පාරිභෝගික අයිතීන් වෙනුවෙන් ජනතාව නැගී සිටිය යුතුයි... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දැනුම් දෙනවා - පාඨලී කියයි
පාරිභෝගික අයිතීන් වෙනුවෙන් ජනතාව නැගී සිටිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. තෙල්, ගෑස්, විදුලිය නොමැති අවස්ථාවේ ජනතාව අයිතිය වෙනුවෙන් නැගී සිටියහ. එහෙත් වෙළඳපළ අසාධාරණයට එරෙහිව මෙතෙක් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
ඒ නිසා අසාධාරණ ව්‍යාපාරික ක්‍රියාපිළිවෙතට එරෙහිව නැගී සිටීමට නිසි කල එළඹ ඇතැයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රණවක මහතා පෙන්වා දුන්නේය.
මේ අතර ඔහු කියා සිටින්නේ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සිය ෆේස්බූක් ගිණුම ඔස්සේ සෑම සඳුදා දිනයක දීම ජනතාව වෙත ඉදිරිපත් කරන බවයි. එහිදී ගොඩබෑමේ මිල, තොග මිල සහ සිල්ලර මිල ද දැනුම් දීමට පියවර ගැනේ. ඒ ආකාරයෙන් භාණ්ඩ මිල සම්බන්ධව ජනතාව දැනුවත් කරන්නැයි හෙතෙම සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටී.
විවිධ සංවිධාන ද ඊට මැදිහත් විය යුතු බව ද ඔහු පෙන්වා දෙයි. ෆේස් බුක් ඉදිරිපත් කිරීමට අමතරව රටේ සියලු ජනතාවගේ දැනගැනීම සඳහා මිල ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ද සැකසෙයි.
මීට අමතරව 2020 සිට 2023 දක්වා රටට මුං ඇට ආනයනය කර ඇතැයිද රණවක මහතා පෙන්වා දෙයි. දත්ත අවශ්‍ය අයෙකුට ඒවා ලබාදිය හැකි බව ද ඔහු අවධාරණය කරයි. සුපිරි වෙළෙඳසැල් එම ආනයන සිදුකර තිබේ. තමා ඉදිරිපත් කළ තොරතුරු දත්ත මත පදනම් වූ බව ද එක්සත් ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දෙයි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..
සුරේෂ් සලේ රෝගී තත්ත්වයකින් කොළඹ ජාතික රෝහලට..
වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්
යාපනයේ ජාතිවාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්