
පාරිභෝගික අයිතීන් වෙනුවෙන් ජනතාව නැගී සිටිය යුතුයි... අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දැනුම් දෙනවා - පාඨලී කියයි
පාරිභෝගික අයිතීන් වෙනුවෙන් ජනතාව නැගී සිටිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි. තෙල්, ගෑස්, විදුලිය නොමැති අවස්ථාවේ ජනතාව අයිතිය වෙනුවෙන් නැගී සිටියහ. එහෙත් වෙළඳපළ අසාධාරණයට එරෙහිව මෙතෙක් එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.
ඒ නිසා අසාධාරණ ව්‍යාපාරික ක්‍රියාපිළිවෙතට එරෙහිව නැගී සිටීමට නිසි කල එළඹ ඇතැයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රණවක මහතා පෙන්වා දුන්නේය.
මේ අතර ඔහු කියා සිටින්නේ, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සිය ෆේස්බූක් ගිණුම ඔස්සේ සෑම සඳුදා දිනයක දීම ජනතාව වෙත ඉදිරිපත් කරන බවයි. එහිදී ගොඩබෑමේ මිල, තොග මිල සහ සිල්ලර මිල ද දැනුම් දීමට පියවර ගැනේ. ඒ ආකාරයෙන් භාණ්ඩ මිල සම්බන්ධව ජනතාව දැනුවත් කරන්නැයි හෙතෙම සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලා සිටී.
විවිධ සංවිධාන ද ඊට මැදිහත් විය යුතු බව ද ඔහු පෙන්වා දෙයි. ෆේස් බුක් ඉදිරිපත් කිරීමට අමතරව රටේ සියලු ජනතාවගේ දැනගැනීම සඳහා මිල ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් ද සැකසෙයි.
මීට අමතරව 2020 සිට 2023 දක්වා රටට මුං ඇට ආනයනය කර ඇතැයිද රණවක මහතා පෙන්වා දෙයි. දත්ත අවශ්‍ය අයෙකුට ඒවා ලබාදිය හැකි බව ද ඔහු අවධාරණය කරයි. සුපිරි වෙළෙඳසැල් එම ආනයන සිදුකර තිබේ. තමා ඉදිරිපත් කළ තොරතුරු දත්ත මත පදනම් වූ බව ද එක්සත් ජනරජ පෙරමුණු නායකයා පෙන්වා දෙයි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
