News Category
From Date
To Date
Maximum Number of Result

කිසිම සැලැසුමක් නැහැ... මම හිතන්නේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණයි - ජනපති රනිල් කියයි

Apr 28, 2024 at 09:48 AM
|

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (26) පැවති ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ 2023/24 වාර්ෂික සමුළුවට එක්වෙමිනි. අප්‍රේල් 26 සහ 27 දෙදින පුරා කොළඹ දී මෙම වාර්ෂික සමුළුව පැවැත්වේ.

මෙම වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා විසින් සිදු කළේය.

1929 වසරේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජය සාමාජිකයින් 17,000කට අධික ප්‍රමාණයක් සමන්විත වන අතර මෙරට ප්‍රජා හා සමාජ සුබසාධන කටයුතු මෙන්ම සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහා ද සිය දායකත්වය ලබාදී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද 1994 වසරේ සිට දිස්ත්‍රික් 3220 බටහිර කොළඹ ජාත්‍යන්තර රොටරි සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

“අප ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාව ගමන් කළ යුතු මාර්ගය තීන්දු කළ යුතු සන්ධිස්ථානයකට පැමිණ සිටින අවස්ථාවකයි. මේ රටේ ජනතාව විසින් ඒ මාර්ගය තීරණය කළ යුතුයි. අපි මෙතැනින් ඉදිරියට යනවාද? අපි මෙතනම නවතිනවාද? නැත්නම් ආපස්සට ගමන් කරනවාද කියා තීරණය කල යුතුයි.

මට අද මුණ ගැසැණු තරුණයෙක් මගෙන් ඇසුවා, ඔබ රට වෙනුවෙන් ගෙන ඇති සැලසුම් මොනවාද? මේ රටේ උගතුන් වෙනුවෙන් ඔබ ගෙන ඇති සැලසුම් මොනවාද? රටේ භෞතික යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ඔබ සතුව ඇති සැලසුම් මොනවාද? කියලා. මම කිව්වා එවැනි කිසිම සැලසුමක් නැති බව. මට සිතිය හැක්කේ වෙළඳපල ආර්ථිකයක් ගැන පමණක් බව, මම ඔහුට පැවසුවා.

එහිදී වෙළඳපොළ බලවේග මේ සියලු සැලසුම් පිළිබඳ තීරණය කරනු ඇතියි. ඒ තුළ අපේ ප්‍රතිපත්ති රාමුව මොකක්ද කියා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ අනුව අපි ඉදිරි අවුරුදු තුන හතර තුළ ක්‍රියාත්මක කර වැඩසටහන් මොනවද යන්න තීරණය කර, ක්‍රියාත්මක කර, අවශ්‍ය වෙනස්කම් ද සිදු කළ හැකියි.

නමුත් අපට වර්ධනයක් ගෙන එන ස්ථාවර සැලැස්මක් ගැන ඔබ සිතනවා නම්, මට අනුව එසේ සිදු කළ නොහැකි බව මම ඔහුට පැවසුවා. වෙළඳපොළ බලවේගවලට බලපෑම් කරන්නේ කෙසේදැයි අප දැන සිටිය යුතුයි. වෙළඳපොළ බලවේග හසුරුවන්නේ කෙසේද එසේත් නැත්නම් වෙළඳපොළ බලවේග මෙහෙයවන්නේ කෙසේද කියා අප දැනගත යුතුයි.

එසේ නම් ඉදිරියට යාමට අපට අවශ්‍ය ක්‍රමය කුමක්ද කියා අප මුලින්ම තීරණය කළ යුතුයි. සෑම ආණ්ඩුවක්ම පත් වූ පසු පස් අවුරුදු සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඒ සැලැසුම අනුව සෑම දෙයක්ම රජය ලබා දෙනවා. අපට මෙපමණ කාලයක් සැලසුම් පමණක් පැවතුණා. ඒ නිසා අපි තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙනවා.

යුද්ධය අවසන් වීමෙන් පසු වියට්නාමය, අපට වඩා දුප්පත් තත්ත්වයක සිටියා. 1991 වසරේදී වියට්නාමයේ කර්මාන්ත ඇමැතිතුමා පැමිණ අප විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳ මගෙන් ඇහුවා. අද වන විට විදේශ ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ කෙසේදැයි ඔහුගෙන් දැන ගැනීමට මට වියට්නාමයට යාමට සිදුවී තිබෙනවා. ඔවුන් වෙනස් වුණා. අපි එකම තැන සිටියා.

ඔබට මැලේසියාව සහ සිංගප්පූරුව ගැන කුමක් කිව හැකිද? අප මේ සෑම රටක් පිළිබඳව කතා කරනවා. අපට ඒ රටවල් සිටින තත්ත්වයට පැමිණීමට අවශ්‍යයි. නමුත් එම රටවල තත්ත්වයට පත්වීමට නම් ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුයි. දැන් අප එවන් අවධියකට පැමිණ තියෙනවා. අපිට තවදුරටත් අවශ්‍ය තීන්දු තීරණ නොගෙන සිටිය නොහැකියි. එකිනෙකාට චෝදනා කරමින් සිටීමෙන් පලක් නැහැ. අපට අවශ්‍ය කුමන ආකාරයේ ආර්ථිකයක් දැයි අපි තීරණය කළ යුතුයි. මට අනුව නම්, එය කළ හැකි වන්නේ එක් ආකෘතියක් තුළින් පමණයි. ඒ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක්.

අපට ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය හෝ රුසියාව තුළ විශාල වෙළෙඳපොළක් නැහැ. බොහෝ රටවලට පවතින ඛනිජ සම්පත් අපට නැහැ. අපි වාසනාවකට මෙන් උපාය මාර්ගිකව ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙන කුඩා දූපතක්. එය නැවතත් කලාපය තුළ ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රමුඛත්වයට පත්වෙමින් තිබෙනවා. එවැනි ලෝකයක් තුළ අප ඉදිරියට ගමන් කරන්නේ කෙසේද? අපි තවදුරටත් මවාගත් ලෝකයක ජීවත් වෙනවාද? නැතිනම් අවශ්‍ය පියවර ගෙන ඉදිරියට යාමට අප සූදානම් ද යන්න ඔබ සියලු දෙනාම සිතා බැලිය යුතු කාරණාවක්.

මන්දයත් අප විසින් ගෙන ඇති ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග මේ වසර තුළදී අවසන් වෙනවා. අපි නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ මෙන්ම පැරිස් සමාජය සමඟ සාකච්ඡා තරමින් සිටිනවා. බැඳුම්කර හිමියන් සමඟ ඇතිකර ගත යුතු බොහෝමයක් කරුණු පිළිබඳ එකඟතාවන්ට පැමිණ අවසන් නමුත් තවමත් එකඟතාවට පැමීණිය යුතු කාරණාවක් ඉතිරිව තිබෙනවා. එයත් ඉක්මනින්ම විසඳෙයි.

නමුත් අපි මෙතැන් සිට ගමන් කරන්නේ කොතැනටද? අපි ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. අප එලෙස ස්ථාවර කර ඇති ආර්ථිකය ආනයනය මත යැපෙන ආර්ථිකයක්. මේ ආනයන මත යැපෙන ආර්ථිකය සමඟ අපි ඉදිරියට යනවාද? එවිට පසුගිය කාලය පුරාවට මා විසින් සිදු කළ සියලු දේ නිෂ්ඵල වෙනවා. ඒ තවත් වසර 10 කින් හෝ වසර 15 කින් නැවතත් මෙවැනි අර්බුදයකට මුහුණ දීමට සිදුවෙන නිසයි. ඉතින් මේ තීරණය ඔබ සියලු දෙනාම ගත යුතුයි. කිසිවකුට එය අතපසු කළ නොහැකියි.

මෙය තමයි අද රට විසින් ගත යුතු තීන්දුව. විධායක ජනාධිපති ක්‍රමය දිගටම පවත්වාගෙන යනවාද නැත්නම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද කියන ප්‍රශ්නය නෙවෙයි. ඒවා දෙවනුව විසඳාලිය යුතු ප්‍රශ්න. මම සඳහන් කළ ආකාරයට ජනතාවට ප්‍රශ්න ගොඩක් මතුවෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය කුමක්ද? අපි එය වෙනස් කළ යුතුද නැද්ද? මම හිතන්නේ අපි එය වෙනස් කළ යුතුයි. නමුත් අපේ අනාගතය කුමක්ද? ඒ වෙනුවෙන් තීරණ ගන්න අපි සූදානම්ද?

අපට අවශ්‍ය වන්නේ අපනයනය ඉලක්ක කරගත්, ඉහළ තරගකාරී ආර්ථිකයක් නම්, අප එය සාක්ෂාත් කර ගන්නේ කෙසේද? අපිට අවශ්‍ය වන්නේ ඉහළ තරගකාරී ආර්ථිකයක් කියලා හැමෝම ප්‍රකාශ කරනවා. ඔබට තරගකාරී වීමට අවශ්‍ය නම්, ඔබ තරගයට මුහුණ දිය යුතුයි. තරඟයට මුහුණ නොදී තරඟකාරී විය නොහැකියි. මට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ ලොකු විශ්වාසයක් තිබෙනවා. අපිට එය නිර්මාණය කරගත හැකියි. අපට තිබෙන්නේ දුෂ්කර කාල පරිච්ඡේදයන් සහිත කෙටි කාලයක්. නමුත් අපට එය ජයගත හැකි බව මම විශ්වාසයෙන් යුතුව සඳහන් කරනවා.”

මෙම අවස්ථාවට ජාත්‍යන්තර රොටරි සමාජයේ සභාපතිවරයාගේ නියෝජිත ප’ හොයෙන් (Per Hoyen), මෙවර සමුළුවේ සභාපති ඩී.ජී.එන්.ඩී. කුමාර් සුන්දරරාජා, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ දිස්ත්‍රික් උපදේශක ප්‍රදීප් අමිර්තනායගම්, හිටපු සභාපතිවරුන් වන කේ. ආර් රවීන්ද්‍රන් යන මහත්වරුන්, ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයින්, දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජයේ නිලධාරී මණ්ඩලය, සාමාජිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් එක්ව සිටියහ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වෙමින් පවතින අතර, දැනට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරයි.
ඉන්දීය හමුදා විසින් පාකිස්ථානයේ සහ ජම්මු කාශ්මීර ප‍්‍රදේශයේ ස්ථාන 9ක් වෙත මිසයිල ප‍්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
රත්නපුර මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
මුලතිව් දිස්ත්‍රික්කයේ තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.

ප්‍රධාන පුවත්

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.