
අනුලා සෑය ප්‍රතිසංස්කරණ ගිවිසුම අවලංගු කරන්න – මල්වතු මහනාහිමිගෙන් ජනපතිට ලිපියක්
ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලාදේවි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ලක්දිව භික්ෂුණී ශාසනය ආරම්භක ස්ථානය ලෙස සැලකෙන ඓතිහාසික වටිනාකමකින් යුත් මිහින්තලේ අනුලා සෑය, මිහින්තලා රජමහා විහාරස්ථානය යටතේ පාලනය වන විහාරස්ථානයක් බවත්, එහි භාරකාරත්වය මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමිපාණන් යටතේ පවතින බවත් මෙම ලිපියෙන් දන්වා තිබේ. එහෙත් මේ වන විට මහනායක හිමිවරුන්ගෙන් හා මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව එම අනුලා සෑය සංවර්ධනය කිරීම සඳහා බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් දස වසරක ගිවිසුම්ගතව ඇති බවත් මහනායක හිමිපාණන් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එම ගිවිසුම අවලංගු කිරීමටත්, එහි සංවර්ධන කටයුතු මහනායක හිමිවරුන්ගේ සහ මිහින්තලා රජමහා විහාරාධිපති හිමිපාණන්ගේ නිසි අනුදැනුමක් මත විනිවිද භාවයකින්, මෙම ඓතිහාසික ස්ථානයේ උරුමය ආරක්ෂා වන පරිදි ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටත්, මල්වතු මහා නාහිමිපාණන් ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
-දිවයින-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
