News Category
From Date
To Date
Maximum Number of Result

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවී අවසන්.. - උදය ගම්මන්පිල

Jul 27, 2026 at 04:45 PM
|

අද පැවති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

අගවිනිසුරුතුමාට සේවා දිගුවක් ලබාදීම ඉලක්ක කරගනිමින් ආණ්ඩුව හඳුන්වා දෙන්න යන විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස, එනම් උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීමේ පුද්ගල කේන්ද්‍රීය 22 වන ව්‍යවස්ථා සංශෝධනයට සමාජයේ සෑම අතකින්ම විරෝධය පළවෙලා අවසන්.

මේක පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධනයක් කියලා අපි කියන්නේ මෙහි ඇත්ත අරමුණ, මෙහි යටි අරමුණ දෙසැම්බර් මාසේ පළවෙනිදාට විශ්‍රාම ලබන්න සිටින අගවිනිසුරුතුමා තවත් වසර දෙකක් තබා ගැනීමට වීමයි. මේක ගෙන එන්නේ අගවිනිසුරුතුමාට සේවා දිගුවක් ලබාදීමේ කූට අරමුණෙන් නෙවෙයි නම්, මේ ව්‍යවස්ථා සංශෝධනය දෙසැම්බර් මාසේ පළවෙනිදාට පස්සේ ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝගයක් කරනවා.

මීට පෙර 1980 දී ඡන්ද පෙත්සමකින් මන්ත්‍රී ධූරය අහිමි වෙන්න ගිය අබේරත්න පිලපිටිය කලවාන මන්ත්‍රීතුමාව තවදුරටත් පාර්ලිමේන්තුවේ තියාගන්න තුන්වන ව්‍යවස්ථා සංශෝධනය නමින් පුද්ගල කේන්ද්‍රීය ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒක අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළාම, එවකට අගවිනිසුරු නෙවිල් සමරකෝන් මැතිතුමා මේක ජනමත විචාරණයකට යටත් කිරීමෙන් ඒ ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම නවත්වා ගැනීමට සමත් වුණා.

නමුත් දැන් මේ අවස්ථාවේ අගවිනිසුරුතුමා එවැනි තීන්දුවක් ගනීවි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිලාභියා වන අගවිනිසුරුතුමා ඉදිරියටමයි මේ ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලත්වය තීරණය කරන්න අපට පෙත්සම් අරගෙන යන්න සිද්ධ වෙලා තියෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථා වලට තමයි අපේ ගැමියෝ "නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ" කියලා කිව්වේ.

නීතියේ තිබෙන ඉතාම වැදගත් මූලධර්මයක් තමයි තමන්ගේ නඩුවේ තමන් විනිසුරු නොවිය යුතුයි කියන එක. 1610 තරම් ඈතකදී එවකට එංගලන්තයේ අගවිනිසුරු ශ්‍රීමත් එඩ්වඩ් කෝක් අගවිනිසුරුතුමා සුප්‍රකට වෛද්‍ය බොන්හැම් නඩුවේදී (Dr. Bonham's Case) තමයි මේ ප්‍රකාශය සිද්ධ කළේ. අද වන විට ලෝකයේ සෑම රටක්ම පිළිගන්න විශ්වීය මූලධර්මයක් බවට මේ සංකල්පය පත් වෙලා තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ප්‍රතිලාභීන් වන 22 වන ව්‍යවස්ථා සංශෝධනයේ ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුතුමන්ලා නුසුදුස්සන් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් තමන්ගේ මිත්‍රයෙක්ගේ, ඥාතියෙක්ගේ නඩුවක් තමන් ඉදිරියට ආවම තමන්ගේ අධිකරණයේම වෙනත් විනිසුරුවරයෙකුට යොමු කරනවා තමන්ට මේ නඩුව අහන්න බෑ කියලා.

දැන් මේ නඩුවේ, මේ ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිලාභියා වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලුම විනිසුරුතුමන්ලා. දැන් මොකද කරන්නේ? තමන්ට මේ නඩුව අහන්නත් බෑ, තම අධිකරණයට සමාන අධිකරණයකට යොමු කරන්නත් බෑ. තමන්ට අහන්නත් බැරිනම්, සමාන අධිකරණයකට යොමු කරන්නත් බැරිනම්, එහෙනම් කළ යුත්තේ ඉහළ අධිකරණයකට යොමු කිරීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් තවත් අධිකරණයක් තිබෙනවාද? උත්තරේ ඔව්. ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් තියෙන අධිකරණය තමයි ජනතා අධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ලංකාවේ සියලුම අධිකරණ මේ භාවිතා කරන්නේ ජනතාවගේ අධිකරණ බලය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවෙනි වගන්තියෙන් ජනතාවගේ අධිකරණ බලයයි පාර්ලිමේන්තුව හරහා අධිකරණයට ලබා දීලා තියෙන්නේ. එතකොට මේ අධිකරණ බලය ජනතාවට භාවිතා කරන්න අවස්ථාව තියෙන්නේ ජනමත විචාරණයකදී.

අර වෙනත් නඩුවකදී නීතිඥයෝ දෙකට බෙදිලා අධිකරණයේ වාද විවාද කරනවා වගේ මේ 22 වන සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලකයෝ, අනෙකුත් පාර්ශ්ව සියලුම දෙනා මාධ්‍ය ඉදිරියේ මාසයක් විතර වාද විවාද කරනවා. ඊට පස්සේ මිලියන 17ක් වන මේ රටේ ඡන්දදායකයන් විනිසුරන් බවට පත්වෙලා ජනමත විචාරණයේදී තමන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. ව්‍යවස්ථා සංශෝධනයට එකඟයි නම් ලාම්පුවට කතිරේ ගහනවා, ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධයි නම් කලගෙඩියට කතිරේ ගහනවා. ඕකටනේ අර "ලාම්පු - කලගෙඩි සෙල්ලම" කියන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ ගැන දැනටමත් තීන්දුවක් දීලා හමාරයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගේ එකඟතාවය ඇතිව, විශ්‍රාමික විනිසුරු විජිත් මලල්ගොඩ විනිසුරුතුමා 2022 දී ලබාදුන් තීන්දුවකින් පැහැදිලිවම කියනවා, අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ ජනතා පරමාධිපත්‍යයේ කොටසක් කියලා.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා, ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වෙන ව්‍යවස්ථා සංශෝධනයක් ගේනවා නම් ඒක ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතුයි කියලා.

එහෙමනම්, අගවිනිසුරු ශ්‍රීමත් එඩ්වඩ් කෝක් අගවිනිසුරුතුමාගේ මූලධර්මය අනුවත්, විජිත් මලල්ගොඩ නඩුකාරතුමාගේ තීන්දුව අනුවත් කටයුතු කරමින් ජනාධිපතිතුමා 22 වන සංශෝධනය මේ රටේ ඉහළම අධිකරණය වන ජනතා අධිකරණයට ජනමත විචාරණයකදී තීන්දු කරන්නට යොමු කරාවි, යොමු කරන්නැයි කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මෑත කාලයේ අපි දැක්කා දකුණු ආසියාවේ තරුණයෝ අධිකරණයට එරෙහිව නැගී සිටිනවා. ඉන්දියාවේ කැරපොතු විරෝධය මතු වුණේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකදී ඉසෙඩ් (Z) පරපුරට සරදම් කිරීමෙන් ඇති වෙච්ච කෝපය නිසයි. ඒ වගේමයි නේපාලයේ අරගලය මතු වුණේ නේපාල අධිකරණය විසින් සමාජ මාධ්‍යවලට එරෙහිව තහනම් නියෝගයක් නිකුත් කිරීමට විරෝධය පළ කරන්න. ඒ වගේම බංගලිදේශයේ අරගලය දියත් වුණේ, බංගලිදේශ අධිකරණය විසින් බංගලිදේශ නිදහස් සටනේ සිටිය අයගේ වත්මන් පරපුරට රජයේ රැකියාවල සලාකයක් යළි ස්ථාපිත කරන නඩු තීන්දුවක් ලබා දීමෙන්.

බංගලිදේශය, නේපාලය, ඉන්දියාවේ තරුණයෝ අධිකරණයට එරෙහිව නැගී සිටියත් ලංකාවේ අරගලය අවස්ථාවේ එහෙම දෙයක් වුණේ නෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න හැදුවත්, ජනාධිපති මන්දිරය ගිනි තැබුවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ගිනි තියන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ. ඒ මේ රටේ අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය සහ විශ්වාසය නිසා. මේ 22 වන සංශෝධනය හරහා මේ රටේ ජනතාවගේ සිත් තුළ අධිකරණය පිළිබඳ තිබෙන ගෞරවය නැති කරලා, මේ රටේ ජනතාව අධිකරණයට එරෙහිව පාරට බහින තත්ත්වයක් ඇති කරන්න එපාය කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වෙන්නේ නීතිඥ සංගමය සභාපතිතුමාට විපක්ෂයෙන් තනතුරක් පොරොන්දු වුණු නිසාය කියලා, වැස්සට පාර්ලිමේන්තුවට ගොඩ වුණු අසිත නිරෝෂන් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ වනවිට නීතිඥ සංගමය වගේම දේශපාලකයින් ගණනාවක් අසිත නිරෝෂන් මන්ත්‍රීතුමාට අභියෝග කරලා තියෙනවා "ඔබ මේ කියන්නේ ඇත්තක් නම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා ඉන්නැතුව එළියට ඇවිත් කියන්න" කියලා. මේ මොහොත වනතුරුම ඒ අභියෝගය ඉදිරියේ අසිත නිරෝෂන් මන්ත්‍රීතුමා පූස් පැටියෙක් වගේ නිහඬව ඉන්නේ තමන් කිව්වේ පට්ටපල් බොරුවක් බව තමන් හොඳටම දන්න නිසයි.

නීතිඥ සංගමය කියන්නේ ආණ්ඩුව කාගේ අතේ තිබුණත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඉතිහාසය පුරාම සටන් කරපු සංවිධානයක්; වෘත්තීය සංවිධානයක්. විශේෂයෙන්ම නීතිඥ සංගමයේ සටන්කාමී ඉතිහාසය පිළිබඳ මෙලෝ හසරක අවබෝධයක් නැතිකම නිසා තමයි අසිත නිරෝෂන් මන්ත්‍රීවරයා මෙවැනි ප්‍රකාශයක් කරලා නීතිඥ සංගමයටත් එහි සභාපතිවරයාටත් අපහාස කරන්න කටයුතු කළේ. මේ ප්‍රකාශයට විරෝධය පළ කරන්න පක්ෂ භේද පසෙකලා මේ රටේ සිටින සියලුම නීතිඥයින් ජූලි 29 වෙනිදා පැවැත්වෙන නීතිඥ සංගමයේ මහා සභා රැස්වීමට සහභාගි වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම නීතිඥ හර්ෂණ නානායක්කාර ඇමතිතුමාත්, නීතිඥ සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිතුමාත් මේ මහා සභා රැස්වීමට පැමිණේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා; පැමිණෙන්න කියලා ආරාධනා කරනවා. මොකද ඇමතිවරුනි ඔබේ ඇමතිකම තාවකාලිකයි, නීතිඥකම සදාකාලිකයි. 2029 න් පස්සේ ඔබතුමාලට තියෙන ඔය ඇමති පට්ටම් අහිමි වෙනවා. හැබැයි මැරෙන තුරාවට ඔබේ නීතිඥ පට්ටම ඔබ ගාව තියෙනවා. ඒ නිසා 2029 න් පස්සේ කළු කෝට් ඇඳගෙන නැවත උසාවියට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබෙනවා නම්, මාලිමාවෙන් අධිකරණය බේරගන්න අපි කරන සටනට ඔබත් එකතු වෙන්නැයි කියලා හර්ෂණ නානායක්කාර ඇමතිතුමාටත්, සුනිල් වටගල ඇමතිතුමාටත් අපි ආරාධනා කරනවා.

සම්බන්ධිත පුවත් | Related News

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.
2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම අද (07) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතව තිබේ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව, මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය (ජනවාරි 01 සිට අගෝස්තු 31 දක්වා) තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් ප්‍රමාණය සියයට 9ක පසුබෑමක් වාර්තා කර තිබේ.
කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගෙන තිබුණද, මෙරට දුප්පත්කම තවදුරටත් දැඩි අවදානම් මට්ටමක පවතින බව ලෝක බැංකුව නිකුත් කළ නවතම සංවර්ධන වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව මේ වසරේදී (2026) සෑම ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුම (සියයට 50 සීමාව තුළ) දුප්පත්කමින් පීඩා විඳිමින් හෝ දුගී රේඛාව ආසන්නයේ ජීවත් වන බව පෙන්වා දෙයි.
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන (2025) ලෝකයේ රටවල් විසිඑක (21) අතර දාහත්වන තැන ශ්‍රී ලංකාවට හිමිව ඇතැයි එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන සඳහන් කරයි.
රටේ ජනතාව රජයෙන් සතයක්වත් නොගෙන තමන්ගේ පුද්ගලික මුදලින් තමන්ගේ නිවෙස්වල සූර්ය පැනල නිවෙස් එක්ලක්ෂ පනස්දාහක සවිකර ඇති බවත්, එමගින් ජනතාව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක දාරිතාවක් එකතුකර ඇති බවත් රුපියල් 23ට යුනිට් එක දෙන විට මාලිමා රජය එයට වලකපා රුපියල් 100ක් දී ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ රුපියල් 75ක් දී ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ මක්නිසාදැයි හෙළිකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ප්‍රධාන පුවත්

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය සහ ප්‍රවාහන ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින්, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර සිටින්නේ ආණ්ඩුව ජනතාවගේ මූලික ගැටලු විසඳනවා වෙනුවට බොරු ෂෝ පෙන්වමින් ජනතාව මුලා කිරීමට උත්සාහ කරන බවයි.

ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිරදඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.