
ශ්‍රීලනිපයේ නායකත්වය ගන්න දයාසිරිට ඇති අවස්ථාව ගැන තිලංග පැහැදිලි කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වර්තමානයේ මතුවී ඇති අර්බුද විසඳාගැනීම සදහාත්, පක්ෂය නැවතත් ජයග්‍රාහී මාවතට රැගෙන එමින් ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම සදහාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල සහ පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු, පක්ෂයේ දිස්ත්‍රික් නායකයන්, ආසන සංවිධායකවරු,පක්ෂයේ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් එක්ව 2024 අප්‍රේල් 25 වැනිදා පොදු එකගතාවයකට එළඹුණහ.
පිල් වශයෙන් බෙදී සිටින කිසිදු දේශපාලන කණ්ඩායම්කට ද්වේශ සහගත ලෙස ප්‍රහාර එල්ල නොකරමින් හුදෙක්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය රැකගැනීමත්, පක්ෂය තුළ දේශපාලන ක්‍රියාකාරකම්හි යෙදෙන සියලුදෙනාත් ,සියලුම දේශපාලන පාක්ෂිකයනුත් රැකගැනීම සහ ආරක්ෂා කිරීමත් සදහා මෙම හමුව සංවිධානය කළ බව තිලංග සුමතිපාල මහතා පැවසීය.
පක්ෂයේ සාමාජිකත්වය නොදරන අහසින් ආ කිසිම කෙනෙකුට පක්ෂයේ නායකත්වය ගැනීමට කිසිදු අවස්ථාවක් නැති බවත් ඉදිරියේදී පක්ෂයේ සියලු දෙනාගේම කැමැත්තෙන් ඝෘජු හා නිවැරදි තීන්දුවක් ගත හැකි හොඳ කශේරුවක් තිබෙන දක්ෂ නායකයෙකු පක්ෂය තුළින්ම බිහිකර ගන්නා බවද තිලංග සුමතිපාල මහතා එහිදී සදහන් කළේය.
ඔහු එහිදී වැඩිදුරටත් කියාසිටියේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබුණද දයාසිරි ජයසේකර මහතාටද ඒ සඳහා හොඳ අවස්ථාවක් ඇති බවය. පක්ෂයේ නායකත්වය භාරගැනීමට ඔබ කැමතිදැයි මාධ්‍යවේදීන් දයාසිරි ජයසේකර මහතා ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියාසිටියේ මේ ඒ පිළිබද කතා කිරීමට සුදුසු අවස්ථාව නොවන බවත් මුලින්ම කළ යුත්තේ ජනතාව පිළිගන්නා දක්ෂයන් සහ දූෂණයෙන් තොර පුද්ගලයන් යළි පක්ෂය වටා ගොනුකර ගැනීම බවය.
” නඩු දාලා,පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා මේ ප්‍රශ්නය විසඳන්න බෑ. අපි ළඟ හොඳට වැඩ කරන්න පුළුවන් ලේකම්වරයෙක් ඉන්නවා. ඒ තමයි තිලංග සුමතිපාල මහතා. ඔහු කවදාවත් නඩුවලින් පැරදුණු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඉදිරියේදී මොන නඩු දැම්මත් අපිට දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් තියනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මගේ මහ ලේකම් ධුරයත්,පක්ෂ සාමාජිකත්වයත් අහෝසි කරලා පක්ෂය මේ විදියට විනාශ කිරීම ගැන විතරයි මට දුකක් තියෙන්නේ. මේ වෙලාවේ මම එතුමාට අනුකම්පා කරනවා.”යැයිද දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසීය.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි ආසන සංවිධායකවරු,දිස්ත්‍රික් නායකයන් ඇතුළු පාක්ෂිකයන්ද සිය දුක් ගැනවිලි සහ පක්ෂය රැකගැනීම සදහා ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සිය අදහස් සහ යෝජනාද මෙහිදී ඉදිරිපත් කළහ.
පක්ෂය බිම් මට්ටමින්ද තවත් ශක්තිමත් කරමින් ඉදිරියේදී වඩාත් සැලසුම් සහගත ලෙස පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන බවටත්, සියල්ලන්ගේම අදහස් සහ යෝජනා මත කටයුතු කරමින් පක්ෂය රැකගන්නා බවටත් ප්‍රධාන පීඨිකාවේ අසුන් ගෙන සිටි නායකයෝ පැමිණ සිටි සියලුදෙනා ඉදිරියේ පොරොන්දු වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
