ඥානසාර හිමියන්ට සමාව දෙන්න කිව්වේ ඇයි කියල කියන්න මට බලයක් නැහැ - අනුප පැස්කුවල් කියයි
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දෙන ලෙස කළ ඉල්ලීමට හේතු පැහැදිලි කිරීම සඳහා තමාට බලයක් නොමැති බව සමාජ සවිබල ගැන්වීම් පිළිබඳ රාජ්‍ය ඇමැති අනුප පැස්කුවල් මහතා පවසයි.
මුස්ලිම්වරුන්ට එරෙහිව වෛරී ප්‍රකාශ කිරීමේ චෝදනාව මත ඥානසාර හිමියන්ට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවමක් නියම වී ඇති අතර, උන්වහන්සේට සමාව දෙන ලෙස මේ මස මුල පාර්ලිමේන්තුවේදී පැස්කුවල් මහතා ඉල්ලා තිබිණි.
“උන්යහන්සේ කතා කරලා තිබුණේ මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියා ගැන මිසක් මුස්ලිම් මිනිස්සු ගැන නෙවෙයි. ඔහු මුස්ලිම් ප්‍රජාව ගැන කරන කතාවට අපි කැමති නැහැ.” යනුවෙන් ඔහු එහිදී ප්‍රකාශ කර තිබිණි.
එහෙත් උන්වහන්සේට සමාව දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේ මන්දැයි මේ සතියේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ “රාජ්‍ය ඇමැතිවරයකු ලෙස තමන්ට මේ ගැන අදහස් දැක්වීමට බලයක් නැහැ” යනුවෙනි.
ජනාධිපති සමාව සඳහා පැස්කුවල් මහතාගේ ඉල්ලීම පැමිණියේ වැරදිකරුවන්ට සමාව දීමේ සම්ප්‍රදායක් පවතින සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙරදී වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අඟහරුවාදා ප්‍රකාශ කර තිබුණ ද සමාව ලත් අය අතර ඥානසාර හිමියන් නොමැත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්