
මුහුදේ ගිලෙමින් තිබූ නැවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 21ක් ඉරානයෙන් බේරාගනී
කුක් දූපත් ධජය සහිත ඉන්ධන ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකීය නෞකාවක් ඕමාන බොක්කේ මුහුදේ ගිලෙමින් පැවතියදී එහි ගමන් ගත් ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩල සාමාජිකයන් 21 දෙනාම බේරා ගැනීමට ඉරාන බලධාරීන් විසින් පෙරේදා (17දා) පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඕමාන් බොක්කේ පිහිටි ඉරානයට අයත් නගරයක් වන ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් දුරින් (සැතපුම් 30ක් පමණ) මුහුදේ පෙරළී ගිලෙමින් පැවැති අදාළ නම් නොකළ ඉන්ධන නෞකාව අනතුරට පත්ව ඇත්තේ කුණාටුවක් හේතුවෙන් බව ඉරාන ප්‍රවෘත්ති සේවාවන් විසින් වාර්තා කර තිබේ.
ජස්ක් වරාය හා සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂ මොහොමඩ් අමින් අමානිට අනුව ගලවාගැනීමේ යාත්‍රාවක් යවා ගිලෙමින් පවතින අදාළ නෞකාවේ සිටි ශ්‍රී ලාංකීය නැවියන් 21 දෙනා බේරා ගැනීමට පියවර ගෙන තිබේ.
බේරාගනු ලැබූ නැවියන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය පස්දෙනකුට ජස්ක් හදිසි සේවා අංශයේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බවත් බේරාගත් ශ්‍රී ලාංකීය නැවියන් 21 දෙනාම හොඳ ශරීර සෞඛ්‍යයෙන් පසු වන බවත් ජස්ක් වරාය හා සමුද්‍රීය පරිපාලනයේ අධ්‍යක්ෂවරයා පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
