News Category
From Date
To Date
Maximum Number of Result

සමලිංගික, ස්ත්‍රී, පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා - ගීතා කුමාරසිංහ

Jan 13, 2024 at 07:18 AM
|

දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේ දී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

යෝජිත ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) මඟින් ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මෙසේ ද පැවසුවාය,

“120,000 ක් වන පෙර පාසල් දරුවන්ට පූර්ණ ආහාර වේලක් උදෑසනට ලබාදීම අපට තිබුණු විශාල අභියෝගයක් වූණා. දැනට එම දරුවන් සඳහා වෙන්ව ඇති රුපියල් 60ක මුදල රුපියල් 100ක් දක්වා වැඩිකර දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ලංකාවේ ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙලෙන බැවින් ප්‍රෝටීන් සහිත පෝෂණීය ආහාර වේලක් ලබාදීමට අප සැලසුම් කරනවා.

ඒ අනුව දිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමට මෙම වසරේදී කටයුතු කරනවා. එම වැඩසටහන දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි ක්‍රියාත්මක කටයුතු කරනවා. වතු නොවන පෙර පාසල් දරුවන් 120,000 ක් පමණ සිටිනවා. එමෙන්ම වතු පෙර පාසල් දරුවන් 35,000 ක් සිටිනවා. ඒ අනුව මුළු ප්‍රතිලාභින් සංඛ්‍යාව 155,000ක් වනවා.

ඒ වගේම ගර්භණී මව්වරුන් සඳහා වන පෝෂණීය ආහාර මල්ලක් ලබාදීමට කටයුතු කරනවා. ගර්භනී මව්වරුන් 220,214 ක් සඳහා මසකට රුපියල් 4,500 බැඟින් මාස 10 ක් සඳහා පෝෂණ ආහාර මල්ලක් ලබා දීමට අප මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

ඒ වගේම පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යටතේ ලියාපදිංචි පෙර පාසල් ගුරුවරියන් 18,333ක් සිටිනවා. ඔවුන් සඳහා වැටුපක් ලබාදිය යුතුයි. පෙර පාසල් ක්ෂේත්‍රයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ පෙර පාසල් ගුරුවරියන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් මාසිකව රු 2500ක දීමනාවක් දැනට ලබා දෙනවා. එම මුදල ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බැවින් එම මුදල් තවදුරටත් වැඩිකළ යුතුව තිබෙනවා.

ඒ වගේම අප අමාත්‍යාංශය විසින් ළමා හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් නව පනත් 03ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඒ අනූව, ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා පනත් කෙටුම්පත (Gender Equality Bill) හරහා ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා අයිතීන් තහවුරු කිරීමට කටයුතු කරනවා. LGBTIQ ඇතුලුව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා සභාව ස්ථාපිත කිරීම සිදු කළ යුතුයි. එම සභාව යටතේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතා කේන්ද්‍රීය නිලධාරීන් (Gender Focal Point) රාජ්‍ය ආයතන සඳහා බඳවා ගැනීම හා පත් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී තම දරුවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 02 වෙනුවට යලිත් පෙර පැවති අවුරුදු 05 සීමාව දක්වා සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන් කොපමණ ප්‍රමාණයක් මේ වන විට විදේශගත වී ඇත්දැයි සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දත්ත රැස් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

සියලුම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කර ඒ හා සමානවම ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසම් සභාව සහ පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර සියළුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට පියවර ගැනීමට අප අදහස් කරනවා.

එමෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන නැවත්වීම සඳහා කැමරා සවිකිරීම තුළින් යම් ප්‍රමාණයකට අඩු වෙතැයි අප අපේක්ෂා කරනවා. ඒ අනූව මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමේ යෝජනාවක් වගකිව යුතු පාර්ශ්ව වෙත යොමු කිරීමට අප අවධානය යොමු කර තිබෙනවා”

– Media unit

සම්බන්ධිත පුවත් | Related News

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
යුද ජයග්‍රහණය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට උපහාර දැක්වීමේ වැඩසටහනක් හිටපු ජනාධිපතිවරුන්ගේ සහභාගිත්වයෙන් හෙට (20 දා) පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල ඇති රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට නාරාහේන්පිට දාබරේ මාවතේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන සිසිටීවී දර්ශන හමුවී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පසුගිය නිල සංචාරයට සමගාමිව ශ්‍රි ලංකා රජය සහ ඉන්දීය රජය සමග අත්සන් කල ගිවිසුම් හතක් අභියෝගයට ලක්කරමින් දේශප්‍රේමි ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන හයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා.
යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරුම් අද දිනයේ උතුරු පළාතේ පවත්වා ඇති අතර, ඒ සඳහා සැලකිය යුතු පිරිස් සහභාගිත්වයක් දක්නට ලැබුනු බව වාර්තා වේ.
මෙවර රණවිරු සැමරුමට ආරජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ ඉතා අවම වශයෙන් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කළ රණවිරුවෝ තවමත් ජීවත් වන බවත් ජාතික රණවිරු බලවේගය පවසයි.
රණවිරු සැමරුම දියාරු කරන තැනට අද පත්ව ඇති බවත්, රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන් අද අමතක කර දමා ඇති බවත් විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.