
මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් සහ ඇතැම් භික්‍ෂූන් අද නිර්මල බුදු දහම විකෘති කරනවා – රාමඤ්ඤ නිකායේ මහ නාහිමි
“අවුරුද 2500 කටත් වඩා පවත්වා ගෙන එන බුද්ධ චරිතය, සිද්ධාර්ථ චරිතය හා නිර්මල බුද්ධ ධර්මය අද සමහර භික්ෂූන් හා පුද්ගලයන් විසින් විකෘති කරමින් සිටිනවා, මේ සම්බන්ධව රජය මෙයට වඩා සැලකිලිමත්ව කටයූතූ කළ යුතු” යයි රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය අග්ග මහා පණ්ඩිත මකුලාවේ සිරි විමල මහානායක හිමියෝ කෑගල්ලේ පැවති උත්සවයකදී පැවසූහ.
උන්වහන්සේ එසේ පැවසුයේ මිරිහැල්ල සිරි සම්බෝධි විහාරය සහ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අටවිසි බෞද්ධ මන්දිරය හා අවුරුදු 300 කටත් වඩා පැරණි බෝධිය වටා ඉදිකෙරුණු බෝධි ප්‍රාකාරය විවෘත කිරීමේ උත්සවයේදී පැමිණ සිටි පිරිස අමතමිනි.
“අප බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලබා ගත් බෞද්ධ දර්ශනය අද ලෝකයාම පිළිගන්නවා. අද මේ රටේ මිථ්‍යා දෘෂ්ටික පුද්ගලයන් හා භික්ෂුන් මේවා වරදවා දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ ඉපදුණේ ලංකාවේලු. බුදු වුණේ ලංකාවේලු. පිරිනිවන් පෑවේත් මේ රටේදීලු. මෙවැනි මිථ්‍යා මත පළ කරමින් තමා රහත් වුණු පඬිවරයෙක් බවට අඟවමින් බෞද්ධ ජනතාව මුළා කරමින් යනවා. මේ කටයුතු සොයා බලන්න කියා මහානායක ස්වාමීන් වහන්සේලා රජය දැනුවත් කර තිබෙනවා.
අද පන්සල්වල තරුණ භික්ෂූන් වහන්සේලා අඩුයි. සමහර පන්සල්වල ඇත්තේම නැහැ. මෙම ස්ථානයේ තරුණ භික්ෂූන් සිටීම සතුටට කරුණක්. අපේ දායකයන් අද ජීවත් වන්නේ ඉතාමත් අමාරුවෙන්. ඒත් කොහොම හරි පන්සලට දානේ ටික ගෙනවිත් දෙනවා. දානය දීමෙන් විශාල වශයෙන් පින් සිදුවෙනවා. සිල් රැකීමත් භාවනාවත් කළ යුතුයි. ඉන් විශාල වශයෙන් පින් රැස්වෙනවා මෙන්ම හොඳ ආත්මයක් ලබන්නත් හේතු වෙනවා” යයිද රාමඤ්ඤ මහ නාහිමියෝ පැවසූහ.
රාමඤ්ඤ නිකායේ අනුනායක දීවෙල මහින්ද හිමියන්ද අනුශාසනාවක් සිදු කළ අතර මෙයට දෙවසරකට පෙර අපවත් වී වදාළ දීවෙල ධම්මානන්ද හිමියන්ට පින් පිණිස ගුණානුස්මරණ පින්කමක් ද පැවැත්විණි. විහාරවාසී සුනන්ද හිමියන් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදි.
- දිවයින -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
