News Category
From Date
To Date
Maximum Number of Result

උමාඔය ජල විදුලි නිෂ්පාදනයේ පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ඇරඹේ

Apr 13, 2024 at 07:01 AM
|

‍උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ජල විදුලිය නිෂ්පාදනය සඳහා පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා පෙන්වා දෙන්නේ මීට මාසයකට පමණ ඉහත දී මෙලෙස මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බවයි.

මේ වන විට වානිජ මට්ටමේ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බව සඳහන් කරන ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු D.C.S ඇළකන්ද මහතා, එම පරීක්ෂණ කාලය තුල පමණක් රුපියල් මිලියන 1000 ක වටිනාකමින් යුත් විදුලි බලයක් උත්පාදනය කර ජාතික විදුලි බල පද්ධතිය ට එක් කිරීම ට හැකි වූ බව ද කියා සිටියි.

මේ වන විට සමස්ත ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී තිබෙන බවත් එළඹෙන අප්‍රේල් 24 දින විවෘත කිරීම ට සැලසුම් කර තිබෙන බව ත් හෙතෙම කීය.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ නේවාසික ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත නානායක්කාර මහතා පෙන්වා දෙන්නේ උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් නිෂ්පාදනය කර ජාතික විදුලි බල පද්ධතිය ට එක්කිරීම වන බව යි.

එමෙන්ම කෘෂිකාර්මාන්තය සහ පානීය ජලය සැපයීම ද අනෙකුත් ප්‍රධාන අභිලාෂයන් අතර වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය 2011 වසරේ ආරම්භ කරනු ලැබූ අතර, ඒ සඳහා ඇස්තමේන්තු කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 514කි.

එයින් ඩොලර් මිලියන 450 ක් ඉරාන රජයේ ණය ආධාරයක් ලෙස ලැබීමට නියමිතව තිබුණි, එහෙත් ඉරාන රජයට බලපෑ සම්භාධක ගැටළුව හේතුවෙන් එරට ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්විය. ඒවන විටත් අමෙරිකානු ඩොලර් මිලියන 50ක පළමු වාරිකය ලැබී මෙම බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ හෙයින්, එය අතරමග නවතා නොදමා ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන මත උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලදී.

ඉරාන රජයේ කොන්ත්‍රාත් සමාගම ක් වන ෆරාබ් ආයතනය මඟින් සියළු ඉදිකිරීම් සිදුකරන අතර වාරිමාර්ග අමාත්‍යාංශය, වෙනුවෙන් (Central Engineering Consultancy Bureau) ඉංජිනේරුමය කාර්‍ය න් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්‍යංශය නිරීක්ෂණ කටයුතු සිදුකරයි.

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මුලින්ම පුහුල්පොල ජලාශයේ වේල්ලක් ඉදිකර එහි රැස්වන ජලය කිලෝමීටර් 04 ක උමං මාර්ගයක් ඔස්සේ ඩයරබා ජලාශයට ගෙන එනු ලැබේ. ඩයරබා ජලාශයේ වේල්ලක් ඉදිකර පුහුල්පොල ජලාශයේ සිට ගෙන එන ජලය එහි ගබඩා කර පසුව එම ජලය කිලෝමීටර් 15.5 ක දිග උමං මාර්ගය ක් ඔස්සේ, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ස්ථානගත කර ඇති ටර්බයින් යන්ත්‍ර දෙකක් වෙත රැගෙන ඒම සිදුවේ.

එම ටර්බයින යන්ත්‍ර දෙකේ මෙගාවොට් 60 බැගින් වෙන් වෙන් වශයෙන් ජල විදුලබලය නිෂ්පාදනය වන අතර, ඒ අනුව මෙගාවොට් 120ක විදුලි ධාරිතාවයක් මේ හරහා ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ. මෙලෙස නිෂ්පාදනය කෙරෙන විදුලිය අධිබලැති විදුලි රැහැන් කුළුණු 65 ක් ඔස්සේ කිලෝමීටර් 23 පමණ දුර බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලි බල පද්ධතිය ට සම්බන්ධ කෙරේ.

විදුලිබල උත්පාදනයෙන් පසු එම ජලය තවත් කිලෝමීටර් 04 ක උමං මාර්ගයක් ඔස්සේ අලිකොට ආර ජලාශය වෙත ගෙන ඒම සිදුකෙරේ. අනතුරු එම ජලය හඳපානාගල හා කුඩාඔය ජලාශ දක්වා රැගෙන එනු ලැබේ. ඒ මගින් පැරණි කුඹුරු හෙක්ටයාර් 1500 ක් සහ නව කුඹුරු හෙක්ටයාර් 4500 ක් ලෙස දළ වශයෙන් කුඹුරු අක්කර 15000 කට පමණ යල සහ මහ දෙකන්නය සඳහාම ජලය සැපයීම සිදුකෙරේ.

කිරිඳිඔය ද්‍රෝණිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රීක කරමින් බදුල්ල හා මොනරාගල, හා බණ්ඩාරවෙල දිස්ත්‍රික්ක වල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව ද පූර්ණ කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

සිසිර විජේසිංහ
මාධ්‍ය ලේකම්

සම්බන්ධිත පුවත් | Related News

තීව්‍ර වෙමින් පවතින ඉන්දු – පාකිස්තාන අර්බුදය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යශය නිරන්තර අවධානයෙන් පසුවෙමින් රජය දැනුවත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
ඉන්දියාවත් සමග රජය අත්සන් කළ ගිවිසුම් තුළ අඩංගු කරුණු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවා නොදන්නා බවත්, ගිවිසුම් වල ඇති කරුණු කියන්නට ඉන්දියාවෙන් අවසර ගතයුතු බව ඇතැම් ඇමැතිවරු පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ.
ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
සමන්ත රණසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (08) දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි.

ප්‍රධාන පුවත්

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.