
සුදුලූණු වංචාව සිදුකල සමාගම මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් ගෙන්වලා - පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දීමේ සූදානමක් ඇති බවත්, මහා පරිමාණ සුදුලූණු වංචාව සිදුකල සමාගම විසින් මෙම සහල් ආනයනය කර ඇති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ බව සඳහන් කර තිබේ.
අදාළ මාධ්‍ය නිවේදනය පහළින්...
මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දීමේ සූදානමක්! පාරිභෝගික ජීවිත අනතුරේ
මහා පරිමාණ සුදුලූණු වංචාව සිදුකල සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වරායෙන් මුදා ගැනීම සදහා අනුමැතිය ලබා දීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අද දින 2024/01/19 දින හදිසියේ කැදවා ඇත. මෙම මස 29 දිනට ආසන්න දිනකදී කැදවීමට නියමිතව තිබූ පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අද දින කැදවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ අදාල සමාගමට එම සහල් තොගය මුදා ගැනීම සදහා සහයෝගය ලබා දීමට බව අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකදී තහවුරු විය.
සත්ව ආහාර සදහා ලබා දීමට මුවා වී අදාල සහල් තොග මුදා ගෙන එම සහල් වෙළදපොලේ ඇති සහල් සමග කවලම් කර අලෙවි කරන ජාවාරම්කරුවන් අදාල සිදුවීම පිටුපස සිටින බවට අප සංවිධානය සැක කරන අතර සත්ව ආහාර සදහා මීට පෙරද එලෙසම සහල් මුදාගෙන ඇති පළපුරුදු තැරැව්කරුවෙකු පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයෙකු සමග එකතු වී මෙම ජාවාරම සිදු කරන බවට සැකයක් අප තුළ ඇති වී ඇත.
මෙරට පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති එකම ආයතනය වන පාරිභෝගික කටයුතු අධිකාරිය මෙලෙස අනීතික ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය පළ කරන අතර ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව නොතකමින් කිහිපදෙනෙකුගේ බඩගෝස්තරය රැක ගැනීම සදහා කටයුතු කිරීම සම්බන්ධයේන නීතිඥයෙකුද වන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ලැජ්ජා විය යුතුය.
දිනකට විශාල පිරිසක් පිළිකාවට ගොදුරු වී අපා දුක් විදිද්දී රාජ්‍ය ආයතනයක සේවය කරමින් ජනතාවගේ මුදලින් නඩත්තුවන පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයින්හට අපට පැවැසීමට ඇත්තේ මෙවැනි ක්‍රියාවලට අනුමැතිය ලබා දෙන්නේ නම් පසුව කණගාටුවීමට සිදුවන බවය.
සත්ව ආහාර සදහා සහල් ලබා දීම තහනම් කරමින් ගැසට්පත්‍රයක් ද නිකුත් කර ඇති අවස්ථාවක හා කිසිම හේතුවක් මත සහල් වෙනත් කාර්යයන් සදහා යොදා ගැනීම නොකල යුතු බවට වෙළද අමාත්‍යාංශය විසින් ලිඛිතව දන්වා සිටියදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සහල් තොගය මුදා ගැනීම සදහා අවසරය ලබා දීමට කටයුතු කරන්නේ නම් එම ගණුදෙනුව පිළිබදව සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැක.
අප සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් වෙළදපොලතුළට මුදා හැරීම සදහා කිසිසේත්ම අවසරය ලබා නොදෙන ලෙසය. එසේ මුදාහල සහල් මීට ඉහතදී වෙනත් සහල් සමග කවලම් කල අලෙවි කිරීමේ ජාවාරම් පසුගිය කාලය පුරා ක්‍රියාත්මක වූ අවස්ථා පිළිබදව අප රජයේ අවධානය යොමු කරමු.
රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
