
වර්ෂාව දැඩි වෙයි... දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අනතුරු ඇඟවීම්... ගිං ගඟත් පිටාර ගලයි
ඇදහැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රදේශ කීපයකම ගංගා පිටාර මට්ටමට පැමිණ තිබේ.
ඇතැම් ප්‍රදේශයන්හි මෙම තත්ත්වය සුළු ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද පවතිනු ඇති බැවින් ගංවතුර තත්වය තවත් වර්ධනය වීමේ අවදානමක්ද මතුව තිබේ.
රත්නපුර ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගෙඟ් ජල මට්ටම ඉහළ ගොස් ඒ ආසන්න පහත් බිම් ජලයෙන් යටවී ඇත.
කළුතර දිස්ත්‍රික්කයේද කුඩාගඟ පිටාර ගැනීම මත මාර්ග කිහිපයක් ම ජලය යට වී ඇත.
මේ අතර, ගිං ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට ලැබෙන අධික වැසි තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ වැලිවිටිය-දිවිතුර, බද්දේගම, නියාගම, නෙළුව, තවලම, අක්මීමන, නාගොඩ, ඇල්පිටිය සහ බෝපේ පොද්දල ප්‍රදේශවලට මෙලෙස ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවය.
මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 7ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර තිබේ.
ඒ අතරින් දිස්ත්‍රික්ක 3ක් සඳහා ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් කර ඇත.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයට ද මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රදේශයටද, මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශවලටද, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රදේශයට ද මෙලෙස ඇම්බර් වර්ණයෙන් යුතු නිවේදන නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවී ඇති බවය.
වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩාවැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලාබැසීමේ සහ පස් කණඩි කඩාවැටීම් අවදානම් පිළිබඳව අවධානයෙන් සිට අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථාන වෙත යාමට සූදානමින් පසුවන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
