News Category
From Date
To Date
Maximum Number of Result

ජනපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට සාකච්ඡා - ගම්මන්පිලගෙන් අනාවරණයක්

Apr 3, 2024 at 06:07 PM
|

ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව මදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එසේ මැතිවරණ දෙකම එකම දින පැවැත්වුව හොත් එය රටට අවාසිදාය බව ප්‍රකාශකල මන්ත්‍රිවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

ජනාධිපතිවරයාට ඕනෑ ජනපති ධූරයේ බලය හීන වීම වලක්වා ගන්න ජනපතිවරණය තෙක් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ඉන්න. බැසිල් රාජපක්ෂ මහතාට ඕනෑ ජනපතිවරණ ප්‍රතිඵල ජනතාව දකින්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. මේ නිසා තමයි බැසිල් මහතා පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියන්න කියලා ජනාධිපතිට බල කරන්නේ. මේ නිසාම තමයි ජනාධිපති මේ ඉල්ලීම ඉටු කිරීම මග හරින්නේ. දැන් දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වෙන්න ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම එකම දිනයේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුල සාකච්ඡා කරන බව අපට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණා.

මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නෑ. 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී ඉන්නවා. මැතිවරණ කොමිසම නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරපු දවසේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මේ මැතිවරණ දෙකම එකම දිනයේ පවත්වන්න පුළුවන්.

මැතිවරණ දෙකම එකම දවසේ පැවැත්වුවොත් ජනාධිපතිටත් පොහොට්ටුවටත් එක වගේ වාසියි. නමුත් අපට වැදගත් ජනාධිපතිටවත් පොහොට්ටුවටවත් වාසි ක්‍රමය නොවේ. රටට වාසි ක්‍රමය මොකක්ද කියන එකයි. මේ මොහොතේ කිසිම පක්ෂයකට වලංගු ඡන්ද වලින් 50%ක් ගන්න බැරි බව කවුරුත් පිලිගන්නා තිත්ත ඇත්තක්. කාටවත් සාමාන්‍ය බහුතරය ලබා ගන්න බැරි වීම ජනපතිවරණයට නම් ගැටළුවක් නෑ.

පළමු වටයේ දී වගේම තුන්වන මනාපය එකතු කලාටත් පස්සේ කාටවත් 50%ක් නැතිනම් වැඩිම ඡන්ද ගණන ගත් අපේක්ෂකයා ජනාධිපති විධියට තේරී පත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බහුතරය නෑ කියන්නේ කිසිම පනතක් රෙගුලාසියක් යෝජනාවක් සම්මත කර ගන්න බෑ කියන එකයි. ඒ විතරක් නොවේ වසර දෙකහාමාරක් යන තුරු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. ඒ නිසා මැතිවරණයෙන් පසු එළැඹෙන පළමු වසර දෙකහාමාරම කිසිම වැඩක් නොවන කවුරුත් බල පොරයක ඉන්න මන්ත්‍රිවරු විකිණෙන අරාජික සමයක් උදා වන බවට කිසිම සැකයක් නෑ. ආර්ථික අර්බූදයක් මැද දේශපාලන අස්ථාවරත්වයක් රටේ ඇති වුණොත් රට නැවත ගොඩ ගන්න බැරි ආගාදයකට ඇද වැටෙනවා සිකුරුයි.

ජනාධිපතිවරණයේ දී දිනන අපේක්ෂකයා 35%ක් අරගෙන ජයග්‍රහණය කළත් ඊ ළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්ථාවර පාර්ලිමේන්තුවකට අවශ්‍ය මන්ත්‍රිවරු ගණන දිනා ගන්න පුළුවන්. ජනපතිවරණය දිනන පැත්තට පාර්ලිමේන්තු මැතිවරණයේ දී රැල්ලක් ඇති වීම ඉතිහාසය පුරා දකින්න පුළුවන්. මේ පිළිබඳ තිබෙන කදිම නිදසුන තමයි 1988 ජනපතිවරණය. ජනාධිපතිවරණයේ දී එජාපය ජයග්‍රහණය කලේ යන්තම් 50.4%ක් අරගෙන නමුත් ඊට මාස දෙකකට පස්සේ තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රි ධූර 125ක් අරන් ස්ථාවර පාර්ලිමේන්තුවක් හදා ගත්තා. ඒ නිසා මේ ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න නම් කවුරු ජනාධිපති වුණත් ස්ථාවර පාර්ලිමේන්තුවක් හදා ගැනීම අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවොත් විතරයි.

පොහොට්ටුවට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල එන්න කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය ඇයි? රටට අවාසි උනත් තමන්ට වාසි නිසා. ආණ්ඩුව ජනාධිපතිවරණයේ දී ඉතිහාසයේ නොවූ විරූ පරාජයක් ලබන නිසා ඒ ප්‍රතිඵලය දැකලා මානසිකව වැටෙන පාක්ෂිකයා පොහොට්ටුව අත්හැර ගියාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපයට අත් වුණු ඉරණම පොහොට්ටුවටත් අත් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ජනපතිවරණය දිනන පක්ෂය යටතේ තිබෙන පසුබිමක. එවිට රාජ්‍ය බලය තමන්ගේ වාසියට යොදා ගන්න පොහොට්ටුවට බැරි වෙනවා. මෙන්න මේ කාරණා නිසා තමයි පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණය කලින් ඉල්ලන්නේ. නමුත් ජනපති කළ යුත්තේ රටට වාසි දේ මිස පොහොට්ටුවට වාසි දේ නොවේ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

හිත් රිදීම් තිබුණා තමයි. නමුත් අපත් සමග සිටි අයට අප නැවත ආරාධනා කරනවා. ඒහෙම තමයි පොහොට්ටුවේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්තයා නම් කියන්නේ. ඔබතුමන්ලාට ආරාධනා ලැබුණද ? ඔබතුමන්ලා පොහොට්ටු හා එක්වෙන්න ලෑස්තිද?

පිළිතුර

ඇල්බට් අයිස්ටයින් කියනවා එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ නැවත නැවත සිදු කරමින් වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට හොඳටම පිස්සු කියලා.. අපිට එහෙම පිස්සුවක් නෑ. නැවත නැවත රාජපක්ෂලා පරීක්ෂාවට ලක් කරන්න තරම් අපිට පිස්සුවක් නෑ.

ප්‍රශ්නය

බැසිල් රාජපක්ෂ මහත්මයා නම් කියන්නේ පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සියලුම පක්ෂ එකට එකතු වුණොත් තමයි රටට හෙටක් තියෙන්නේ කියලා. ඒක එහෙමද?

පිළිතුර

ඒගොල්ලෝ ඔය කතා කරන්නේ රටේ හෙට ගැන නෙවෙයි ඒගොල්ලන්ගේ හෙට ගැන.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.