
ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම ගැන කමල් ගුණරත්න හා රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අතර සාකච්ඡාවක්
රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ලොව පුරා රටවල් නියෝජනය කරන උසස් නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2024 අප්‍රේල් 22 සිට 25 දක්වා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග්හිදී පැවැත්වින.
වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්‍ෂක අභියෝග පිලිබඳ සාකච්ඡා කිරීමට සහ ඒවාට අවශ්‍ය විසඳුම් සෙවීම සඳහා මෙම අතිශය වැදගත් සමුළුව ඔස්සේ පුළුල් වේදිකාවක් සපයනු ලබයි.
ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්‍ෂක කවුන්සිලයේ ලේකම් Nikolai Patrushev මහතා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාව මෙම හමුවෙහි කැපී පෙනෙන සුවිශේෂී අවස්ථාවක් විය. ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ සාමුහිකත්වය වැඩිදියුණු කිරීමේ වැදගත්කම මෙම හමුවේදී අවධාරණය කරනු ලැබීය.
ත්‍රස්ත මර්දන ප්‍රයත්නයන්, සයිබර් හා අන්තර්ජාල ආරක්‍ෂාව මෙන්ම ආරක්‍ෂක සහයෝගීතාව ඇතුළු පුළුල් පරාසයක මාතෘකා බොහොමයක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය. තවද ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සහ ආරක්‍ෂක ක්‍රියාවලිය තුළ දෙරටේ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වන නව මංපෙත් පිලිබඳ සොයා බැලීමට ඇති අන්‍යොන්‍ය කැපවීම දෙපාර්ශ්වය විසින්ම ප්‍රකාශ කළහ.
ගෝලීය ප්‍රජාව මුහුණ දෙන පොදු ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීමේ අරමුණින් ඔවුනොවුන් සතු තීක්‍ෂණ දැනුම හුවමාරු කර ගැනීමට, වඩාත් උචිත භාවිතයන් හඳුනා ගැනීමට සහ වඩාත් ශක්තිමත් හවුල්කාරිත්වයන් ඇති කර ගැනීමට රාජ්‍ය ආරක්‍ෂක කටයුතු පිලිබඳ සාකච්ජා කිරීම සඳහා වන 12 වැනි ජාත්‍යන්තර හමුව ඔස්සේ ඊට සහභාගි වූ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන්ට අගනා අවස්ථාවක් සැලසින.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
