
රුසියාවෙන් ශ්‍රී ලංකාවට නොමිලේ සූරියකාන්ත තෙල්
රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.
එම පරිත්‍යාගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශව ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
2023 දෙසැම්බර් මස 30 වනදා සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 117.3ක් සහ 2024 ජනවාරි 04 වනදා තෙල් මෙට්‍රික් ටොන් 13.1ක් රුසියානු රජයෙන් මෙරටට ලබාදීම සිදු වූ අතර එම සමස්ත පරිත්‍යාගය වන තෙල් මෙට්‍රික් ටොන් 130.41කට අදාළ පරිත්‍යාගය මෙලෙස නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත භාරදීම සිදු විය.
මේ අතර මෙම වැඩසටහනේ පළමු අදියර ලෙස 2023 ජූලි 04 වනදා ද සූරියකාන්ත තෙල් මෙට්‍රික් ටොන් 351.9ක ප්‍රමාණයක් රුසියානු සමූහාණ්ඩුවෙන් ශ්‍රී ලංකාවට ලබා දී තිබිණි.
හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන යටතේ මෙම පරිත්‍යාගය සිදු කර තිබෙන අතර දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක් විය හැකි පවුල් වෙත මෙම පරිත්‍යාගය සෘජුවම යොමු කරනු ලැබේ. විශේෂයෙන්ම මඩකලපුව, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පවුල් 8625ක් වෙත මෙහි ප්‍රතිලාභ හිමිවනු ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝගයන්ට මුහුණ පා සිටින ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ මෙම සාමූහික ප්‍රයත්නය රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර වන ජාත්‍යන්තර සම්බන්ධතාවයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබේ.
රුසියානු සමූහාණ්ඩුවේ මෙරට තානාපති ලෙවන් එස්. ඩගයරාන් මහතාද, ලෝක ආහාර වැඩසටහනේ මෙරට අධ්‍යක්ෂ ජෙරාඩ් රෙබෙලෝ මහතා ඇතුළු එහි නිලධාරීන් සහ ජනාධිපති අතිරේක ලේකම් වර්නන් පෙරේරා, විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අමීර් අජ්වාඩ්, කොළඹ ලෝක ආහාර වැඩසටහන් සහයෝගීතා පාර්ශ්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එච්.ඒ.එම්. රිෆ්ලාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
