News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවෙන් හම්බකර ඇමරිකාවේ වියදම් කරන ප්‍රකට සංචාරකයෙකු ගැන ගම්මන්පිල හෙළිකරයි

Mar 5, 2024 at 06:36 AM
|

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කර ගැනීමේ දී කතානායකතුමන් තමන් කෙරෙහි පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරණය, මෙන්ම ව්‍යවස්ථාව තැබූ විශ්වාසය ද අමු අමුවේ උල්ලංඝණය කර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

කතානායක විශ්වාසය බින්ඳේ මෙහෙමයි

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත සම්මත කර ගැනීමේ දී කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයට පටහැනිව කටයුතු කිරීම නිසා එතුමාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා. කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය අමු අමුවේ උල්ලංඝණය කළ නිසා අපි ඒකට පක්ෂව ඡන්දය දෙනවායි විපක්ෂයේ මන්ත්‍රිවරු කියනවා. නෑ. නෑ. කතානායකතුමා එහෙම උල්ලංඝණය කිරීමක් කරලා නැති නිසා අපි එතුමාව රකිනවා කියලා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් කියනවා. කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය උල්ලංඝණය කළා කියලා විපක්ෂයේ හැමෝම කිව්වත් උල්ලංඝණය කලේ කොහොමද කියලා කවුරුත් කියන්නේ නෑ. ඇත්තටම කතානායකතුමා උල්ලංඝණය කලේ කොහොමද කියලා අපි සොයා බලමු.

පනත් කෙටුම්පතේ 11(ඈ) වගන්තියේ සඳහන් ආකාරයට තහනම් ප්‍රකාශයක් ජනතාව දකින එක වැලැක්වීමට පියවර ගන්නා ලෙස අන්තර්ජාල සේවා සපයන්නන්නට කොමිසම විසින් නියෝග කරන්න පෙර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තිබෙනවා. නමුත් ඒ සංශෝධනය පනතට ඇතුළු කරලා නෑ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 27(6) වගන්තිය ඇතුළු සෑම තැනකම සතියක් කල් දීලා තිබෙන තැන් වල දී සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයකට ඒක සංශෝධනය කරන මෙන් උපදෙස් දීලා තිබුණත් ඒකට අනුගත වෙලා නෑ. මේ අවස්ථා ගණනාවක් පනත පුරා දකින්න පුළුවන්.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් ලබා දෙන්නේ නිර්ණයක් මිස නියෝගයක් නොවේ. ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන් කාරණා පහක් පමණයි.

1) මේ වගන්තිය ව්‍යවස්ථාවට අනුකූලයි. සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්.

2) මේ වගන්තිය ව්‍යවස්ථාවට පටහැනි නිසා තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් සම්මත කරන්න ඕනි.

3) මේ වගන්තිය ව්‍යවස්ථාවට පටහැනි නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ විශේෂ බහුතරයකින් අනුමත කරනවාට අමතරව ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කරන්න ඕනි.

4) මේ විධියට වගන්තිය සංශෝධනය කලොත් සාමාන්‍ය බහුතරයෙන් අනුමත කර ගන්න පුළුවන්.

5) මේ විධියට වගන්තිය සංශෝධනය කලොත් ජනමත විචාරණය වෙනුවට තුනෙන් දෙකේ විශේෂ බහුතරයෙන් පමණක් අනුමත කර ගන්න පුළුවන්.

ආණ්ඩුවට තමන්ගේ පනත ගෙනාපු විධියටම සම්මත කර ගන්න ඕනි නම් තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කර ගන්න ඕනි. තුනෙන් දෙක වෙනුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත කර ගන්න නම් ශ්‍රේෂ්ඨාධිකරණය කියපු සංශෝධන කරන්න ඕනි. නමුත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත ආණ්ඩුව සම්මත කර ගත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළ සංශෝධන නොකර ඒත් සාමාන්‍ය බහුතරයෙන්. දොං නම් දොං. සිමං නම් සිමං. දොං සිමං දෙකක් බෑ.

ඒ අනුව තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කරන්න අවශ්‍ය වගන්ති සාමාන්‍ය බහුතරයෙන් සම්මත කිරීම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කිරීමක්. ආණ්ඩුව විසින් පනත් කෙටුම්පතක් එලෙස සම්මත කර ගත්තම ඇයි කතානායකට එරෙහිව විශ්වාස භංග ගේන්නේ. මේ සම්මත කරගැනීම් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණවලට පටහැනී කියලා විපක්ෂය පෙන්වා දුන්නම කතානායකවරයා ඒවා නොසලකා සම්මත කරගන්න ඉඩ ලබාදුන්නා. යම් පනත් කෙටුම්පතක් නීතියක් වෙන්න ව්‍යවස්ථානුකූලව සම්මත වුණු බවට කතානායක විසින් අත්සන් තබා සහතික කරන්න ඕනි. ව්‍යවස්ථානුකූලව සම්මත වුණු බවට පෙබරවාරි 1 දා කතානායක සහතික කර අත්සන් තැබුවා. ඒ අනුව කතානායකතුමන්ට එයට වග කියන්න වෙනවා. අපේ ව්‍යවස්ථාවේ 83වන වගන්තියේ කියනවා නීතියක් සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය අධිකරණය ඉදිරියේ අභියෝග කරන්න බෑ කියලා. මෙවැනි නීතිවිරෝධී විදිහට පනත් සම්මත කල අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දැම්මාම අපිට නීති සම්පාදනයට මැදිහත් වෙන්න බෑ කියන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අරගෙන තිබෙනවා. මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙනුත් පෙත්සමක් ඉදිරිපත් වුනා. ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාවේ 83වන වගන්තිය උපුටා දක්වමින් මෙම පෙත්සම විභාගකිරීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රථික්ෂේපකලා.

අපේ රටේ ව්‍යවස්ථාවේ කතානායකවරයා ගැන අනුපමේය විශ්වාසයක් තියලයි තියෙන්නේ. අපේ රටේ බැරිවුනාට අසල්වැසි ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල පනත් කෙටුම්පතක් සම්මත වූ පසුවද එහි ව්‍යවස්ථානුකූලත්වය ගැන අධිකරනය ඉදිරියේ අභියෝගයට ලක් කරනන් පුළුවන්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ මතය ලිඛිතව එව්වේ කතානායකටයි.

ඒ අනුව කතානායකතුමන් තමන් කෙරෙහි පාර්ලිමේන්තුව තැබූ විශ්වාසය, ශ්‍රේෂ්ඨාධිකරණය තැබූ විශ්වාසය, වගේම ව්‍යවස්ථාව තැබූ විශ්වාසය අමු අමුවේ උල්ලංඝණය කර තිබෙනවා. අන්න ඒ නිසා තමයි කතානායකට එරෙහිව විශ්වාස භංග යෝජනාව සාධාරණ වෙන්නේ.

ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය

රජයට තෙල් මිල අඩුකිරීමේ හැකියාවක් දැන් පවතිනවාද?

පිළිතුර

2007 සිට සහන මිලට තෙල් දීමෙන් සිදුවූ පාඩුව වර්තමානයේදී අයකරගන්න ආණ්ඩුව උත්සහ දරණවා. ඉන්ධණ කියන්නේ රටේ ජීවනාලිය බදුයි. ඉන්ධණ මිල ඉහලයාමත් එක්ක නිශ්පාදන පිරිවැය ඉහල යනවා. අපේරටේ නිපදවන භාණ්ඩවලට ලෝක වෙළද පොලේ තරගකරන්න අසීරු වෙනවා. තෙල් සංස්ථාව ලාභ ලබනවා මුළු ආර්ථිකයම කඩා වැටෙනවා. තෙල් සංස්ථාව විදුලිබල මණ්ඩලය අධික ලෙස ලාභ ඉපයීම අවශ්‍ය නෑ. තෙල් මිල අනිවාර්යෙන්ම අඩුකල හැකි වගේම අඩුකල යුතුයි.

ප්‍රශ්නය

බැසිල් රාජපක්ෂ මහත්තයා ලංකාව එන්නේ නම් මහ මැතිවරණයකට සංවිධාන කටයතු කරන්නලු. ඒ ගැන ඔබතුමා මොකද හිතන්නේ.

පිළිතුර

ඇමරිකානු ජාතියෙක් වෙච්ච එතුමා ලංකාවේ සංචාරයකට එනවා. සංචාරකයන් පැමිණීම ගැන මම සතුටු වෙනවා. ඇමරිකාවේ හම්බකරලා මෙහේ වියදම් කරන සංචාරකයන්ට තමයි අපි කැමති. හැබැයි ලංකාවේ හම්බකරලා ඇමරිකාවේ වියදම් කරන සංචාරකයෙකුගේ පැමිණීම ගැන අපි එතරම් සතුටු වෙන්නේ නෑ.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව
පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.
2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.
ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන මිය ගිය බව වතිකානුවේ භාන්ඩාගාර දෙපාර්තමේන්තුවේ කාදිනල් කෙවින් ෆෙරෙල් නිවේදනය කළේය.
පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය
1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.
"සිරි දළදා වන්දනාව" සිව්වන දිනය අදයි (21) සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රධාන පුවත්

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.