News Category
From Date
To Date
Maximum Number of Result

online පනතේ බලතල ගැන ඇමැති ටිරාන් අලස් කියයි

Jan 24, 2024 at 07:35 AM
|

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී මෙසේ අදහස් පල කරන ලදී.

"මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත පසුගිය ගිය ඔක්තෝබර් මාසයේ මා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා. ඒවාද සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට සංශෝධන කිහිපයක් එක් කර අනුමැතිය ලබාදී තිබෙනවා. තවදුරටත් ඊට අවශ්‍ය සංශෝධන සිදුකිරීම සඳහා ජාත්‍යන්තර ආයතන ඇතුළු ආයතන රාශියක්, සහ සිවිල් සංවිධාන රාශියක් අප සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවා. කමිටුවක් වශයෙන් මුළු පනත පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක අප නිරත වුණා. සියලුම ජාත්‍යන්තර සංවිධාන වලිනුත් ඔවුන්ගේ නිර්දේශයන් ලබාදෙන ලෙස අප ඉල්ලා සිටියා. ඉන් අනතුරුව අමාත්‍යාංශ ලේකම්තුමා පොලිසියේ නීති අංශයේ නියෝජ්‍ය පොලිස්පතිතුමා සිංගප්පූරුවේදී මේ සියලූම ආයතන වල නියෝජිතයින් සමඟ තිදින සාකච්ඡාවක නිරත වුණා. දෙසැම්බර් 31 වනදා වන විට ඔවුන්ගේ නිර්දේශ අප වෙත ලබාදීමට ඔවුන් එකඟ වුණා. දෙසැම්බර් 31වනි දිනට එම නිර්දේශ ලබාදීමට නොහැකි වුවත් ජනවාරි අටවෙනිදා ඔවුන් එම නිර්දේශ අප වෙත ලබා දුන්නා.

ඒ අනුව ජනවාරි 12වන දා අප අමාත්‍යාංශයේදී පැය කිහිපයක සාකච්ඡාවක් මේ පිළිබඳව පැවැත්වුණා. ඊට සිංගප්පූරුවේ සිට පැමිණි නියෝජිතයකු ද සහභාගි වුණා. එමෙන්ම එම සාකච්ඡාවන් සම්බන්ධීකරණය කළ මෙරට නියෝජිතයින් ද ඊට එක්වුණා. එහිදී ඉදිරිපත් වූ සියලු යෝජනා පිළිබඳවද අවධානය යොමු කරමින් ඇතුලත් කළ හැකි සහ ඇතුළත් කළ නොහැකි කරුණු පිළිබඳව එකඟතාවයකට එළඹුණා. නමුත් මෙම යෝජනා මෙම අවස්ථාවේ ඊට ඇතුළත් කළ නොහැකි බවත්, එම යෝජනා වෙනම ඉදිරිපත් කළ යුතු බවත් නීතිපතිතුමා විසින් අප වෙත දැනුම් දුන්නා. ඒ අතරින් ඇතැම් යෝජනා නීතිපතිතුමාගේ උපදෙස් මත ඊට ඇතුළත් කිරීමේ හැකියාව ලැබුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝග වලට සහ නීතිපතිතුමාගේ උපදෙස් වලටද අනුකූලව ඇතුලත් කළ හැකි යෝජනාද සමඟ පනත මේ ආකාරයෙන් ඉදිරිපත් කර ඡන්දය අවසන් වීමෙන් අනතුරුව අලුතෙන් ඉදිරිපත් වූ යෝජනා සියල්ල ඊළඟ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වනවා. පසුව සංශෝධන ලෙස පනතට එය ඇතුළත් කිරීමට සියලු දෙනා එකඟතාවය පළ කර තිබෙනවා.

මේ වන විට පාර්ලිමේන්තුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයෙන් ප්‍රහාර එල්ල වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය භාවිතයෙන් වංචා සිදුකිරීම, අන් අයකු වෙනුවෙන් පෙනී සිටිමින් වංචා සිදුකිරීම, කැරැල්ලක් ඇතිවන ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර සන්නිවේදනය කිරීම, ළමා අපචාර සහ කාන්තා හිංසනය, ආගමික සහජීවනයට බාධා කිරීම, අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම මගින් ජාතික ආරක්ෂාවට, නීතිය හා සාමයට, ආර්ථිකයට තර්ජනයක් වන විට ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම, ආගමික හා සංස්කෘතික ගැටුම් නිර්මාණය වීම වැනි අංශ සමස්තයක් ලෙස මේ පනතින් ආවරණය කරනු ලබනවා.

මෙහිදී ළමා අපචාර සහ කාන්තා හිංසනය පිළිබඳ මාගේ විශේෂ අවධානය යොමු වනවාවා. සමාජ මාධ්‍ය හරහා අපේ රට තුළ ළමා අපචාර හා කාන්තා හිංසන විශාල ප්‍රමාණයක් සිදුවනවා. ඝාතන සිදුව තිබෙනවා.ස්ත්‍රී දුෂණ සිදුව තිබෙනවා.

2023 වසරේ අන්තර්ජාලය ඔස්සේ සිදුකල අපරාධ සම්බන්ධව පැමිණිලි අට දහසකට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා.ලිංගික හිරිහැර කිරීම් පිලිබඳ පැමිණිලි 669ක්.නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කිරීම පිලිබඳ පැමිණිලි 506ක්. පසුගිය වසරේ පමණක් නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචලිත කර තිබෙනවා.අප මේ පනත ඉදිරිපත් කරන්නේ අපහාස කිරීම්, සයිබර් හිරිහැර කිරීම්,තර්ජනය කිරීම්,රාශියක් මෙන්ම ජාතික ආරක්ෂාවට බලපාන සිද්ධීන් 88ක්, මුදල් වංචා කිරීම් 457ක්,දත්ත සොරකම් කිරීම් 547ක් ආදී ක්‍රියාකාරකම් රාශියක් අතරේයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට කිසිඳු පදනමකින් තොර චෝදනා එල්ල කිරීමට ඇතැමුන් සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය අපට දක්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන වංචා කිරීම් පිළිබඳ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද මා වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙනවා.මේ සියල්ල පාලනය කිරීම උදෙසා යම් යම් නීතී රීති අවශ්‍ය වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලැබුණු ඉහත පැමිණිලි මෙන්ම පොලිස් කාන්තා සහ ළමා අංශය වෙත ද පැමිණිලි දහස් ගණනක් ලැබී තිබෙනවා.

මෙම පනත ගෙන ඒමේ අරමුණ මාධ්‍ය මර්ධනය කිරීම හෝ ප්‍රතිවාදීන්ට පහර එල්ල කිරීම හෝ නොවෙයි.මේ වෙනුවෙන් විශේෂඥ දැනුම සහිත පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ජනාධිපතිතුමා විසින් පත්කරනු ලැබුවා. තොරතුරු තාක්ෂනය, නීතිය, සමාජ සේවා,පාලනය, මාධ්‍ය කලාව, කළමනාකරණය ආදී විෂය ක්ෂේත්‍ර පිලිබඳ ප්‍රවීණයන් ඒ වෙනුවෙන් තෝරා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් අප ඉල්ලා සිටියා. එලෙස නම් කළ පුද්ගලයින් ව්‍යවස්ථා සභාවෙන්ද අනුමත කළ යුතුයි. එම නිසා මෙම කමිටුව තුළින් අපේ පුද්ගලික අවශ්‍යතාවන්ට අනුව එකිනෙකාට ප්‍රහාර එල්ල කිරීමට හැකියාවක් පවතී යැයි මා විශ්වාස කරන්නේ නැහැ.

එම කොමිසමට පැමිණිල්ලක් ලැබූ අවස්ථාවක අන්තර්ජාලය සහ අනෙකුත් සමාජ ජාලා ඔස්සේ සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාරයන් ඉවත් කිරීම සඳහා හෝ ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අදාල ආයතන වලින් ඉල්ලීමක් සිදු කළ හැකියි. එසේ නොවූවහොත් කොමිසම මහේස්ත්‍රාත් උසාවිය ඉදිරියේ පෙනී සිටිය යුතු වනවා. ඒ පිළිබඳව වන වගන්තිය කිසිදු වෙනස් කිරීමකින් තොරව ඒ ආකාරයෙන්ම මේ තුළ පවතිනවා. මේ සියල්ල සිදුකිරීමේ අරමුණ රටේ ළමා පරපුර සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමයි. එම නිසා දූ දරුවන් සිටින සහෝදරියන් සිටින බිරින්දෑවරුන් සිටින කිසිවෙකු මීට විරුද්ධ නොවනු ඇති බව මා විශ්වාස කරනවා. මෙහි සිටින බොහෝ දෙනෙකුට, තමන්ට හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින්ට සමාජ මාධ්‍ය ඔස්සේ මොනයම් ආකාර හෝ පීඩා පීඩාවන්ට මුහුණ දීමට සිදුව තිබෙන බව මා විශ්වාස කරනවා. එම නිසා රට වෙනුවෙන් සිතමින් මේ පනත සම්මත කර ගැනීමට සහයෝගය දක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පසුගිය නිල සංචාරයට සමගාමිව ශ්‍රි ලංකා රජය සහ ඉන්දීය රජය සමග අත්සන් කල ගිවිසුම් හතක් අභියෝගයට ලක්කරමින් දේශප්‍රේමි ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන හයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා.
යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරුම් අද දිනයේ උතුරු පළාතේ පවත්වා ඇති අතර, ඒ සඳහා සැලකිය යුතු පිරිස් සහභාගිත්වයක් දක්නට ලැබුනු බව වාර්තා වේ.
මෙවර රණවිරු සැමරුමට ආරජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ ඉතා අවම වශයෙන් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කළ රණවිරුවෝ තවමත් ජීවත් වන බවත් ජාතික රණවිරු බලවේගය පවසයි.
රණවිරු සැමරුම දියාරු කරන තැනට අද පත්ව ඇති බවත්, රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන් අද අමතක කර දමා ඇති බවත් විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.
කොටි ත‍්‍රස්තවාදය පරදා වසර 16ක් ගෙවීම නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
වසර 16 ක් සපිරුණු මවුබිමේ ව්‍ජයග්‍රහණය නිමිත්තෙන් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය සඳහන් කරන්නේ මවුබිමේ බෙදුම්වාදී කුරිරු යුද්ධය නිමාකරන්නට ඇප කැපවූ රණවිරුවන් ඇතුළු සියලුදෙනාට ප්‍රණාමය පුදකර සිටින බවත්, ඒ වෙනුවෙන් පැවැත්වෙන පුණ්‍යානුමෝදනා පිංකම අද(18) සවස 5ට කඩුවෙල, වැලිවිට ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙන බවත් ය.
ජාතික රණවිරු සැමරුම් උත්සවය සඳහා විශ්‍රාමික රණවිරුවන් සහභාගි කරවීම සම්බන්ධයෙන් රණවිරු සේවා සහ පුණුරුත්තාපන අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ලිපියක් නිකුත් කරමින් පවසන්නේ රණවිරු සේවා අධිකාරිය මගින් දන්වා ඇත්තේ මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන්, රණක්ෂියට පත් රණවිරුවන් හා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පමණක් මෙම අවස්ථාවට සම්බන්ධ කරන ලෙස බවයි.
යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.