උමාඔය ජල විදුලි නිෂ්පාදනයේ පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ඇරඹේ
උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මීට මාසයකට පමණ ඉහත දී මෙලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි.
මේ වන විට වානිජ මට්ටමේ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බව සඳහන් කරන ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා, එම පරීක්ෂණ කාලය තුල පමණක් රුපියල් මිලියන 1000 ක වටිනාකමින් යුත් විදුලි බලයක් උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතිය ට එක් කිරීම ට හැකි වූ බව ද කියා සිටියි.
මේ වන විට සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී තිබෙන බවත් එළඹෙන අප්‍රේල් 24 දින විවෘත කිරීම ට සැලසුම් කර තිබෙන බව ත් හෙතෙම කීය.
උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ නේවාසික ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතිය ට එක්කිරීම වන බව යි.
එමෙන්ම කෘෂිකාර්මාන්තය සහ පානීය ජලය සැපයීම ද අනෙකුත් ප්‍රධාන අභිලාෂයන් අතර වන බව ද හෙතෙම සඳහන් කළේ ය.
උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514කි.
එයින් ඩොලර් මිලියන 450 ක් ඉරාන රජයේ ණය ආධාරයක් ලෙස ලැබීමට නියමිතව තිබුණි, එහෙත් ඉරාන රජයට බලපෑ සම්භාධක ගැටළුව හේතුවෙන් එරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය. ඒවන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 50ක පළමු වාරිකය ලැබී මෙම බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ හෙයින්, එය අතරමග නවතා නොදමා ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලදී.
ඉරාන රජයේ කොන්ත්‍රාත් සමාගම ක් වන ෆරාබ් ආයතනය මඟින් සියළු ඉදිකිරීම් සිදුකරන අතර වාරිමාර්ග අමාත්‍යාංශය, වෙනුවෙන් (Central Engineering Consultancy Bureau) ඉංජිනේරුමය කාර්‍ය න් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්‍යංශය නිරීක්ෂණ කටයුතු සිදුකරයි.
උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මුලින්ම පුහුල්පොල ජලාශයේ වේල්ලක් ඉදිකර එහි රැස්වන ජලය කිලෝමීටර් 04 ක උමං මාර්ගයක් ඔස්සේ ඩයරබා ජලාශයට ගෙන එනු ලැබේ. ඩයරබා ජලාශයේ වේල්ලක් ඉදිකර පුහුල්පොල ජලාශයේ සිට ගෙන එන ජලය එහි ගබඩා කර පසුව එම ජලය කිලෝමීටර් 15.5 ක දිග උමං මාර්ගය ක් ඔස්සේ, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ස්ථානගත කර ඇති ටර්බයින් යන්ත්‍ර දෙකක් වෙත රැගෙන ඒම සිදුවේ.
එම ටර්බයින යන්ත්‍ර දෙකේ මෙගාවොට් 60 බැගින් වෙන් වෙන් වශයෙන් ජල විදුලබලය නිෂ්පාදනය වන අතර, ඒ අනුව මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් මේ හරහා ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ. මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය අධිබලැති විදුලි රැහැන් කුළුණු 65 ක් ඔස්සේ කිලෝමීටර් 23 පමණ දුර බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලි බල පද්ධතිය ට සම්බන්ධ කෙරේ.
විදුලිබල උත්පාදනයෙන් පසු එම ජලය තවත් කිලෝමීටර් 04 ක උමං මාර්ගයක් ඔස්සේ අලිකොට ආර ජලාශය වෙත ගෙන ඒම සිදුකෙරේ. අනතුරු එම ජලය හඳපානාගල හා කුඩාඔය ජලාශ දක්වා රැගෙන එනු ලැබේ. ඒ මගින් පැරණි කුඹුරු හෙක්ටයාර් 1500 ක් සහ නව කුඹුරු හෙක්ටයාර් 4500 ක් ලෙස දළ වශයෙන් කුඹුරු අක්කර 15000 කට පමණ යල සහ මහ දෙකන්නය සඳහාම ජලය සැපයීම සිදුකෙරේ.
කිරිඳිඔය ද්‍රෝණිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල හා මොනරාගල, හා බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ද පූර්ණ කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.
සිසිර විජේසිංහ
මාධ්‍ය ලේකම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්