
ඉරානය තීරාණාත්මක ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත පහර දෙයි
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය ඊශ්‍රායලයට එරෙහිව සාර්ථක මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරානයේ ඓර්‍ණැ ප්‍රවෘත්ති ඒජන්සිය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රරුත්ති නිවේදනයක් උපුටා දක්වමින් පවසයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ හමුදාව "වැදගත් මිලිටරි ඉලක්ක" වෙත පහර දී විනාශ කිරීමට සමත් විය යනුවෙන් එම ප්‍රවෘත්තිය පවසයි.
සිරියාවේ අගනුවර වන ඩමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කිරීම ඇතුළුව, බටහිර ජෙරුසලම විසින් සිදු කරන ලද "බොහෝ අපරාධ" ලෙස ටෙහෙරානය නම් කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය පවසයි. අප්‍රේල් 1 වැනිදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළුව IRGC හි කඩ්ස් බලකායේ නිලධාරීන් හත් දෙනෙක් මිය ගියහ.
මේ අතර ඉස්ලාමීය ජනරජයේ ප්‍රහාරයට ඩ්‍රෝන යානා 100කට වඩා සම්බන්ධ වූ බව ඊශ්‍රායල සහ බටහිර මාධ්‍ය වාර්තා කළේය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) ප්‍රකාශ කළේ තමන් ඊශ්‍රායල භූමිය වෙත පැමිණෙන මිනිසුන් රහිත ගුවන් යානා ලුහුබැඳ ගිය බවත් මිත්‍ර හමුදාවන්ගේ සහාය ඇතිව ඒවා ගුවනේදී විනාශ කළ බවත්ය.
ඉරාන මාධ්‍ය විසින් ඊශ්‍රායලයේ ඔවුන්ගේ ඉලක්ක වෙත මිසයිල එල්ල වූ අවස්ථා දැක්වෙන කෙටි වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍යවල පළ කර ඇත. එයින් එකක් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයේ නෙගෙව් කාන්තාරයේ ජනාවාසයක් ආශ්‍රිතව බව කියනු ලැබේ.
ඊශ්‍රායල ජනාවාසයක ඉලක්ක වෙත පහර දෙන මිසයිල කිහිපයක වීඩියෝ දර්ශනද සමාජ ජාලා වල සංසරණය වේ.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් තහවුරු කර ඇත්තේ ඉරාන ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස එක් හමුදා කඳවුරකට "සුළු" හානියක් පමණක සිදුව ඇති බවයි. ප්‍රහාරයෙන් මේ වන විට තුවාල ලැබූ එකම පුද්ගලයා දකුණු ඊශ්‍රායලයේ 10 හැවිරිදි දරුවෙකි.
ඉරාන ආරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදයට , ඉරානයේ අවශ්‍යතාවලට හානි වන පරිදි ඊශ්‍රායලයට සපයන ඕනෑම සහයෝගයක් “තීරණාත්මක ප්‍රතිචාරයක්” ලබා දෙන බවට අනතුරු ඇඟවීය. බටහිර ජෙරුසලමේ “නපුරු ක්‍රියා සඳහා වොෂින්ටනය වගකිව යුතු” බව ටෙහෙරානය සලකයි. ඉරාන ඉස්ලාමීය ජනරජයට ප්‍රහාර එල්ල කිරීමට එක්සත් ජනපදයට හෝ ඊශ්‍රායලයට උදව් කිරීමට සම්බන්ධයෙන් තම අසල්වැසියන්ට අනතුරු ඇඟවීය.
ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේ බටහිර ජෙරුසලම ඉරාන ප්‍රහාරයට දැවැන්ත ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවයි. ඊශ්‍රායලයේ සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍ය Miki Zohar ද ප්‍රකාශ කළේ බටහිර ජෙරුසලමට “පෙර නොවූ විරූ බලයකින් ඉරානයට පහර දීම සඳහා 13 දා රාත්‍රියේ පුළුල් ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවයක් ලැබී ඇති” බවයි.
Iran struck ‘important’ Israeli military targets
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
