
රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නේ යැයි ඩේලි නිව්ස් පුවත් පතේ පල කළ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු සමූහ ආණ්ඩුවේ තානාපති කාර්යාලය
“ඩේලි නිවුස්” පුවත් පතේ අද (අප්‍රේල් 19) දින ශ්‍රී ලාංකික කුලී හේවායන් රුසියානු යුක්‍රේන යුද්ධයට රුසියානු පාර්ශවය නියෝජනය කරමින් කුලී හේවායන් ලෙස සටන් පෙරමුණේ සිටින්නේ යැයි ගයාන් කුමාර වීරසිංහ විසින් සම්පාදනය කර ඇති ලිපියේ කිසිදු සත්‍යතාවයක් නැති බව අපි අවධාරණය කරමු. එනම් රුසියානු පාර්ශ්වයෙන් යුක්රේන ගැටුමට ශ්‍රී ලාංකිකයන්ගේ සහභාගීත්වය පිළිබඳ තොරතුරු හෝ ඔවුන්ගේ සහභාගිත්වය සම්බන්ධයෙන් වන සංඛ්‍යා දත්ත කිසිවක් තානාපති කාර්යාලය සතුව නොමැත. එලෙසම ඔවුන්ගේ සැබෑ ස්වභාවය මුළා කරමින් යුද කටයුතුවලට සම්බන්ධ වීමට ශ්‍රී ලාංකිකයන් බඳවා ගන්නා දේශීය නියෝජිතායතනයක් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය කිසිවක් නොදනී. ගයාන් කුමාර වීරසිංහ විසින් “ඩේලි නිවුස්” පුවත් පතට රචිත “ජනප්‍රිය ටෙලි නිළියන් කුලී හේවායන් බඳවා ගත් බව” අනාවරණය කරන ලිපියෙන් දැක්වෙන පරිදි, සටන් පවතින කලාපයෙන් පලා ගිය බව කියන කෝප්‍රල්වරයෙකු නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් වන තොරතුරු තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි. රුසියාවේ භූමිය තුළ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බල සීමාව යටතේ පවතින බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.
Popular tele actresses found recruiting mercenaries
ඒ අතරම, ශ්‍රී ලාංකිකයන්ට කොළඹ කොන්සියුලර් අංශය මගින් වීසා නිකුත් කරනු ලබන්නේ හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ නොවන ඔවුන්ගේ ගමන් ඉලක්ක සනාථ කිරීම සඳහා අයදුම්කරුවන්ගේ වලංගු ලියකියවිලි මත බව අවධාරණය කරමු. එවැනි අරමුණු ඇති පුද්ගලයින් රුසියාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා තානාපති කාර්යාලය ඔවුන් සමඟ අතිරේක සම්මුඛ සාකච්ඡා පවත්වනු ලබයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ සංචාරක ඉලක්කය හෝ රුසියාවේ සිදුකරන ක්‍රියාකාරකම්වල ස්වභාවය වෙනස් කිරීමට තීරණය කරන්නේ නම්, එසේ කිරීමට බාධා කිරීමට රුසියානු තානාපති කාර්යාලයට හැකියාවක් නැත. කොළඹ රුසියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ රුසියානු පුරවැසියන්ගේ ආරක්ෂාව භාරව සිටින අතර රුසියාවේ වෙසෙන විදේශිකයන් සම්බන්ධ ගැටළු මොස්කව්හි අදාළ රාජ්‍යතාන්ත්‍රික නියෝජනයන්හි බල පෑමට යටත් බවද අපි නැවත අවධාරණය කිරීමට කැමැත්තෙමු.
කෙසේ වුවද ශ්‍රී ලංකා රජයේ බලය ලත් නිලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට නිල ඉල්ලීමක් ලැබුණහොත් අප සතු තොරතුරු ලබා දීමට කටයුතු කරමු.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය- කොළඹ
2024 අප්‍රේල් 19
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
