News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට රුසියාවේ ප්‍රතිචාරය

Apr 15, 2024 at 07:37 AM
|

රුසියාවේ විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් කලාපයේ සතුරුකම් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත්ය. සති අන්තයේ ඊශ්‍රායලයට ටෙහෙරානයේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊයේ(14) ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදෙශ අමාත්‍යවරයා මෙම අභියාචනය කරන ලදී.

මේ මස මුලදී සිරියාවේ අගනුවර වන ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ බවට සැක කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල වී තිබේ. ඩැමස්කස් නුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයෙන්  ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු ඉහළ පෙළේ ඉරාන නිලධාරීන් කිහිප දෙනෙකු ඝාතනයට ලක් විය. ප්‍රහාරය සම්බන්ධයෙන් ටෙහෙරානය ඊශ්‍රායලයට චෝදනා කළේය. ඊශ්‍රායලය ප්‍රහාරය සම්බන්ධ වගකීම විවෘතව පිළිගෙන නැති නමුදු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොඅව් ගැල්ලන්ට් පසුව කළ ප්‍රකාශයක් මගින් ඇඟවුම් කළේ ඊශ්‍රායලය “මැද පෙරදිග පුරා විහිදී සිටින තමන්ගේ සතුරන්ට පහර දෙන” බවයි.

මැද පෙරදිග, විශේෂයෙන්ම වර්තමාන පලස්තීන-ඊශ්‍රායල් ගැටුම හේතුවෙන් පැන නගින අර්බුද, "බොහෝ විට වගකීම් විරහිත ප්‍රකෝපකාරී ක්‍රියාවන් මගින් අවුළුවන" බව සඳහන් කරමින්, "කලාපයේ තවත් භයානක ගැටුම් උත්සන්නවීම සම්බන්ධයෙන් අපි ගැඹුරින් කනස්සල්ලට පත්ව සිටිමු" යයි රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් මගින් පැවසීය. 

“අපි ඊට සම්බන්ධ සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි. දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් කලාපීය රාජ්‍යයන් විසින් පවතින ගැටලු විසඳනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට (IDF) අනුව, ටෙහෙරානය යුදෙව් රාජ්‍යයට මිසයිල සහ කමිකේස් ඩ්‍රෝන 300 කට වැඩි ප්‍රමාණයක් දියත් කළ නමුත්  එල්ල වූ ප්‍රහාර බොහොමයක් ඊශ්‍රායල ගුවන් සීමාවට ළඟා වීමට පෙර වෙඩි තබා විනාශ කර තිබුණි.

කෙසේ වෙතත්, ඉරාන නිලධාරීන් කියා සිටියේ මෙම දැවැන්ත ප්‍රහාරය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සාර්ථක වූ බවයි. ඉරානයේ සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි ඊයේ(14) කියා සිටියේ ටෙහෙරානය සති අන්තයේ සිය කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට ප්‍රමාණවත් “දඬුවමක්” ලැබුණා යැයි සලකන බවත් මෙහෙයුම දිගටම කරගෙන යාමට අදහසක් නොමැති බවත්ය. කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා වෙතින් එල්ලවන අනාගත ප්‍රහාර වලදී “වඩාත් පුළුල්” ප්‍රතිචාරයක් දක්වන බවට ඔහු පොරොන්දු විය.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල-හමාස් යුද්ධය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය සහ ඉරානය අතර ආතතීන් උත්සන්න විය. බටහිර ජෙරුසලම ටෙහෙරානයට චෝදනා කළේ ගැටුම අවුලුවාලූ  මාරාන්තික වැටලීමේ ප්‍රධානියා ලෙසත්, හමාස්, හිස්බුල්ලා සහ කලාපයේ අනෙකුත් පලස්තීන හිතවාදී සටන්කාමී කණ්ඩායම්වලට සහාය දුන් බවටත්ය.මේ අතර ටෙහෙරානය ඔක්තෝබර් ප්‍රහාරයට සම්බන්ධ බව ප්‍රතික්ෂේප කළ නමුත් හමාස් සහ අනෙකුත් පලස්තීන කණ්ඩායම්වලට දිගටම සහාය දෙන බවට ප්‍රතිඥා දුන්නේය.

Russia responds to Iran’s attack on Israel

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ආරම්භ කර ඇති උපවාසය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අසාධ්‍ය වී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
“අපි එක්ව කොළඹ පිරිසිදුව තබමු” පිරිසිදු කිරීමේ වැඩසටහන හා රුක් රෝපණ ව්‍යාපෘතියක් (06) කොළඹ ගුඩ් මාර්කට් පරිශ්‍රයේදී පැවැත්විණි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
සීමාවාසික පුහුණව සම්බන්ද ව ඇතිවී තිබෙන ප්‍රමාදය පිලිබදවද, ප්‍රමිතිය සම්බන්දයෙන් පවා සමාජය තුල ආන්දෝලනාත්මක කතා බහකට ලක් වෙමින් පවතින නව ERPM විභාග ක්‍රමවේදය හරහා මැතකදී සුදුසුකම් ලබාගත් විදේශීය වෛද්‍යවිද්‍යා උපාධිධාරීන් සීමාවාසික පුහුණුවට අන්තර්ග්‍රහණය කර ගැනීම තුළින් ඊට ප්‍රථමව සුදුසුකම් ලැබු එනම් 2026 අප්‍රේල් මාසයට පෙර සුදුසුකම් ලත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල හරහා වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරන ලද උපාධිධාරී කණ්ඩායම් කිහිපයකට අදාළව සීමාවාසික පුහුණුව පිරිනැමීමේදී උද්ගත වීමට නියමිත බරපතල අසාධාරණය පිළිබඳව ද අදහස් දැක්වීම වෙනුවෙන් 2026.06.04 වන දින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මාධ්‍ය සාකච්ඡාවක් කැදවනු ලැබීය.
යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.
බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.