
2024 සිංහල අලුත් අවුරුදු නැකැත්
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05ට සිංහල අලුත් අවුරුද්ද උදා වෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 2.41 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 2.41ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්; අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා දින අපර භාග 9.05 සිට 14 වැනි ඉරිදා අලුයම 03.29 දක්වා කාලය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටුකිරීම ද මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා අපර භාග 11.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වැනි සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06ට එනම් අප්‍රේල් 14 වැනි ඉරිදාට එළිවන පාන්දර 00.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිස තෙල් ගෑම
අප්‍රේල් මස 15 වැනි සඳුදා දින උදේ 10.17ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දකුණු දිශාව බලා හිසට දිවුල් පත් ද පයට ඉඹුල් පත් ද තබා දිවුල් පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්‍ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වැනි බදාදා උදේ 06.52ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
සැ.යු. ඉහත නැකත් වේලාවන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අවුරුදු නැකත් කමිටුව විසිනි.
(සියලුම වේලාවන් ශ්‍රී ලංකා සම්මත ඔරලෝසු වේලාවෙනි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි
දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
