හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුකිරීමට යයි
ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත.
මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය ( RAF Minneriya) ලෙස හඳුන්වා ඇත.
රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල රටේ ආර්ථිකයට ශක්තියක් කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය තීරණය කර ඇත.
ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.
මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරුව එයාර් බස් 320, බෝයිං B737 යන මාදිලි වල ගුවන් යානා මෙහෙයුම් සිදු කිරීමට හැකිවේ, මෙම සමස්ථ සංවර්ධන කටයතු සඳහා රුපියල් බිලියන 17 පමණ වැය වන බවත් සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අවධාරණය කර සිටියේ ය.
හිගුරක්ගොඩ ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පවතින ගැටලු සොයා බැලීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා විශේෂ නීරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඉන් අනතුරුව මෙම ඉදිකිරීම් කටයුතු පිළිබඳව ගුවන් හමුදා කඳවුරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණ.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ වැඩ බලන සභාපති මංගල විජේසිංහ, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්