ජනපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට සාකච්ඡා - ගම්මන්පිලගෙන් අනාවරණයක්
ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුල සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව මදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එසේ මැතිවරණ දෙකම එකම දින පැවැත්වුව හොත් එය රටට අවාසිදාය බව ප්‍රකාශකල මන්ත්‍රිවරයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
ජනාධිපතිවරයාට ඕනෑ ජනපති ධූරයේ බලය හීන වීම වලක්වා ගන්න ජනපතිවරණය තෙක් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ඉන්න. බැසිල් රාජපක්ෂ මහතාට ඕනෑ ජනපතිවරණ ප්‍රතිඵල ජනතාව දකින්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. මේ නිසා තමයි බැසිල් මහතා පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියන්න කියලා ජනාධිපතිට බල කරන්නේ. මේ නිසාම තමයි ජනාධිපති මේ ඉල්ලීම ඉටු කිරීම මග හරින්නේ. දැන් දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වෙන්න ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම එකම දිනයේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුල සාකච්ඡා කරන බව අපට විශ්වාසදායක ආරංචි මාර්ග වලින් දැන ගන්න ලැබුණා.
මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නෑ. 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී ඉන්නවා. මැතිවරණ කොමිසම නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරපු දවසේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මේ මැතිවරණ දෙකම එකම දිනයේ පවත්වන්න පුළුවන්.
මැතිවරණ දෙකම එකම දවසේ පැවැත්වුවොත් ජනාධිපතිටත් පොහොට්ටුවටත් එක වගේ වාසියි. නමුත් අපට වැදගත් ජනාධිපතිටවත් පොහොට්ටුවටවත් වාසි ක්‍රමය නොවේ. රටට වාසි ක්‍රමය මොකක්ද කියන එකයි. මේ මොහොතේ කිසිම පක්ෂයකට වලංගු ඡන්ද වලින් 50%ක් ගන්න බැරි බව කවුරුත් පිලිගන්නා තිත්ත ඇත්තක්. කාටවත් සාමාන්‍ය බහුතරය ලබා ගන්න බැරි වීම ජනපතිවරණයට නම් ගැටළුවක් නෑ.
පළමු වටයේ දී වගේම තුන්වන මනාපය එකතු කලාටත් පස්සේ කාටවත් 50%ක් නැතිනම් වැඩිම ඡන්ද ගණන ගත් අපේක්ෂකයා ජනාධිපති විධියට තේරී පත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බහුතරය නෑ කියන්නේ කිසිම පනතක් රෙගුලාසියක් යෝජනාවක් සම්මත කර ගන්න බෑ කියන එකයි. ඒ විතරක් නොවේ වසර දෙකහාමාරක් යන තුරු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. ඒ නිසා මැතිවරණයෙන් පසු එළැඹෙන පළමු වසර දෙකහාමාරම කිසිම වැඩක් නොවන කවුරුත් බල පොරයක ඉන්න මන්ත්‍රිවරු විකිණෙන අරාජික සමයක් උදා වන බවට කිසිම සැකයක් නෑ. ආර්ථික අර්බූදයක් මැද දේශපාලන අස්ථාවරත්වයක් රටේ ඇති වුණොත් රට නැවත ගොඩ ගන්න බැරි ආගාදයකට ඇද වැටෙනවා සිකුරුයි.
ජනාධිපතිවරණයේ දී දිනන අපේක්ෂකයා 35%ක් අරගෙන ජයග්‍රහණය කළත් ඊ ළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්ථාවර පාර්ලිමේන්තුවකට අවශ්‍ය මන්ත්‍රිවරු ගණන දිනා ගන්න පුළුවන්. ජනපතිවරණය දිනන පැත්තට පාර්ලිමේන්තු මැතිවරණයේ දී රැල්ලක් ඇති වීම ඉතිහාසය පුරා දකින්න පුළුවන්. මේ පිළිබඳ තිබෙන කදිම නිදසුන තමයි 1988 ජනපතිවරණය. ජනාධිපතිවරණයේ දී එජාපය ජයග්‍රහණය කලේ යන්තම් 50.4%ක් අරගෙන නමුත් ඊට මාස දෙකකට පස්සේ තිබුණු පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රි ධූර 125ක් අරන් ස්ථාවර පාර්ලිමේන්තුවක් හදා ගත්තා. ඒ නිසා මේ ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න නම් කවුරු ජනාධිපති වුණත් ස්ථාවර පාර්ලිමේන්තුවක් හදා ගැනීම අවශ්‍යයි. ඒක කරන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුවොත් විතරයි.
පොහොට්ටුවට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල එන්න කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය ඇයි? රටට අවාසි උනත් තමන්ට වාසි නිසා. ආණ්ඩුව ජනාධිපතිවරණයේ දී ඉතිහාසයේ නොවූ විරූ පරාජයක් ලබන නිසා ඒ ප්‍රතිඵලය දැකලා මානසිකව වැටෙන පාක්ෂිකයා පොහොට්ටුව අත්හැර ගියාම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී එජාපයට අත් වුණු ඉරණම පොහොට්ටුවටත් අත් වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය ජනපතිවරණය දිනන පක්ෂය යටතේ තිබෙන පසුබිමක. එවිට රාජ්‍ය බලය තමන්ගේ වාසියට යොදා ගන්න පොහොට්ටුවට බැරි වෙනවා. මෙන්න මේ කාරණා නිසා තමයි පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණය කලින් ඉල්ලන්නේ. නමුත් ජනපති කළ යුත්තේ රටට වාසි දේ මිස පොහොට්ටුවට වාසි දේ නොවේ.
ප්‍රශ්න සහ පිළිතුරු
ප්‍රශ්නය
හිත් රිදීම් තිබුණා තමයි. නමුත් අපත් සමග සිටි අයට අප නැවත ආරාධනා කරනවා. ඒහෙම තමයි පොහොට්ටුවේ නව ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්තයා නම් කියන්නේ. ඔබතුමන්ලාට ආරාධනා ලැබුණද ? ඔබතුමන්ලා පොහොට්ටු හා එක්වෙන්න ලෑස්තිද?
පිළිතුර
ඇල්බට් අයිස්ටයින් කියනවා එකම පරීක්ෂණය එකම කොන්දේසි යටතේ නැවත නැවත සිදු කරමින් වෙනත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබට හොඳටම පිස්සු කියලා.. අපිට එහෙම පිස්සුවක් නෑ. නැවත නැවත රාජපක්ෂලා පරීක්ෂාවට ලක් කරන්න තරම් අපිට පිස්සුවක් නෑ.
ප්‍රශ්නය
බැසිල් රාජපක්ෂ මහත්මයා නම් කියන්නේ පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළු සියලුම පක්ෂ එකට එකතු වුණොත් තමයි රටට හෙටක් තියෙන්නේ කියලා. ඒක එහෙමද?
පිළිතුර
ඒගොල්ලෝ ඔය කතා කරන්නේ රටේ හෙට ගැන නෙවෙයි ඒගොල්ලන්ගේ හෙට ගැන.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..