
දයාසිරිගෙන් නිදහසට කරුණු විමසා නිකුත් කළ මෛත්‍රීගේ ලිපියට පැනවූ අතුරු තහනම් නියෝගය ඉවතට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතානගේ මහතා නියෝග කර තිබේ.
ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයේ පෙනී සිට මෝසමක් මගින් නඩුව කැඳවන්නැයි කළ කරුණු දැක්වීම සළකා බැලීමෙන් අනතුරුවයි.
නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට පක්ෂයේ විනය කඩකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලිපියට අනුව පියවර ගැනීම වළක්වාලමින් එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යොමුකළ ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කෙරුණේ පසුගිය 21 වනදායි.
කෙසේ වෙතත් අද නඩුව කැඳවූ අවස්ථාවේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, අධිකරණයෙන් එම නියෝග ලබාගෙන ඇත්තේ සත්‍යය කරුණු වසන් කර බවයි.
යමෙකු අධිකරණය හමුවේ නියෝගයක් ගැනීමට පැමිණෙන විට පිරිසිදු දෑතින් පැමිණිය යුතු බවත් ඔහු එසේ කටයුතු කර නොමැති බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මෙහිදී පෙන්වා දී තිබේ.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා මෙම වාරණ නියෝගය විසුරුවා හැරීමට නියෝග කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
