
මෝදි මැතිවරණයට වැඩ අල්ලයි
මිලියන 180ක් සාමාජිකයන් සහිත භාරතීය ජනතා පක්ෂය 2024 මැතිවරණ සටන සඳහා ප්‍රචාරක මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තුන් වැනි වරටත් භාරතයේ පාලන බලය හිමි වේ දැයි ලෝකයම අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ.
සිය මැතිවරණ ප්‍රචාරක වැඩසටහනේ මූලික පියවරක් ලෙස භාරතීය ජනතා පක්ෂයේ ස්වෙච්ඡා ක්‍රියාකාරීන් 18,000ක් ලබන ජනවාරි මාසය වනවිට සිය ආධාරකරුවන් මිලියන 35ක් මුහුණට මුහුණ ලා හමු වී පක්ෂය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.
එහි දී එක් ක්‍රියාකාරිකයකු අවම වශයෙන් ආධාරකරුවන් 2000ක් වත් හමු වෙතැයි අපේක්ෂා කෙරේ.
භාරතීය ජනතා පක්ෂයේ එවැනි එක් ස්වෙච්ඡා ක්‍රියාකාරිකයකු රොයිටර්ස් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, විරුද්ධ පක්ෂ, නිවසක් පාසා ප්‍රචාරක කටයුතු සඳහා පැමිණීමට පෙර, හැකිතාක් නිවෙස්වල දොරට තට්ටු කිරීම තමන් ගේ අරමුණ බවයි.
දශකයකට ආසන්න කාලයක් ඉන්දියාවේ නායකත්වය දරා ඇති අගමැති මෝදි රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීමටත්, යටිතල පහසුකම් ව්‍යාපෘතිවල විශාල වශයෙන් ආයෝජනය කිරීමට පියවර ගැනීමත් සුබසාධක ප්‍රතිසංස්කරණ සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත් සමත් වී ඇති බව එරට ජනයාගේ විශ්වාසය වී ඇති බව ද වාර්තා වේ.
උද්ධමනය ඉහළ යාම, විරැකියාව සහ අසමාකාර ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ඡන්ද දායකයන් අතර යම් කුකුසක් පැවතුණත්, දැනට සිදු කර ඇති ජනමත සමීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, ලබන අප්‍රේල් හෝ මැයි මාසවල පැවැත්විය හැකි ඉන්දීය මහ මැතිවරණයේ දී අගමැති මෝදි ගේ භාරතීය ජනතා පක්ෂ සන්ධානය තුන් වැනි වරටත් ජයග්‍රහණය කිරීමට සමත් වනු ඇති බවයි.
ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට මෙන්ම ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය වන ඉන්දියාවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය ලෝකයේ විශාලතම දේශපාලන පක්ෂය ලෙස ද සැලකෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
