News Category
From Date
To Date
Maximum Number of Result

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් මිලියන ගණනක මුදල් විදෙස් රටවලට යැවූ ජාවාරමක් ගැන තොරතුරු එළියට..

Jun 12, 2026 at 12:04 PM
|

ශ්‍රී ලංකාවේදී සිදුවූ මහා පරිමාණ විදේශ මුදල් වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට හැකිවී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

භාණ්ඩ ආනයන කරන මුවාවෙන් ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙරට බැංකු හරහා සිදු කරන ලද ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් හරහා විශාල ඩොලර් ප්‍රමාණයක් විදේශ රටවලට බැහැර කර ඇති බවට සිදුකර ඇති විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔවුන් වෙත ලද තොරතුරු අනුව ශ්‍රී ලංකා පොලිසිය සහ ශ්‍රී ලංකා රේගුව විසින් සිදු කරන ලද විමර්ශනවලදී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බව ඔහු කියා සිටියේය.

සිදුව ඇත්තේ කුමක් ද?

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, විදේශ රටවල සිට භාණ්ඩ ආනයනය කරන බවට පවසමින් මෙරට ලියාපදිංචි කළ සමාගම් එම වංචාව සිදුකර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවය.

ඩොලර් බිලියන 7.2ක්ව තිබූ ශ්‍රී ලංකාවේ විදේශ සංචිත බිලියන 6.8ක් දක්වා පහත වැටුණේ ඇයි?

"මේ හෙළිදරව් කරගෙන ඇති කරුණුවලට අනුව මොවුන් ව්‍යාපාර කරන බවට අඟවමින් සමාගම් විශාල ගණනක් ලියාපදිංචි කරලා තියෙනවා. ඔවුන් ඒ සමාගම් හරහා පිටරටට භාණ්ඩ අපනයන කරන මුවාවෙන් තමයි මේ ජාවාරම කරලා තියෙන්නේ. ඒ අනුව ඔවුන් විගම්ම්‍ය විද්‍යුත් පැවරුම් ක්‍රම හෙවත් ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් කියන ක්‍රමය හරහා විශාල මුදල් ප්‍රමාණයක් විදේශ රටවලට යවලා තිබුණත් ඔවුන් කිසිදු භාණ්ඩයක් මෙරටට ගෙනල්ලා නැහැ," අමාත්‍යවරයා පැවසුවේ ය.

'ඇමෙරිකානු ඩොලර් මිලියන 42.7ක් රටින් පිට කරලා'

2025 වසරේදී කැලණිය ප්‍රදේශයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පිළිබඳ සිදුකළ පරීක්ෂණයේදී හෙළිවූ කරුණු මත විශාල පරිමාණයේ ඇමෙරිකානු ඩොලර් මුදල් ප්‍රමාණයක් මෙරට සිට විදේශ රටවලට යවා ඇති බවට කරුණු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අනාවරණ කළේය.

"2025 ඔක්තෝබර් 22 වන දා කැලණිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පෑලියගොඩ ප්‍රදේශයේදී සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරීක්ෂාවට ලක් කරලා ඒකෙ තිබිලා රුපියල් කෝටි 3ක මුදලක් සොයා ගන්නවා. ඒ මුදල් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් මේ මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් විමසීමක් කළත් ඒ ගැන තොරතුරු ලබා දෙන්න ඔවුන් අපොහොසත් වෙනවා.

"ඒ ගැන කරපු විමර්ශනවලදී තවත් පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් 6 දෙනාගෙන් ප්‍රශ්න කළත් ඔවුන්ටත් මුදල් උපයා ගත්ත ආකාරය ගැන තොරතුරු හෙළි කරන්න හැකියාවක් ලැබිලා නැහැ. මේ මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ වෙනත් අපරාධයකින් උපයා ගත් දේපළ බවට සැකකරලයි මේ 6 දෙනා අත්අඩංගුව ගන්නේ.

"පස්සේ පොලිස්පතිවරයා මේ විමර්ශනය පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙනවා. ඒ අනුව සැකකටයුතු මුදල් Next Gen ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් බැංකුගත කිරීම සඳහා ලබාදුන් මුදල් බවට තහවුරු වී තියෙනවා. මේ සමාගම අවස්ථා 953කදී විගම්ම්‍ය විද්‍යුත් පැවරුම නැත්නම් ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් හරහා රුපියල් කෝටි 1289ක මුදලක් විදේශ රටවල් 26ක සමාගම් 256කට හුවමාරු කරලා තියෙනවා කියලා අනාවරණය වෙලා තියෙනවා.

"ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 42.7ක් රටින් පිට කරලා තියෙනවා. මේ මුදල් යවලා තියෙන්නේ පිටරට ඉඳලා භාණ්ඩ ගෙන්වන්න කියල වුණත් කිසිම භාණ්ඩයක් ගෙන්නලා නැහැ," අමාත්‍යවරයා කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ ය.

මේ අතර මෑතකදී වාර්තා වූ NDB බැංකුවේ රුපියල් බිලියන 13ක මූල්‍ය වංචාවට අදාළ මුදල් ද මෙම සමාගම හරහා විදේශ රටවලට යවා ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළිවී ඇති බව අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුව හමුවේ කරුණු අනාවරණය කළේ ය.

"මේ සමාගම 2025 ජූලි මාසයේ 2 වැනි දා එක ම පුද්ගලයෙක් අධ්‍යක්ෂක සහ කොටස් හිමිකරු ලෙස පෙන්නලා ලියාපදිංචි කරපු සමාගමක්. ඔවුන් කිසිදු නීත්‍යනුකූල ව්‍යාපාරික කටයුත්තක් කරලා නැහැ. මේ සමාගම විසින් භාණ්ඩ මිල දී ගන්නා බව කියමින් මුදල් යවලා තියෙනවා.

"මෑත කාලයේදී සිද්ධ වුණු NDB බැංකුවේ රුපියල් බිලියන 13ක මූල්‍ය වංචාවට අදාළ මුදල් ද මේ ගනුදෙනුව හරහා රටින් පිටකර ඇති බවට විමර්ශනවලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ සමාගමට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු දෙකක ගිණුම් අක්‍රීය කරන්න පියවර ගෙන තිබෙනවා."

එමෙන් ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා පැවසීය.

'විදේශ රටවල් 108කට මුදල් යවලා'

එමෙන් ම හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී හෙළිවූ කරුණු අනුව සිදුකළ විමර්ශනයකදී පිටකොටුවේ පිහිටි පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යනු ලබන ජංගම ගිණුම් 4ක් හරහා විදේශ රටවල් 108කට ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක් යවා ඇති බවට වන තොරතුරු විමර්ශන නිලධාරීන් හෙළි කර ගෙන ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

"මීගමුව පොලිසිය විසින් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් හතර දෙනෙකු ඉකුත් පෙබරවාරි 15 වන දා අත්අඩංගුවට ගන්නවා. ඔවුන් හෙරොයින් ලබා ගැනීමට අදාළ මුදල් දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක පවත්වාගෙන යන ගිණුමක තැන්පත් කරනවා. මේ ගිණුම ඩුබායිහි සිට අන්තර්ජාලය ඔස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පුද්ගලයෙකුගේ බවට අනාවරණය වෙනවා.

"මේ දිවුලපිටිය ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවේ ගිණුමේ තියෙන මුදල් කොළඹ පිටකොටුවේ තියෙන තවත් පුද්ගලික බැංකුවක ගිණුමට බැර වෙලා තියෙනවා. පිටකොටුවේ තියෙන බැංකු ගිණුම පවත්වාගෙන ගිහින් තියෙන්නේ AY ඉන්වෙස්ට්මන්ට් සමාගම. එම සමාගමේ ගිණුමේ රුපියල් බිලියන 2.2ක මුදලක් තියෙනවා කියලා හෙළිවෙලා තියෙනවා. 2024 සැප්තැම්බර් මාසයේ 9 වැනි දා මේ බැංකු ගිණුම ආරම්භ කරලා තියෙනවා කියලා විමර්ශනවලින් තොරතුරු සඳහන් වෙනවා.

පිටකොටුවේ ඉහත ගිණුමේ තියෙන මුදල් දවස් 2-3 කට වරක් චෙක් පත්වලින් අරගෙන පිටකොටුවේ තියෙන වෙනත් පෞද්ගලික බැංකුවක AY ඉන්වෙස්ට්මන්ට් කියන නමින් තියෙන තවත් ජංගම ගිණුම් 4කට තැන්පත් කරලා ඒ හරහා රුපියල් කෝටි 1300ක මුදලක් විදේශ රටවලට යවනවා විගම්ම්‍ය විද්‍යුත් පැවරුම හරහා. 2025 ඔක්තෝබර් 30 වැනි දා ඉඳලා මේ වසරේ මාර්තු 4 වැනි දා කියන කාලය අතරතුරේදී මේ මුදල් හුවමාරු කිරීම් සිද්ධ කරන්නේ. මේ කෙටි කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 43ක් විදේශ රටවලට යවලා තියෙනවා.

"භාණ්ඩ ආනයනය කරනවා කියලා හඟවලා රටවල් 108කට විගම්ම්‍ය විද්‍යුත් පැවරුම් හරහා මුදල් හුවමාරු කරලා තිබුණත්, එම සමාගම විසින් මෙරටට ගෙන්වන බවට කියා තිබුණු හාඩ්වෙයාර් භාණ්ඩ, බාත්රූම් උපකරණ හෝ රත්ත්‍රන් කිසිවක් මෙරටට ගෙනල්ලා නැහැ. ඒ වගේ ම මේ කිසි ම සමාගමක් භාණ්ඩ ආනයන අපනයන සමාගම් විදිහට ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි වෙලත් නැහැ. මේ ගිණුම්වල රුපියල් පන් කෝටි තිස්හය ලක්ෂයක් ශේෂය විදිහට තිබුණා. අපරාධයකින් උත්පාදිත මුදලක් විදිහට ඒ මුදල් දැනට අක්‍රීය කරලා තියෙනවා," අමාත්‍යවරයා කියා සිටියේය.

'ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් 26,108ක් සිදු කරලා'

2023 වසරේ සිට මේ දක්වා ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් ක්‍රමය හරහා අවස්ථා 26,108කදී විදේශ රටවල් සඳහා මුදල් යවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඇතැම් බැංකුවල නිලධාරීන්ගේ වගවීම සම්බන්ධයෙන් ද විමර්ශනය සිදුකරන බවත් අමාත්‍යවරයා කරුණු දක්වමින් කියා සිටියේය.

"2023 ජනවාරි මාසයේ 1 වැනි දා ඉඳලා 2025 වසරේ සැප්තැම්බර් 30 වැනි දා දක්වා කාලය අතරතුර භාණ්ඩ ආනයනය සිදුකරන බවට අඟවා විශාල මුදල් ප්‍රමාණයක් විදේශ රටවලට ප්‍රේෂණය කර ඇති බවට ශ්‍රී ලංකා රේගුව විසින් පොලිසියට පැමිණි කර තියෙනවා. කිසිදු භාණ්ඩයක් මෙරටට නොගෙන්වා ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් 26,108ක් මේ සඳහා භාවිත කරලා තියෙනවා. බැංකු 13කට අදාළ ගිණුම් 227ක් හරහා තමයි මේ කාරණය සිදුකරලා තියෙන්නේ. මේකෙන් අපේ රටේ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් හරහා වෙනත් රටවලට යවලා තියෙනවා.

"මේකට දේශීය සමාගම් 105ක් සම්බන්ධ වී ඇති බවට තහවුරු වී තියෙනවා. මේ ගැන අපි පූර්ණ විමර්ශනයක් කළා මේ සමාගම් සම්බන්ධයෙන්. එතකොට හෙළි වුණා මේ සමාගම්වල ඉන්නේ සමාගම් ලේකම්වරු හෝ අධ්‍යක්ෂකවරුන් 55ක් විතරයි. ඒකෙන් පෙනී යනවා එක ම කණ්ඩායමක් විසින් ඉතාමත් කෙටි කාලයක් ඇතුළත සමාගමක් පවත්වාගෙන ගිහිල්ලා ඒ සමාගම හරහා ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් හරහා භාණ්ඩ ආනයනයට කියලා මුදල් යවලා පස්සේ තවත් සමාගමක් ආරම්භ කරලා මේ ජාවාරම සිද්ධ කරලා තියෙනවා.

"එක ම දවසේ අවස්ථා 14කදී එක පෞද්ගලික බැංකුවකින් ටෙලිග්‍රැෆික් ට්‍රාන්සර් මුදල් හුවමාරු කරලා තියෙනවා, මේ නිසා ඇතැම් නිලධාරීන්ගේ වගවීම සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිද්ධ කරනවා. මේ විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ 2023 ඉඳලා, එයට කලින් සිදුවෙලා තියෙන එවැනි ගනුදෙනු සම්බන්ධයෙන් වෙන ම විමර්ශනයක් සිද්ධ කරනවා," ඔහු පැවසීය.

ආනයන සහ අපනයන ක්‍රියාවලි සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් නිවේදනවලට අදාළව ඇතැම් ක්‍රියාපටිපාටින් සිදු වී නොමැති බවත්, මෙම විමර්ශන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් ද පැවති බවත් අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ ය.

'මේක නතර කරන්න තාක්ෂණය අවශ්‍යයි'

බොහෝ පුද්ගලයින් නීතිවිරෝධී අයුරින් ඉපැයූ මුදල් සහ ආදයම් බදු වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත්වූ මුදල් විවිධ ක්‍රම ඔස්සේ ආයෝජනය කර ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා බීබීසී සිංහල කළ විමසීමකදී පැවසුවේ ය.

"ගොඩක් වෙලාවට නීතිවිරෝධී ක්‍රමයට සහ බදුවලට පෙන්නුවේ නැති සල්ලි තමයි මේ විදිහට ආයෝජනය කරන්නේ. පහුගිය කාලයේදී පිරිමිඩ් යෝජනා ක්‍රමවල මුදල් ආයෝජනය කරපු අය ඒ මුදල් වංචා කළාට පස්සේ නඩු දැම්මත් පස්සේ ඒවා ඉල්ලා අස්කර ගන්නවා. තමන් මුදල් උපයා ගත්තේ කොහොම ද කියලා පෙන්වන්න බැරි වුණා ම යි ගොඩක් දෙනා මෙහෙම දේවල් කරන්නේ," ඔහු පැහැදිලි කළේය.

මෙරට ඇතැම් ඇමැතිවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශයන්හි ක්‍රිප්ටෝ කරන්සි මුදල් ආයෝජනය කර ඇති බවට පිළිගෙන තිබුණ ද මෙරට ක්‍රිප්ටෝ කරන්සි නීතිගත කර නොමැති බව ද ඔහු පැවසීය.

"ලංකාවේ ක්‍රිප්ටෝ කරන්සි ඇපෘව් කරලා නැහැ. හැබැයි අපි දන්නවා ක්‍රිප්ටෝ කරන්සිස්වල සල්ලි දාලා තියෙනවා කියලා පිළි අරන් තියෙනවා ලංකාවේ පාර්ලිමේන්තුවේ ඇමැතිවරුන් ම තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ තුළ. එහෙම වුණා ම ඒ අයවත් අත්අඩංගුවට ගන්න ඕන මේ ක්‍රියාවලිය තුළ. මේක නවත්වන්න නම් තාක්ෂණය අවශ්‍ය වෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.

එමෙන් ම, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මහචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පෙන්වා දුන්නේ, මෙරටදී විදෙස් මුදල් ඒකක සඳහා නිසි වටිනාකමක් නොලැබීම හේතුවෙන් බොහෝ දෙනා නීතිවිරෝධී අයුරින් මුදල් වෙනත් රටවලට යැවීමට කටයුතු කරන බවයි.

"කරන්සි එකේ හරි මිල තීරණය කරන්න දුන්නේ නැති වුණා ම ගොඩක් රටවල්වල උණ්ඩියල් හරි වෙනත් නීතිවිරෝධී ක්‍රම හරහා රටින් පිටට මුදල් ගෙනියනවා. මේක 2022 අවුරුද්දේදී වගේ ම ඊට කලිනුත් ඇති වෙලා තියෙනවා. පහුගිය කාලයේ අපිට පොඩි ප්‍රශ්නයක් තිබුණා. ඩොලර් එකේ වටිනාකම සහ වෙළෙදපොළේ තිබ්බ ඩොලර් එකේ වටිනාකම අතර යම් ආකාරයක වෙනසක් තිබුණා . අපි හැම තිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අපේ තියෙන ඩොලර් එකට වැඩිම වටිනාකමක් ගන්න. ඒ සඳහා සමහර පුද්ගලයෝ අනීතික ක්‍රමයට ඩොලර් හුවමාරු කරනවා. ඒක නතර කරන්න නම් වෙළෙදපොළේ වගේ ම බැංකුවල තියෙන ඩොලරයට ලැබෙන වටිනාකම එක අගයකට ගේන්න ඕන. ඒකට අපි කියන්නේ පූර්ණ නිදහස් වෙළෙඳපළක් යටතේ ඩොලර් එකේ අගය තීරණය කරන්න ඉඩ දෙන්න ඕන," හෙතෙම කියා සිටියේය.

- bbc සිංහල

සම්බන්ධිත පුවත් | Related News

උතුරු පළාතේ පැවති සියලුම හමුදා මුරපොළවල් මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, එමගින් ප්‍රදේශයේ ජනතාවට කිසිදු බාධාවකින් තොරව නිදහසේ ගමනාගමන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසී ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.
සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණවලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අද (08) කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ඇප මත මුදාහැර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම් ඇන්දවීම බුද්ධාගමට මෙන්ම ආගමික නිදහසට එල්ල කළ බරපතළ අභියෝගයක් බවත්, එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි සහ 10 වැනි වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
සැප්තැම්බර් 17 වන දින "යුක්‍රේන නව-නාසිවාදීන්ගේ අපරාධ පිළිබඳ ජාත්‍යන්තර මහජන අධිකරණය" විසින් "ගොබෙල්ස්ගේ උරුමක්කාරයෝ: බුචා හි සිදුවීම් අසත්‍ය ලෙස හෙළිදරව් කිරීම සහ කියෙව් පාලනයේ ලේවැකි රඟපෑම්" යන තේමාව යටතේ විශේෂ වාර්තාවක් එළිදක්වන ලදී.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් ලබාගැනීමේ කටයුතු අද ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.