News Category
From Date
To Date
Maximum Number of Result

ඩොලර් මිලියන 2.5 හොරාකාලා රංගව පැටලෙව්ව හැටි!

May 8, 2026 at 05:34 AM
|

රංග රාජපක්ෂ මිය ගියේ රටම කළඹවමිනි. රංග මිය යන්නට පෙර ඔහු සතුව තිබුණු වැදගත් ලිපිගොනුවක් අතුරුදහන්ව ඇති බව ඔහු තමාට දැන්වූයේ යැයි ඔහුගේ මිත්‍ර බස් රියදුරකු මුහුණු පොතට ලිපියක් සපයමින් අනාවරණය කර තිබේ. 

රංග ප්‍රසිද්ධ වූයේ ඩොලර් මිලියන 2.5 හොරකම පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කළ තැනැත්තා වශයෙනි. ඔහුගේ මරණයෙන් පසුව ආණ්ඩුවේ වගකිවයුත්තෙක්, ඒ පැමිණිල්ල කළේ වෙනත් නිලධාරියකු බවට ප්‍රකාශයක් නිකුත් කළේය. 

මේ සියල්ල අතර යම් සම්බන්ධයක් තිබෙන බවක් පෙනේ. ඒ කුමක් දැයි අවබෝධ කරගන්නට නම් සිදුව ඇති දේ මුල සිට සැලකිල්ලෙන් විමසා බැලිය යුතුය.

විදේශ ණය ගෙවීමේ කටයුතු මහ බැංකුවෙන් මුදල් අමාත්‍යංශය යටතට පවරා ගැනීම මේ සිදුවීම් පෙළට පදනම වැටෙන්නට මූලික හේතුවයි. එහිදී, මුදල් අමාත්‍යංශ පරිගණක පද්ධතිය ISO 27001 ප්‍රමිතියට පිහිටුවා නැති බව අනාවරණය වී තිබේ. ISO 27001 යනු වාණිජ බැංකුවල පරිගණක මෙහෙයුම්වල ආරක්ෂාව සහතික කෙරෙන සහ එවන් පද්ධති සඳහා අනිවාර්ය අංගයක් වන අන්තර්ජාතික ප්‍රමිතියකි. ශ්‍රී ලංකා මහබැංකුවේ පරිගණක පද්ධතියද පිහිටුවා ඇත්තේ මේ ප්‍රමිතිය යටතේය.

විදේශ ණය ගෙවීමේ කටයුතු මුදල් අමාත්‍යංශය යටපත පවරා ගත් පසුව එහි පරිගණක පද්ධතියේ ආරක්ෂාව ‘එනබල්’ නමැති ආයතනයට පවරන ලදි. ‘එනබල්’ යනු මුදල් අමාත්‍යංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ප්‍රධාන විධායක වශයෙන් කටයුතු කර ඇති ආයතනයක් බවට තොරතුරු තිබේ.

2025 වසරේ අගෝස්තු මාසයට ආසන්න කාලයේ මුදල් අමාත්‍යංශ පරිගණක පද්ධතිය ‘හැකර්’ ප්‍රහාරයකට ලක් විය. එහිදී සොරාගන්නා තොරතුරු සම්භාරයක් ‘අඳුරු වෙබ් අඩවියක’ (Dark web) අලෙවියට තබා තිබුණි.

එයින් පසුව පරිගණක පද්ධතියේ ආරක්ෂාව පිණිස එතෙක් පැවති ‘ටේ‍රන්ඩ් මයික්‍රෝ’ (Trend Micro) වෛරස් ආරක්ෂණ පද්ධතියට අමතරව ‘සොෆොස්’ (Sophos) වෛරස් ආරක්ෂණ පද්ධතියක්ද එකතු කර තිබේ. ‘සොෆොස්’ යනු වර්තමානයේ ඉතාම ඉහළ විශ්වසනීත්වයක් හා පිළිගැනීමක් ඇති, ‘ඒඅයි’ තාක්ෂණය මුසු වෛරස් ආරක්ෂණ පද්ධතියකි.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් හැකර්වරුන් ඇතුළු වී ඕස්ට්රේලියාවට ගෙවීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 කට ආසන්න විදේශ ණය ආපසු ගෙවීම් වංචනිකව වෙනත් පාර්ශ්වයක් වෙත හරවාගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර ඇතැයි 2026 අප්‍රේල් 23 වැනිදා මාධ්‍ය වාර්තා පළ විය.

පසුව ප්‍රකාශ කෙරුණේ, එය හැකරුන් පද්ධතියට ඇතුළු වී කළ දෙයක් නොව, ඊමේල් පණිවිඩයක් මගින් මුදල් සම්ප්‍රේෂණය කිරීමට අලුත් ගිණුම් අංකයක් එවූ වංචාකාරයකු අදාළ මුදල් ලබාගෙන ඇති බවයි. 

මෙය මුලින් කළ ප්‍රකාශයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රියාදාමයකි. ‘හැක් කිරීම’ යනු දත්ත සොරකම් කිරීමට හෝ හානි කිරීමට පරිගණක පද්ධතියකට අනවසරයෙන් ඇතුළු වීමයි. ඊමේල් හෝ වෙබ් අඩවි හරහා මුරපද, බැංකු ගිණුම් වැනි සංවේදී තොරතුරු ස්වේච්ඡාවෙන් භාර දීමේ මට්ටමට පුද්ගලයින් රවටා ගන්නා උපක්‍රමය හඳුන්වනුයේ ‘පිෂින්’ නමිනි. එය ‘ඇමක්’ දීමකි. හැක් ප්‍රහාර පද්ධතියකට එල්ල වේ. ‘පිෂින්’ මගින් පරිගණක පාවිච්චි කරන පුද්ගලයින් රවටා තොරතුරු ලබාගෙන මුදල් වංචා ආදියට මග පාදා ගැනේ.

මෙහිදී පැනනැගෙන බරපතලම ගැටලුව, මෙය සිදුවිය හැක්කක්ද යන්නයි. අපට දැනගන්නට ලැබුණු ආකාරයට අදාළ ඕස්ට්රේලියානු බැංකුවේ ඊමේල් ලිපිනයේ අගට ඉංග්‍රීසි ‘gov’ අකුරු තුන ඇතුළත්ය. එයින් අවධාරණය වන්නේ එය රාජ්‍ය ආයතනයක ලිපිනයක් බවයි. නමුත් ව්‍යාජ ගිණුම් අංකය එවා ඇත්තේ එම අකුරු තුන නැති ‘com’ අගට ඇති ලිපිනයක් මගිනි. ‘සොපෝස්’ වැනි වෛරස් ආරක්ෂණ පද්ධතිවලට මෙවැනි ව්‍යාජ ඊමේල් පණිවිඩ ඉතා පහසුවෙන්ම හඳුනාගැනීමට පුළුවන. එසේ හඳුනාගත් සැණින් වෛරස් ආරක්ෂණ පද්ධතියෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරෙයි. වෛරස් ආරක්ෂණ පද්ධති දෙකක් රවටමින් මෙවැනි ව්‍යාජ ඊමේලයක් පරිගණකයකට ඇතුළු වීම විශ්වාස කළ හැක්කක් නොවේ.

එවැනි අනතුරු ඇඟවීමක් නොතකා හැර මේ සා විශාල මුදලක් ගෙවන්නට කිසිදු නිලධාරියකු පෙළඹෙන්නේ නැත. නීති රෙකුලාසිවලට අනුවද ඔවුන්ට එවැනි බලයක්ද නැත. එවැනි අවස්ථාවක අනිවාර්යයෙන්ම ඉහළ නිලධාරීන්ගේ අවධානයට යොමු කිරීමත් එයින් පසුව අදාළ නීත්‍යනුකූල ක්‍රමවේද අනුගමනය කරමින් මුදල් සම්ප්‍රේෂණය කිරීමත් සිදු වේ.

(දැන් ආණ්ඩුවේ පාර්ශ්වයන් අවධාරණය කරන්නේ රංග රාජපක්ෂ මේ වෙනස හඳුනා නොගෙන මුදල් සම්ප්‍රේෂණය කළ නිසා මේ මුදල රටට අහිමිවූ බවයි.) 

අන්තර් රාජ්‍ය සම්ප්‍රේෂණ සඳහා ලැබෙන ගිණුමක් වෙනස් කිරීම සඳහා විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ මූල්‍ය සත්‍යාපන ක්‍රියාමාර්ග අවශ්‍යය. නිල රාජ්‍ය තාන්ත්‍රික සටහනක් සහ මූල්‍ය රෙගුලාසිවලට අනුකූල වීම සහතික කිරීම සඳහා යාවත්කාලීන කරන ලද SWIFT/භාණ්ඩාගාර ගෙවීම් උපදෙස් ආදිය ඊට ඇතුළත් වේ. එහිදී ලේඛන යාවත්කාලීන කිරීම, නිල මාර්ග හරහා නව බැංකු තොරතුරු තහවුරු කිරීම සහ නව ගිණුමට ජාත්‍යන්තර රාජ්‍ය සම්ප්‍රේෂණ භාරගත හැකි බව සහතික කිරීම ආදිය සිදු කෙරේ.

එහෙයින් මෙය රංග රාජපක්ෂගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ දෙයක් නොව එයින් එහා ගිය සූක්ෂ්ම සැලැස්මක ප්‍රතිපලයකි. සැලසුම වැරදුණේ, රංගගේ පැමිණිල්ල නිසා වීමට ඉඩ තිබේ. සිදුවන්නට ඇත්තේ කුමක්ද?

මෙය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද ඇතුළු යම් පිරිසක් සහ ‘එනබල්’ ආයතනයේ යම් පිරිසක් සම්බන්ධ සූක්ෂ්ම වංචාවක් යැයි අපි යෝජනා කරමු. හේතුව, නව ගිණුම් අංකයකට මුදල් සම්ප්‍රේෂණය කිරීමේදී අමාත්‍යංශ ලේකම්වරයාගේද අනුමැතිය ලැබිය යුතු බැවිනි.

වංචනිකයන් කණ්ඩායම උත්තේජනය ලබන්නේ, 2025 අගෝස්තු සමයේ සිදුවූ හැකර් ප්‍රහාරයෙනි. ඔවුන්ගේ සැලසුම, හැකිතාක් කල් හොර ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර අවසානයේ ‘හැකරුන්’ පිට වරද පටවා, චූදිතයන් නොමැතිව නිදහස් වීමයි. ‘හැකර්’ ප්‍රහාරයකින් මුදල් වෙනත් පාර්ශ්වයකට ගොස් ඇතැයි පළමුව නිවේදනය කෙරෙන්නේ ඒ සැලසුමට අනුවය.

‘එනබල්’ ආයතනයට සම්බන්ධ පුද්ගලයන් හා මුදල් අමාත්‍යංශයේ ඉහළම නිලධාරීන් එකතු වූ විට මෙය පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිය. පද්ධතියේ ‘ආරක්ෂකයින්’ ඔවුන් නිසා පද්ධතියේ ‘ආරක්ෂකයින්’ ඔවුන් නිසා, මුදල් සම්ප්‍රේෂණය කිරීමට නියමිත දින, මුදල් ප්‍රමාණ ආදි දත්ත සියල්ල ඔවුන්ට පහසුවෙන් ලබාගත හැකිය. මේ ව්‍යාජ ඊමේල් ගිණුමේ නිෂ්පාදකයාත් ගිණුම් හිමියාත් ඔවුන් අතරම සිටිය යුතුය.

රංග රාජපක්ෂගේ නැති වු ලිපිගොනුවේ තිබෙන්නට ඇත්තේ මේ වංචාවට සම්බන්ධ පුද්ගලයින් හා ඔවුන්ගේ පරිගණක ක්‍රියාකාරකම් පිළිබඳ විස්තර විය හැකිය. 

නරියාට කුකුල් කොටුව බාරදුන්නා වගේ යැයි ගැමියන් අතර කතාවක් තිබේ.

(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.