
අති තීව්‍ර මන්දපෝෂණ දරුවන් සිටින දිස්ත්‍රික්ක අතරට ගම්පහ හා කොළඹත් එක්වෙයි... වාර්ෂික දරු උපත් ප්‍රමාණයත් පහළට
අති තීව්‍ර ළමා මන්දපෝෂණ සහිත දරුවන් සිටින දිස්ත්‍රික් අතරට ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කද පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවී තිබේ.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ අති තීව්‍ර ළමා මන්ද පෝෂණය සහිත දරුවන් 1439 දෙනකු හා කොළඹ දිස්ත්‍රික්කයේ එවැනි මන්ද පෝෂණ දරුවන් 320 දෙනකු හඳුනාගෙන ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි මහතා පවසයි.
කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ හා මැද කොළඹ මේ තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද එහිදී වාර්තා වූ අතර, ඉකුත් ජුලි මස කළ සොයා බැලීමකදී ප්‍රසූතියෙන් පසු දරුවන් 18,948 දෙනෙකගේ බර පරීක්‍ෂා කළ බවද වෛද්‍ය රුවන් විජේමුණි මහතා එහිදී පැවසීය.
මෙරට වාර්ෂික දරු උපත් ප්‍රමාණය තුන්ලක්‍ෂ පනස්දහසක් පමණ වන මුත් දරු උපත් ප්‍රමාණය පසුගිය වසරේ දී දරු උපත් තුන්ලක්‍ෂ හාරදහස් පන්සීය දක්වා පහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
