
හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපළේ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුකිරීමට යයි
ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට රජය තීරණය කර ඇත.
මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය ( RAF Minneriya) ලෙස හඳුන්වා ඇත.
රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල රටේ ආර්ථිකයට ශක්තියක් කර ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය තීරණය කර ඇත.
ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.
මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු නිම කිරීමෙන් අනතුරුව එයාර් බස් 320, බෝයිං B737 යන මාදිලි වල ගුවන් යානා මෙහෙයුම් සිදු කිරීමට හැකිවේ, මෙම සමස්ථ සංවර්ධන කටයතු සඳහා රුපියල් බිලියන 17 පමණ වැය වන බවත් සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අවධාරණය කර සිටියේ ය.
හිගුරක්ගොඩ ගුවන්තොටුපලේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට පවතින ගැටලු සොයා බැලීමට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා විශේෂ නීරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර ඉන් අනතුරුව මෙම ඉදිකිරීම් කටයුතු පිළිබඳව ගුවන් හමුදා කඳවුරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණ.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, සිවිල් ගුවන්සේවා අධිකාරියේ වැඩ බලන සභාපති මංගල විජේසිංහ, ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ සභාපති අතුල ගල්කැටිය, සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් සාගර කොටකදෙණිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
