
ශ‍්‍රී ලංකාව ගැන තීරණාත්මක IMF සාකච්චාවක් අද ඇමරිකාවේදී
අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී (15) ඇරැඹෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර මැද සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිතරවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හවුල්කාරීත්වය සහ සාමූහක ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙම සමුළුව මගින් හැකි වනු ඇති බවයි.
අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“2022 දී අප රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දුන් සහයෝගය, ශ්‍රී ලංකාව වර්ථමානයේ ලගා කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතියට මූලික හේතුවක් බව නොරහසකි.
වර්තමානයේ දිනෙන් දින වෙනස් වන ගෝලීය ආර්ථික හා දේශපාලනික පරිසරය විසින් ඇතිකරන ආර්ථික අභියෝගවල මුහුණදීමට සහ රටක් ලෙස ආර්ථික වර්ධනය කරා යන ගමනේදී ඇතිවන ගැටලුවලට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අපගේ මූලික අරමුණ වන අතර, ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ඵලදායී සාකච්ජා වල නිරත වීමට අප මෙහිදී අපේක්ෂා කරනවා."
හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකි බව රජයේ විශ්වාසය වන අතර ඒ වෙනුවෙන් එළෙබෙන 15 වන දින ඇරඹෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “වසර මැද සමුළුව” හරහා හැකි වනු ඇතැයි බලාපොරොත්තු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
