
කාදිනල්තුමාගේ මැදිහත් වීමත් රට අරාජිකවීමට බලපෑවා - රංගෙ බණ්ඩාර කියයි
අත්දැකීමක් හා විදේශ සබඳතාවක් නැති, යුද්ධය මොහොතෙදිත් රටෙන් පිට වී මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවගේ ඉරණම විසඳීමට භාරදීමට කාදිනල්තුමා මැදිහත් වීමත් රට අරාජිකවීමට බලපෑ බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවසීය.
"අප්‍රේල් 21 වැනිදා වූ පාස්කු ප්‍රහාරයෙන් 273ක පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. 500කට වැඩිය තුවාල ලබා අදටත් ඉතා අපහසුවෙන් ජීවිත ගෙවන අයත් ඉන්නවා. මේ මිලේච්ඡ සිදුවීම ඉතාම පිළිකුලෙන් හෙළා දැකිය යුතු කාරණයක් බව අපි හැමෝම පිළිගන්නවා. මේ ප්‍රහාරයෙන් පස්සේ මැතිවරණ සමය පැමිණියාට පසු ගෝඨා- භය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය දක්වමින් මැතිවරණ ව්‍යාපාරයට වක්‍රාකාරයෙන් සහාය දැක්වීමක් කාදිනල්තුමා විසින් කළ බව වසර ගණනාවකට පසුව එතුමා විසින්ම පොපෝ – ච්චාරණය කර තිබෙනවා. දැන් උන්වහන්සේම ප්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එතුමා රැවටුණා කියලා.
අත්දැකීමක්, විදේශ සම්බන්ධතාවක් නැති යුද්ධය මොහොතේදිත් රටෙන් පිටවෙලා ගිහින් මඟ හැර හිටපු කෙනෙකුට දෙකෝටි විසි ලක්ෂ – යක් ජනතාවගේ ඉරණම විසඳීමට කාදිනල්තුමා මැදිහත් වුණයි කියන එක ඒ අනුව ඔප්පු වෙනවා. ඒ නිසා සිද්ධ වෙන දේ කුමක්ද? රට අරාජික වුණා. ආර්ථික වශයෙන් ඇදගෙන වැටුණා. කෘෂි – කර්මාන්තය බිඳ වැටුණා. ජනතාවට එදිනෙදා භාණ්ඩ හිඟ වුණා. රටේ ජනතාව පෝලිම්වලට ගියා. පෝලිම්වල මැරී වැටුණා. දරුවන්ට පාසල් නැති වුණා. තෙල් ටිකක් ගන්න, තෙල් නැවක් ගන්න, අපට සංචිත නැතිවෙලා අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත්වුණා. ආරක්ෂක අංශවලට ස්තුති වන්ත වන්න අදටත් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ස්ථාපිත වී තිබෙනවා."
- රෙත්මි පූජනී රත්නායක
- ආරියරත්න ගනේගොඩ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
