
අපේ පර්යේෂණ නැව් එන එක තහනම් කර වෙනත් රටවල පර්යේෂණ නැව්වලට එන්න අවසර දුන්නේ ඇයි? - චීනය ශ්‍රී ලංකාවට කනස්සල්ල පළ කරයි
ශ්‍රී ලංකාව චීන නෞකා ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ විශේෂ ආර්ථික කලාපය තුළට විදේශ පරේෂණ යාත්‍රා ඇතුල්වීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ කනස්සල්ල පළ කර ඇතැයි වාර්තා වෙයි.
චීන නෞකාවලට එම තහනම නිකුත් කළ ද ඒ හා සමාන ජර්මාණු යාත්‍රා වලට එම අවසරය ලබා දී ඇතැයි ද එහිදී චීන අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහතා හමුවේ ප්‍රකාශ කර ඇතැයි ද පැවසේ.
ඉකුත්දා චීනයේ සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චීන අග්‍රාමාත්‍ය ලීවයැන්ග් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී චීන අගමැතිවරයා ඒ බව සඳහන් කර තිබේ.
එහිදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර ඇත්තේ ජර්මානු නෞකාවලට එම අවසරය ලබා දී ඇත්තේ අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා පමණක් බවය.
ශ්‍රී ලංකාව කිසිම රටකට සිය භූමිය තවත් රටක අවශ්‍යතාවයන්ට අනුව අවභාවිතා කරන්නට නොදෙන බවද එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා චීන අගමැතිවරයාට අවධාරණය කර ඇත.
මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති සාකච්ඡාවේදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආයුධ සුදු කිරීමට චීන සමාගම්වලට සාධාරණ හා විනිවිද පෙනෙන සුළු භාවයෙන් යුක්ත පරිසරයක් අවශ්‍ය බවය.
තීරණ ගන්නා විට අනෙකුත් රටවල් විසින් අනවශ්‍යාකාරයෙන් තමන්ගේ මිතුරු රටවලට කරන බලපෑම් සම්බන්ධයෙන් චීනය අසතුටෙන් පසුවන බවද එහිදී චීන නායකයා සඳහන් කර තිබේ.
– කැළුම් බණ්ඩාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
