මද්‍රසා පාසල්වල මවුලවිවරු පුහුණුව යළි අරඹන්නැයි ඉල්ලීම්
පාස්කු ප්‍රහාරයෙන් පසුව නතර කරන ලද මද්‍රසා පාසල්වල මවුලවිවරුන් පුහුණු කරන අල්අලීම් විභාගය යළි පවත්වන්නැයි මුස්ලිම් මැති ඇමැතිවරු සහ මුස්ලිම් පාසල්වල විදුහල්පතිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබේ.
ජනාධිපතිවරයා සහ එම පිරිස අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී කර තිබෙන මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ නිසි පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් එම විභාගය පැවැත්වීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටීමය.
එම විභාගයට අදාළව මද්‍රසා පාසල්වල කෙරෙන ඉගැන්වීම් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජයේ බරපතළ කතාබහක් පැවැති අතර ඒ එම ගැටලු සහගත තත්ත්වයට විසඳුමක් ලැබෙන තෙක් එම විභාගය පැවැත්වීම විභාග දෙපාර්තමේන්තුව විසින් නතර කරන ලදි.
පසුව ඒ සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන ලද නමුත් එම කමිටුවේ කටයුතුද අතරමග නතර විය. මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළව මාවනැල්ල අධිකරණයේ පැවැති නඩු විභාගයකදී ද මෙම විභාගය සම්බන්ධයෙන් කරුණු විමසා තිබිණි.
විභාගය පැවැත්වීමට නිසි පැහැදිලි කිරීමක් අවශ්‍ය බව විභාග දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ මෙම තත්ත්වය මතය.
පසුගිය කාලයේ පැවැති ගැටලු සහගත තත්ත්වයන් හේතුවෙන් වසර තුනක පමණ කාලයක් දහම් පාසල් විභාග පැවැත්වීමටද දෙපාර්තමේන්තුවට නොහැකි වූ අතර මුස්ලිම් ප්‍රජාව ඉහත ඉල්ලීම කර ඇත්තේ දහම් පාසල් විභාග යළි පැවැත්වීමට දෙපාර්තමේන්තුව පියවර ගැනීමත් සමගය. ඔවුන් සඳහන් කරන්නේ අල්අලීම් විභාගය දහම් පාසල් විභාගය හා සමාන බවකි.
– Aruna
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා