ඇති, කියලයි. ඇලෙක්සැන්ඩර් ඩුගින් පෙන්වා දෙනවා, ‘නව ලිබරල්වාදය දැන් අන්තිම දුම්රියපළ තෙක් ගමන් කරමින් සිටින’ බව.

නව ලිබරල්වාදයේ උපායමාර්ගික අවශ්‍යතාව

මා මේ සමග දැක්වෙන ඔහුගේ අදහස, පෙරවදනෙහි උපුටා දක්වා තිබෙනවා. ‘‘ලිබරල්වාදය, තවත් විදියකින් සරලව විස්තර කරන්නේනම් පුද්ගලයින් ඕනෑම ආකාරයක සාමූහික අනන්‍යතාවකින් මුදා ගැනීම ලිබරල්වාදයයි. ලිබරල්වාදයෙන් නිදහස් වීමට තිබුණේ සාමූහික අවශ්‍යතා දෙකක් පමණි. පළමුවැන්න ලිංග අවශ්‍යතාවයි. ලිංග අවශ්‍යතාව සාමූහික අනන්‍යතාවක්. ඔබ සාමූහිකව පිරිමි පක්ෂයට හෝ ගැහැණු පක්ෂයට අයිතිවූවකු ලෙස වර්ග කෙරෙනවා. ඒ අනුව සාමූහිකත්වයෙන් වෙන් වී ඔබට තනිව සිටීමට හැකියාවක් නෑ. එහෙත් දැන් ස්ත‍්‍රී – පුරුෂභාවයෙන් මිදීමත් පුද්ගල විමුක්තිය ලෙස සැලකීමට පටන්ගෙන තිබෙනවා. මෙම මතවාදය සංක‍්‍රාන්ති ලිංගිකයන්, LGBT සහ නව ආකාරයේ ලිංගික පුද්ගලවාදයකට හේතු වී තිබෙනවා. එබැවින් ලිංගිකත්වය යනු පුද්ගල අභිමතය පරිදි පවතින්නක්. …පුද්ගල ලිංගිකත්වය, ලිබරල්වාදය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අංගයක් මෙන්ම මෙම ලිබරල් මතවාදයේ ජයග‍්‍රාහකයා ද වූවා. තවද මෙම ගමන් මඟේ තවමත් සම්පූර්ණයෙන් සිදුකර නොමැති අවසාන පියවර වන්නේ මානව අනන්‍යතාවයෙන් මිදීමයි. මෙම මතවාදයට අනුව මනුෂ්‍යත්වයත් අභිමතානුරූපියි.” මේ මොහොතේ ක්‍රියාත්මක වන ලිබරල්වාදයේ උපායමාර්ගික අවශ්‍යතාව වී ඇත්තේ පවුල, ස්ත්‍රී – පුරුෂභාවයන් වැනි සාමූහිකත්වය බලගැන්වෙන, මානව ශිෂ්ටාචාරය බලගැන්වෙන කවරකට හෝ පවතින්නට තිබෙන හැකියාව නැති කිරීම, බව ඔහු ඉහත කී උදෘතයෙන් අපට අවධාරණය කරනවා.

නව අණපනත් 67ක්!

එම නව ලිබරල්වාදී උපායමාර්ගික අවශ්‍යතාව ඉටුකර දීමේ න්‍යාය පත්‍රය නූතන විභීෂණ හෙවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එක් අතක තබා ගෙන ඉන්නවා. ඒ අනුව එම න්‍යාය පත්‍රය අපේ සමාජයේ සාමූහික අනන්‍යතාව බිඳවැට්ටවීමට අවශ්‍ය අණපනත් ගෙනඒමේ න්‍යාය පත්‍රයක් බව පැහැදිලියි. මම මේ වනවිට වසර 24ක පමණ කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා. නමුත් මේ තරම් වේගයෙන් අණපනත් සම්මත කරගන්නා කාලයක් මීට පෙර දැක නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසුව සම්මත කරගෙන ඇති පනත් ප්‍රමාණය 75ක්. ඉදිරියේදී තවත් අණපනත් 67ක් සම්මත කරගන්නයි සූදානම. සම්මත කරගැනීමට නියමිත පනත් අතර LGBT පනත්, දික්කසාද වීමට තිබෙන ඉඩකඩ වැඩි කරන පනත් ආදිය තිබෙනවා. ඒ අනුව එන පනතකින් යම් පවුලක ආරවුලක් පිටස්තර අයකු විසින් දැනුම් දීමෙන් පොලිසියට නීතිමය පියවර ගන්න පුළුවන් වගේම ඒක දික්කසාදයට හේතුවක් කරගන්නත් පුළුවන්. මේක අහපු මට සිහිපත් වූයේ පසුගියදා අපෙන් වියෝ වූ මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා විවාහය පිළිබඳව කළ විග්‍රහයක්. එතුමන් පෙන්වා දුන්නේ, ‘විවාහය යනු නොගැලපීම් අතර ගැලපීමයි’ කියලයි. නමුත් මෙයාලා දැන් හදන්නේ ‘නොගැලපීම් තිබෙනවා’ කියා දික්කසාද කරවන්නයි. මොහාන් සමරනායක මැතිතුමා මීට ඉහතදී පෙන්වා දුන්නා ‘දැන් USAID ඒක තමයි අපේ රටට අවශ්‍ය නීති මොනවාද, කියා තීරණය කරන්නේ’ කියලා.

‘මල් පහන් පූජා කිරීම අනවශ්‍යයි???’

ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා බුදුදහමට, භික්‍ෂූන් වහන්සේලාට අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති කාලයක් බවට මේ පශ්චාත් ගාලුමුවදොර අරගල අවධිය පත්ව තිබෙනවා. භික්ෂු සංස්ථාවට එරෙහිව පහරදීමට භික්‍ෂු ප්‍රතිරූපධාරීන් පවා යොදා ගනිමින් සිටිනවා. පසුගියදා අපේ විදෙස්ගත හිතවතකුගේ මියගිය නැන්දනියගේ හත් දවසේ බණට මම සහභාගි වුණා . බණට වැඩිය ස්වාමීන් වහන්සේ එහිදී පැවසුවා, ‘මල් පහන් පූජා කිරීම අනවශ්‍යයි’ කියා. දැන් සමහර භික්ෂු ප්‍රතිරූපධාරීන් ඉන්නවා, ‘බුදුන්ට පහන තියන්න එපා! මල් පූජා කරන්න එපා! ගමේ පන්සලට යන්න එපා! කියන. ඒවා දැන් ඉතාම නිදහසේ කෙරීගෙන යනවා. ඒ කියන්නේ අපේ සංස්කෘතික පදනමට පහර දෙනවා. මේ තත්ත්වය වළක්වනවා වෙනුවට ඒවා බලගන්වන විදියටයි අද රාජ්‍ය පාලනය සිදුකෙරෙන්නේ

‘මිහිඳුගේ පොසොන්???’

දැන් ‘බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ’ කියලා ලොකු ගෝරියක් යනවා. ඒ මතයේ ඉන්නා එක් අයෙකු සමාජ මාධ්‍යයේ මතයක් පළ කරමින් පවසා තිබුණා, ‘මිහිඳුගේ පොසොන් සමරන හැටි අපි බලා ගනිමු!’ කියා. ඒ වගේම දැන් ත්‍රිපිටකය වැරදියි කියනවා; සිදුහත් කුමරුගේ මව මහාමායා දේවිය ලිංග විපර්යාසයකට ලක්වුණා යැයි කියනවා; මහාවංසය පිළිබඳව සැකසංකා ඇති කරවනවා. මේ සියල්ල ඉතා විධිමත්ව සිදුවෙමින් තිබෙනවා. නැවත වටහා ගන්න, මේ තත්ත්වයට අවශ්‍ය අණපනත් ටික රනිල් වික්‍රමසිංහ හෙවත් නූතන විභීෂණ පෝලිමට රැගෙන එමින් තිබෙන බව.

සය වැදෑරුම් Connectivity එකක්

රනිල් වික්‍රමසිංහ හෙවත් නූතන විභීෂණගේ අතේ තිබෙන අනෙක් න්‍යාය පත්‍රය වන්නේ ඉතාම සංවිධානාත්මකව  ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ න්‍යාය පත්‍රයයි. ඒක ක්‍රියාත්මක කරගැනීමට දැන් නූතන විභීෂණ අපට කියනවා, ‘ ඉන්දියාව ලෝකයේ පස්වැනි ආර්ථික බලවතා. ඔහු සමඟ අපි එක්ව නැගී සිටිය යුතුයි. එසේ වුවහොත් පමණයි අපට අපේ ආර්ථික සමෘද්ධිය අත්පත් කරගත හැක්කේ. ඒ නිසා අපි ඒ දෙසට පියාඹමු!’ කියලා. ඒ අනුව දැන් ඉන්දියාව සූදානම් වෙන්නේ සය වැදෑරුම් Connectivity එකක් ලංකාවට හදන්න. ‘අපි ඔයාලාට තෙල් නළයක් දවස් 56කින් හදලා දෙන්නම්. රටවල් දෙකේ විදුලි බල පද්ධති Connectivity කරන්නම්.’ කියමින් දැන් මේ සය වැදෑරූම් ඒකාබද්ධකරණ මෙහෙයුම ඉන්දියාව විසින් දියත් කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අගමැතිවරයා ඉදිරියේ ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් 2023 ජූලි මස 21 වන දින එකඟ වූ, දැනටමත් ක්‍රියාත්මක වීම අරඹා ඇති ඒ සය වැදෑරුම් ඒකාබද්ධකරණ මෙහෙයුම අපි ඉතා හොඳින් හඳුනාගත යුතුයි. මේ ඒකාබද්ධතාව, Connectivity යන ඉංග්‍රීසි නාමකරණයෙන් හැඳින්වෙනවා. මුදල් ඒකක ඒකාබද්ධකරණය හෙවත් මුදල් ඒකක Connectivity මගින් ඉන්දියානු රුපියල් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ සිල්ලර ගනුදෙනු සඳහා පවා භාවිතා කිරීමට අවස්ථාව සැලසෙනවා. ඒ සඳහා නව මහ බැංකු පනතින් ප්‍රතිපාදන සලසා ඇති අතර ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු ක්‍රමයක් ද හඳුන්වා දී තිබෙනවා. රේගු ඒකාබද්ධකරණය හෙවත් Custom Connectivity මගින් ඉන්දියාවේ එක් ප්‍රාන්තයක සිට තවත් ප්‍රාන්තයක් දක්වා භාණ්ඩ හුවමාරු කරන ආකාරයට  ශ්‍රී ලංකාව සමග වෙළඳ ගනුදෙනු කිරීමට ඉඩ විවර වෙනවා. මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති ඒකාබද්ධකරණය හෙවත් Connectivity මගින් ඉන්දියානුවන්ට ශ්‍රී ලාංකිකයන් සේ සැලකීමේ හැකියාව හිමි වෙනවා. ඊළඟ එක තමයි ගුවන්තොටුපළ සහ වරාය ඒකාබද්ධකරණය. හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා ඉන්දියාවේදී සිනා සිසී පැවසුවේ ද මෙයයි. ඔහු එහිදී පැවසුවේ මේ ගුවන්තොටුපළ හා වරාය Connectivity මගින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන්තොටුපළවල් 3ක් ඉදිරියේදී ඉන්දියාව සතු වන බවයි.

විදුලිය – තෙල් Connectivity අරඹලා

පාර්ලිමේන්තුව හමුවට ගෙනඒමට නියමිත නව විදුලිබල පනත මගින් මෙරට විදුලි බල පද්ධතිය ඉන්දියාවේ විදුලි බල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම සඳහා ප්‍රතිපාදන පනවා තිබෙනවා. ඒ අතර ඉන්දියාවේ සිට  ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් එළීමේ ක්‍රියාදාමය දින 56කින් සම්පූර්ණ කිරීමට හැකි බව ද ඉන්දියානු බලධාරීන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. ඒ විතරක් නොවෙයි අදානි සමාගමට ටෙන්ඩර් කැඳවීමකින් තොරව මන්නාරම සහ සාම්පූර් සුනිත්‍ය විදුලි බල ව්‍යාපෘති ලබාදීමට එකඟ වී තිබෙන අතර විදුලිය ඒකකයකට රුපියල් 50කට ආසන්න මුදලක් ගෙවීමට ද අපේ විදුලි බල මණ්ඩලය එකඟ වී තිබෙනවා.

Connectivityහි අවසන් කොටස

ඒකාබද්ධකරණය හෙවත් Connectivityහි අවසන් කොටස වන්නේ භෞතික ඒකාබද්ධකරණයයි. මේ සඳහා කිලෝමීටර් 23ක් පමණ දිග ‘ආදම්ගේ පාලම’ ඉදිකිරීමට අදාළව ශක්‍යතා අධ්‍යයනයක් ද සිදුකර ඇති අතර ත්‍රිකුණාමලයේ සිට ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර 126ක ජාත්‍යන්තර දුම්රිය මාර්ගයක් ඉදි කිරීම සඳහා ද දැනටමත් ඉන්දීය රජය විසින් මූල්‍ය පහසුකම් වෙන්කර තිබෙනවා. පසුගිය දිනවල ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස සාගල රත්නායක නවදිල්ලියට ගොස් තිබුණේ ද මේ භෞතික ඒකාබද්ධකරණය කඩිනම් කිරීම සඳහායි.

සිකීමයේ ඉරණම අපටත්?

සිකීමය නමැති ස්වෛරී රාජ්‍යයෙහි 1973 දී පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ ඉන්දියාවට හිතවත් අගමැති අපේක්ෂකයා නොවෙයි. පසුව රෝ ඔත්තු සේවාව මැතිවරණය දූෂිත බවට මතයක් යවලා සිකීමයේ රජු බියගන්වලා යළි මැතිවරණයක් පවත්වන තැනට කටයුතු සැලැස්වූවා. එහිදී ඉන්දියාවට හිතවත් අපේක්ෂකයා වූ ලෙන්ඩප් ඩෝර්ජි ජයග්‍රහණය කරලා සිකීමයේ අගමැතිවරයා බවට පත්වෙනවා. ඉන්පසුව ඉන්දියාව සහ සිකීමය අතර ගිවිසුම් ගණනාවක් අත්සන් තැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස 1975 වන විට සිකීමය ඉන්දියාවේ 22 වැනි ප්‍රාන්තය බවට පත්වෙනවා. ‘ඉන්දියාව සමඟ ඒකාබද්ධ වීම අපට අවාසිදායකයි. අපි චීනය සමඟ ඒකාබද්ධ විය යුතුයි’ කියා පසුව සිකීමයේ පක්ෂ විපක්ෂ සියලුම මහජන නියෝජිතයන් එහි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආවා. සිකීමයේ තෙල් සහ විදුලිය ඉන්දියාව සමග Connectivity වෙලයි තිබුණේ. ඒ නිසා ඉහත යෝජනාව එන බව දැනගත් වහාම ඉන්දියාව අදාළ තෙල් නලය වැහුවා. විදුලිය විසන්ධි කලා. සිකීමය කළුවර වුණා. තෙලුත් නැති වුණා. පාර්ලිමේන්තුවට දමපු යෝජනාවත් අතුරුදහන් වුණා. තවමත් සිකීමය ඉන්දියාවේ අර්ධ යටත්විජිත කොලනියක්ව පවතිනවා.

දැන් මේ ආර්ථික අර්බුදය පාවිච්චි කරලා සිකීමය හා සමාන ඉරණමකට  ශ්‍රී ලංකාව ඇදදමන්නයි ඉන්දියාව සූදානම් වෙන්නේ.

එට්කාත් මඟ එනවා

මොන අමාරුකම් මැද්දේ වුවත් වසර 2500ක් තිස්සේ රැකගත් අපේ ශිෂ්ටාචාරගත උරුමයන්, අනන්‍යතාව හා ස්වෛරීභාවය අහිමි කරලා මේ රට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කරන්නයි මේ යන්නේ. ඒ සඳහා ඉහත කී සය වැදෑරුම් Connectivity මෙහෙයුමට අමතරව එට්කා ගිවිසුමත් එනවා. දැන් හොර රහසේ ඒ ගිවිසුමේ වගන්ති ටික හදාගෙන යනවා, ඉන්දියාවේ මහ මැතිවරණයට පෙර ඒක අස්සන් කරන්න. එට්කා ගිවිසුම ආවාම ශ්‍රී ලංකාවේ රැකියාවලට, වෙළඳාමට ඉන්දියානුවකුට, ශ්‍රී ලාංකිකයකුට තිබෙන අයිතිවාසිකමම ලැබෙනවා. පෞද්ගලික අංශයේ රැකියාවලට පමණක් නොවයි නොවෙයි රාජ්‍ය අංශයේ තෝරාගත් අංශ සඳහා ද ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙනවා.

ඒ අතරේ දේශීය නිෂ්පාදනවල පිරිවැය වැඩිවන ලෙස වැට් බද්ද ගහනවා. ඒ පිරිවැය දරාගන්න බැරුව අපේ කර්මාන්ත වැහෙනවා. අපේ කෘෂිකාර්මික නිෂ්පාදකයා ගොවිබිම් අත හරිනවා. මේ ඛේදවාචකය කරා තමයි ඔබගේත් මගේත් මාතෘභූමිය ඇදගෙන යමින් තිබෙන්නේ.

රාමාගේ කෝවිල්

ඒ විතරක් ද දැන් ඉන්දියානු රුපියල් බිලියන 50ක් වියදම් කරලා ලංකාව තුළ ඉන්දියාවේ ‘රාම – රාවණා පුරාවෘත්තයට’ පණ දෙන්න යනවා. රාමාගේ කෝවිල් මෙහෙ හැදෙනවා. දැන් මේ විදියට ඉන්දියාව හදන පාර දිගේ, ඉන්දියානු බස් එකෙන්, සංචාරකයන් කතරගම ඇතුළු රාමායනයේ කියැවෙන ස්ථාන 21ට ඇවිත් ඉන්දියානු කඩෙන් වඩේ, තෝසේ කාලා, ඉන්දියානු රුපියල්වලින් ගෙවලා, ආපහු ඉන්දියාවටම යනවා. අපට සංචාරක ව්‍යාපාරය විදිහට සත පහක් ලැබෙන්නේ නැහැ.

QUAD හවුල වැඩට බැහැලා

ඉන්දු පැසිෆික් සාගර කලාපය තමයි ලොව යුදමය වශයෙන් වැදගත්ම සාගර කලාපය. මේ සාගර කලාපයේ බලය තිබෙන බලවතා අතේ තමයි අනාගත ලෝක බලයත් තිබෙන්නේ. QUAD හවුල නමින්, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා ජපානය අද මේ ඉන්දු – පැසිෆික් සාගර කලාපය සඳහා මිලිටරිමය සංවිධානයක් ගොඩනඟා තිබෙනවා. එය තමයි ආසියාවේ නේටෝව ලෙස ක්‍රියාත්මක වන්නේ. ඒ නිසා අපි හොඳින් තේරුම් ගන්න ඕනේ, ‘මෙවැනි උපායමාර්ගිකව වැදගත් තැනක පිහිටි  ශ්‍රී ලංකාව නමැති රාජ්‍යයේ ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම බිල්ලට ගෙන, ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත්කරලා, ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා ලව්වා, ඇමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය ඉතිරි දේවලුත් කරගන්න තමයි මේ හදන්නේ. ඒකට තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හෙවත් නූතන විභීෂණ අද පාර කපන්නේ.’ කියා.

ඉන්දියානු ව්‍යාප්තවාදයේ ජීවමාන සාක්ෂි

මීට දශක හතරකට පමණ පෙර රෝහණ විජේවීර සහෝදරයා ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ කියා මාතෘකාවක් ගෙනාවාම බොහෝදෙනෙක් ඒක විශ්වාස කළේ නැහැ. ඒ එහෙම දෙයක් පිළිබඳව ජීවමාන සාක්ෂි දැකගැනීමට එදා නොහැකි වූ නිසයි. අද එය Connectivity නමින් බලගැන්වෙමින් තිබෙනවා. ඉන්දියානු රුපියල භාවිතයට ආපුවාම, භෞතිකව දෙරට අතර පාර හැදුනාම, විදුලි බල පද්ධති සහ තෙල් නල ඒකාබද්ධ කළාම, මේ රටේ ස්වෛරී තීන්දු ගැනීමේ හැකියාව ඉතිරි වේවිද? මේ සියල්ලෙන් පසුව ඉන්දියාවට ඇත්තේ සිකීමයට වගේ ලංකාවටත් ආණ්ඩුකාරවරයෙකු පත් කර ගැනීම පමණයි.

වාම ලිබරල්වාදයේ භූමිකාව

අද කිසිදු දේශපාලන ව්‍යාපාරයක් මේ සිදුවෙමින් තිබෙන අනතුර පිළිබඳව කටක් ඇරලා කතා කරන්නේ නැහැ; ඇහැක් ඇරලා බලන්නේ නැහැ; ඒ අනතුරට නිදහසේ දිගේලි වෙන්න ඇරලා වෙනත් මාතෘකා පිළිබඳව ඔහේ කතා කරමින් සිටිනවා. මීට දශක හතරකට පමණ පෙර, කවුරුත් නොදන්නා කාලයේ ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව රටට කියා දුන් රෝහණ විජේවීර සහෝදරයාගේ පක්ෂය අද කියනවා, ‘අද අපිත් වෙනස් වෙලා. ඉන්දියාවත් වෙනස් වෙලා. ලෝකයත් වෙනස් වෙලා. දැන් තියෙන්නේ බහුධ්‍රැවීය ලෝකයක් නොවෙයි; ඒකධ්‍රැවීය ලෝකයක්. දැන් ඉන්දියාවත් හොඳයි; අපිත් හොඳයි.’ කියලා.ඒ තමයි වාම ලිබරල්වාදය. ඒ වාම ලිබරල්වාදය තමයි LGBT පනත්වලට අවශ්‍ය න්‍යායික තර්කනය හදන්නේ. සමාජයේ ‘නිරාගමික රැඩිකලුන්’ ලෙස ඉන්නේ මේ වාම ලිබරල්වාදීන්ම තමයි. ඔවුන් තමයි ආගමික පදනම්වලට පහර පිට පහර දෙන්නේ. මේ සියල්ල දෙස අවධානය යොමු කළාම ඉතා පැහැදිලිව පෙනෙනවා, ‘නූතන විභීෂණ විසින් එක පැත්තකින් සමාජය තුළ සාමූහික අනන්‍යතාව බිඳවැට්ටවීමේ අණපනත් රැගෙන එනවා; අනෙක් පැත්තෙන් ඉතාම සංවිධානාත්මකව  ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය බවට පත් කිරීමේ ක්‍රියාන්විතය දියත් කරනවා,’ කියා. මේ මහා සැලැස්ම තුළ අවසානයේ ස්වාධීන රාජ්‍යයක් ලෙස  ශ්‍රී ලංකා රාජ්‍යයේ පැවැත්ම ඓතිහාසිකව අතුරුදහන් කිරීමේ අනතුර තියෙනවා. ඒ මහා අනතුර තමයි අපි මේ ‘රාම රාවණ සහ විභීෂණ නූතන කතාව’ කෘතිය තුළින් පෙන්වා දෙන්නේ. මූල්‍ය අරමුදලේ බෙහෙත් වට්ටෝරුවත් පාර කපන්නේ ඒ අනතුර දෙසටයි.

හර්ෂගේ ‘සුදුහුණු ගෑම’

මේ අනතුර අපි නිවැරදිව කියවා ගනිමු. මතවාදීව පමණක් නොවෙයි සෑම අතකින්ම ඊට එරෙහිව සමාජය බලගැන්විය යුතු වකවානුවක් තමයි උදා වී ඇත්තේ. මේ මහා අනතුර වහලා, ඊට ‘සුදුහුණු ගාන’ විදග්ධයොත් ඉන්නවා. බලන්න, සමඟි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා මහත්තයා කියනවා, ‘ඉන්දියාව කියන කුරුල්ලා ඉතා විශාල කුරුල්ලෙක්. ඒ කුරුල්ලා අත්තටු ගහලා පියාඹනකොට අපිත් ඊට යටින් පියෑඹුවොත් අපට හුළං පාර අඩුවෙන් තමයි දැනෙන්නේ. ඒක අපට පියෑඹීම පහසු කරනවා. එහෙම කරලා රටවල් දියුණුවෙලා තිබෙනවා’ කියා. දැන් එයාලා සූදානම් වෙන්නේ එහෙම පියාඹන්න.

සජිත්ගේ ‘ඩිමෝ බස් නොමිලේ බෙදීම’

සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් බෙදමින් යන්නේ ඩිමෝ බස්නේ. මම කර්මාන්ත ඇමති කාලයේ ඩිමෝ ආයතනයේ ප්‍රධානීන් ඇවිත් හමුවෙලා කීවා, ‘ආදි ශිෂ්‍ය සංගම් හරහා පාසල් සඳහා හදපු බස් විකිණීමට උදව් කරන්න’ කියලා. ආදි ශිෂ්‍ය සංගම්වලට ඒ විදියට බස් මිලදී ගැනීමට මුදල් නැති නිසා මම ඒ ගැන එතරම් උනන්දු වුණේ නැහැ. මට යෝජනා කළේ ආදි ශිෂ්‍ය සංගම්වලට බස් මුදලට දීමටයි. දැන් ඒ බස් ටික සජිත් ප්‍රේමදාස මහත්තයා නිකම් දීගෙන යනවා. ඒ කියන්නේ මේ බස් ටික ඩිමෝ සමාගමින් සජිත් මහත්තයාට නොමිලේ දෙනවා. ඩිමෝ එකෙන් බස් නිකම් දෙන්නේ නිකම් නොවෙයි.

‘මැණිකේ මගේ හිතේ…’

දැන් අපට 7 වන Connectivity එකකුත් පෙනෙනවා. යොහානි ද සිල්වා ගායිකාව ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාව තුළ ජනප්‍රිය වීම, රවී රෝයිස්ටර් ගායනා කළ ගීතයක්, කර්ණාටක සහ උර්දු බසින් ගැයෙන චිත්‍රපට ගීතයක් බවට පත්වීම, කාංචනා අනුරාධී ගායිකාවගේ ගීතයක් ඉන්දියාවේ රියැලිටි ෂෝ එකක පළමු ස්ථානයකට පත් වූ ඉන්දියානු දියණියක විසින් ගායනා කිරීම ආදිය අපට දැකගත හැකියි. ඉන්දියාවේ සංස්කෘතික වෙළඳපොළ තුළ මීට පෙර ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ට ඉඩක් ලැබී තිබුණේ නැහැනේ. කෙටි කලක් තුළ මේ වගේ දේවල් පෝලිමේ සිදුවෙමින් තිබෙනවා. කෙනෙකුට, එහෙම වෙන්නේ මේ පිරිසගේ දක්ෂතාව නිසා කියා හිතෙන්න පුළුවන්. නමුත් ඉතා කෙටි කලක් තුළ මෙවැනි අමුතු Connectivity එකක් සිදුවෙන්නේ කොහොමද, කියන එකත් සලකා බැලිය යුතුම එකක්.

මේ මහා අනතුර ගැන කිසිවක් කතා නොකර ලංකාවේ දේශපාලන බලය තමන් අතට දෙන්න කියා කවුරුන් හෝ කියනවා නම් ඔහු මේ අනතුරට අත්වැල් ගායනා සපයන්නෙකු, මේ අනතුර දිගේලි කිරීමට රහසින් එකඟ වී සිටින්නෙකු විනා අන් කිසිවෙකු නොවෙයි. අපි මේ කෘතිය එළිදක්වන්නේ එක් පසෙකින් නව ලිබරල්වාදී ව්‍යාපෘතිය බලගැන්වීම මගින් එන අවදානම හෙවත් අපේ සමාජය සීසීකඩ බෙදා වෙන් කිරීමේ අවදානම ගැන ජාතිය දැනුම්වත් කරන්නයි; අනෙක් පසින් Connectivity නමින් එන  ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත්විජිත කොලනියක් බවට පත් කිරීමේ අවදානම සහ එමගින් QUAD හෙවත් ආසියාවේ නේටෝව මගින් ඔවුන්ගේ ඉන්දු පැසිෆික් උපායමාර්ගයේ ගොදුරු බිමක් බවට  ශ්‍රී ලංකාව පත්කර ගැනීමේ අවදානම පිළිබඳව ජාතිය දැනුම්වත් කරන්නයි.

අද මේ ආකාරයට ස්වෛරී පැවැත්ම බිලි ගනිමින් අවමංගල්‍ය පෙරහැරක රැගෙන යමින් තිබෙන රාජ්‍යය, එතැනින් මුදවාගෙන නැවත එයට පණ දී බලගැන්වීමේ යුතුකම හා වගකීම අප හමුවේ තිබෙනවා. එම වගකීම සහ යුතුකම ඉටු කරමු! ඊනියා අරගලය විසින් නිමැ වූ නූතන විභීෂණ සමය නිමා කරමු!”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

සම්බන්ධිත පුවත් | Related News

අද (06) මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ඇති බව වාර්තා වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (06) උදෑසන 10 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 20 ඉක්මවා බව වාර්තා වේ.
නිහඬ කාලය තුළ තම පක්ෂ ආධාරකරුවන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙන ලෙස ඉල්ලා සිටිමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අගමැතිනියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇත.
අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහත්වරු ඉදිරියේ සිදු විය.
වියට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලය මූලික කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන ව්‍යාජ තොරතුරු සම්බන්ධව එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පොලිසිය වෙත යොමු කර ඇති පැමිණිල්ලක් මෙහි දැක්වෙයි.

ප්‍රධාන පුවත්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.