මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
හිරු බලය වැඩසටහනට එකතු වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, බන්ධනාගාර නියෝගවලට අනුව සිරකරුවෙකු උසාවියට ඉදිරිපත් කිරීමේදී ඔහු පෙර ඇඳීමට පුරුදු වූ ඇඳුම (භික්ෂූන් වහන්සේ නමක් නම් චීවරය) ලබා දිය යුතු අතර, ඒ සඳහා කිසිදු නීති සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි. මහනායක හිමිවරුන් ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ අදාළ අංශ වෙත ලිඛිතව දන්වා ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
වර්තමාන රජය විවිධ බලවේගවල උවමනා එපාකම් ඉටු කරන "නියෝජිත ආණ්ඩුවක්" (Proxy Government) ලෙස ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, ඉන්දියාව ඇතුළු රටවල් සමඟ අත්සන් කර ඇති ආරක්ෂක සහ වෙළඳ ගිවිසුම් හරහා රට බරපතල අර්බුදයකට හා "දාස රාජ්‍යයක්" වැනි තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවට චෝදනා කළේය.
විශේෂයෙන්ම ඉන්දියාව සමඟ අත්සන් කර ඇති සහ අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හරහා මෙරට ආරක්ෂක ක්ෂේත්‍රයට, ඛනිජ සම්පත්වලට සහ පුරවැසියන්ට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ඔහු මෙහිදී දීර්ඝ වශයෙන් අනාවරණය කළේය.
අනුරාධපුර පූජා භූමිය ඇතුළු ඓතිහාසික ස්ථානවල උරුමයට හානි වන අයුරින් සහ පුරාවස්තු ආඥා පනත සංශෝධනය කරමින් ජාතික උරුමයන්ට බලපෑම් ඇති කිරීමට උත්සාහ දරන බවද හෙතෙම පෙන්වා දුන්නේය. බෞද්ධ සංස්කෘතිය හා මහා සංඝරත්නයේ බලය බිඳවැට්ටවීමේ ක්‍රමානුකූල සැලසුම් මේ පිටුපස ක්‍රියාත්මක වන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්