කළු මුහුදේ බලය තහවුරු කරගනිමින් රුසියාවෙන් දැවැන්ත මෙහෙයුමක්: යුක්රේන යුද්ධය අවසාන අදියරට
පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වන විට කළු මුහුදේ පූර්ණ බලය තහවුරු කරගෙන ඇති රුසියානු හමුදා, ගොඩබිම් ප්‍රහාර හරහා සුමි, කාර්කිව් සහ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් යන ප්‍රදේශ වෙත වේගයෙන් ඉදිරියට ඇදෙමින් සිටියි.
හුදෙක් හමුදා කඳවුරු පමණක් නොව යුක්රේන හමුදාවලට සහය වන සිවිල් යටිතල පහසුකම් ද ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි බලාගාර සහ ඉන්ධන පිරවුම්හල් රැසක් විනාශ වී ඇත. අඛණ්ඩව එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ විදුලි බල පද්ධතිය දරුණු ලෙස බිඳවැටී ඇති අතර, එළඹෙන ශීත ඍතුවේදී ජනතාව දැඩි අසීරුතාවයකට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
යුද පෙරමුණේ සිදුවන මෙම දැවැන්ත පසුබෑම හමුවේ කියෙව් පාලනය තුළ දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීමේ පියවරක් ලෙස ආරක්ෂක අමාත්‍යවරයා, හමුදාපතිවරයා සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා යන තිදෙනාම එකවර ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති සෙලෙන්ස්කි කටයුතු කර ඇත. යුද්ධයක උච්චතම අවස්ථාවක සිදු කළ මෙම ඉහළ පෙළේ හමුදා නායකත්ව වෙනස, යුක්රේන රජයේ පවතින අස්ථාවරත්වය විදහා දක්වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මේ අතර යුක්රේනය සතු මිසයිල නාශක පද්ධති අවසන් වෙමින් පැවතීම රුසියාවට වැඩි වාසියක් අත්කර දී ඇත. කිසිදු තාවකාලික සටන් විරාමයකට එකඟ නොවන බව ප්‍රකාශ කරන මොස්කව් පාලනය, ස්ථිර සාමයක් සඳහා යුක්රේනයේ ඇති සියලුම විදේශීය හමුදා කඳවුරු සහ බටහිර අවි ආයුධ ඉවත් කළ යුතු බවත්, ඈඳාගත් ප්‍රදේශ නිල වශයෙන් රුසියාවට අයත් බව පිළිගත යුතු බවත් කොන්දේසි පනවා තිබේ. එකී කොන්දේසි ඉටු නොකරන්නේ නම් හමුදා මෙහෙයුම් තවදුරටත් දැඩි කරන බවට ද රුසියාව අනතුරු අඟවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..