
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු ප්‍රමාදයෙන් දරුවන් අමාරුවේ වැටිලා... නැවත සමීක්ෂණ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන්න - ගාමිණී වලේබොඩ
2023 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිසුන්ට උසස් පෙළ පංති වෙත ඇතුළු වීමේ අවදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවනු ලැබුව ද මාස 4ක් ඉක්මවා ගොස් ඇතත් නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා අසමත් වී ඇති බවය.
සිසුන් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිඵල නැවත සමීක්ෂණ සදහා අයදුම්පත් යොමුකර ඇති අතර නැවත සමීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීම් හේතුවෙන් එම සිසුන්ගේ උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීමේ කටයුතුවලට බාධා පැමිණ ඇති බව ගාමිණි වලේබොඩ මන්ත්‍රීවරයා පවසනවා.
එම නිසා නැවත සමීක්ෂණ කටයුතු සිදුකර එහි ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝග කරන මෙන් මන්ත්‍රීවරයා අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
