News Category
From Date
To Date
Maximum Number of Result

රුවන් රණසිංහ විකේතනය කරමු!

Jul 19, 2026 at 06:39 AM
|

සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.

මීට පෙර ඔහු සුද්දියො එක්ක පපරේ නැටුවා. 

දැන් අශ්වයො පිටේ ගිහිල්ලා පෙයාර්ස් කෑවා.

රුවන් රණසිංහගේ මේ හැසිරීම තේරුම් ගන්න නම් ඊට කළින් රුවන් රණසිංහ කවුද කියලා තේරුම් ගන්න ඕන.

රුවන් රණසිංහගේ Phd එක තියෙන්නේ චීනයේ. චීනයේ උපාධි වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා ඇත්තටම ඇකඩමික් වැඩ කරලා ගන්න ඒවා.

ඊලගට දේශපාලනය කරලා ගන්න ඒවා. ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂ වලට චීනයේ සහ රුසියාවේ එවැනි උපාධි කෝටා එකක් ලැබෙනවා.

රුවන් රණසිංහ කවදාවත් තමන්ගේ ඇකඩමික් පසුබිම ගැන, රීසර්ච් ඒරියා ගැන කතා කරලා තියෙනවා දැකලා තියෙනවද ? 

ඔහු කතා කරන්නේ නැහැ.

ඔය 'ඊනියා' මහාචාර්යවරයා වැඩ කළේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ. එතුමගේ ගුරා එතුමාගෙ පක්ෂයෙත් ගුරා. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය වැඩ කරන හැටි.

රුවන් රණසිංහ කුලියාපිටියේ. අන්තම දුප්පත් පවුලක ඔහු.

එතුමාගේ ගෙදර තියෙන්නේ ප්‍රධාන පාරෙන් කිලෝමීටර බර ගානක් ඈතක.

පාර ඉවර වෙලා වාහන මග නවත්තලා නියරක් දිගේ පයින් ඔහුගේ ගෙදරට යන්න ඕන.

මම ඔහුගේ පසුබිම හාස්‍යයට ලක් කරනවා නෙවෙයි, ඔහුට මෙහෙම වුණේ ඇයි කියලා තේරුම් ගන්න මේ පසුබිම වැදගත්.

එහෙම රුවන් රණසිංහ තමන්ගේ ලෝකය හදාගන්නේ ජවිපෙ දේශපාලනයෙන්.

ඔහු ගමෙන් කොළඹ එන්නේ ජවිපෙ නිසා. 

ඔහු පෝනියා පිටේ ගිහින් පෙයාස් කන්නේ මේ පසුබිම නිසා.

රුවන් රණසිංහගේ අභ්‍යන්තර හීනමානයේ 'ලොකු පොරක්' වෙන්න නම් කරන්න ඕන වැඩ තියෙනවා.

ඔහු දැකපු ෆ්‍රේම් එකක් තියෙනවා.

රුවන් රණසිංහලාගේ ගැටළුව ඔවුන් නිර්ප්‍රභූන් වුනත්, ඔවුන් නිර්ප්‍රභූත්වය මාකට් කළත් ඔවුන්ගේ අභ්‍යන්තර ආශාව තියෙන්නේ ප්‍රභූන් වෙන්න.

ප්‍රභූන් වගේ සැලකුම් ලබන්න. ප්‍රභූන් කරන වැඩ කරන්න. 

අශ්වයො පැදීම ප්‍රභූ වැඩක්. 

ඔහු බලන් ඉන්න මිනිස්සුන්ට දැවැන්ත විහිලුවක් වෙන වැඩක් වුනත් ආඩම්බරෙන් හිතට අරන් කරන්නේ ඒකයි.

ඔහු අශ්වයා පිට නගිද්දී එතැන ඉඳපු පිරිස කතා දෙකක් කියනවා.

"අපේ ඇමතිතුමාට D.S ට වෙච්ච දේ වෙයිද දන්නේ නැහැ"

D.S මැරුනේ අශ්වයාගෙ පිටෙන් වැටිලා. (මේ වගේ කනාටු පෝනියො නෙවෙයි, ඒ කාලේ විදේශයන්ගෙන් ගෙන්නලා බ්‍රීඩ් කරලා, පිලිවෙලට පෝෂනය කරලා හදපු ඇත්තම අශ්වයො)

නිර්ප්‍රභු රුවන් රණසිංහ සහ ඔහුගේ පිරිසෙ යටිහිතේ තියෙනවා පොනියා පිට නැගලා ගිහින් ඩී. එස් වගේ වෙන්න. ඒ පන්තියට ඇතුල් වෙන්න.

"බයිසිකලේකට නගිනවා වගේ නගින්න"

හැබැයි රුවන් රණසිංහට පෝනියා පිටේ නගින්න බැරි බව එතැන මිනිස්සු දන්නවා.

රුවන් රණසිංහ D.S ගේ පන්තියට ඇලුම් කළාට ඔහුට අශ්වයා පිටේ යන්න බැහැ.

අශ්වයො පිටේ නැගලා නැති වුනාට ඔහු බයිසිකල් පැදලා තියෙනවා.

ඔවුන් රුවන්ගේ මට්ටමින් දෙන උපදෙස තමයි "බයිසිකලයකට නගිනවා වගේ නගින්න"

එතැන දී රුවන් වහගන්න හදන  නිර්ප්‍රභූත්වය එළියට එනවා. මිනිස්සුන්ගේ හිතෙත් ඔහු ඩී. එස් ට ඇන්දුවට, ඔහු නිර්ප්‍රභූ බව පේන්නට තියෙනවා.

රුවන් බයෙන් ගැහි ගැහි, ඒ බය මකාගන්න හයියෙන් දොඩව දොඩවා පෝනියා පිටේ යනවා.

ඊටත් වඩා ජෝක් විදියට ඔහුගේ පසුපසින් මාලිමාවේ මන්ත්‍රී වෙච්ච ටියුෂන් කාරයෙක් පන බයේ ගැහි ගැහි පෝනියා පිටේ එනවා (බුවාගේ නම මතක නෑ) (රුවන් නටන දවසෙ බුවාත් නැටුවා) 

ඔය මාලිමා ආණ්ඩුවේ 'කෝට්' එකත් එක්ක බැඳිලා ඉන්න උත්සාහ කරන බුවාලගෙන් එක්කෙනෙක් රුවන් රණසිංහ.

ඔවුන් කෝට් එකෙන් හොයන්නේත් ප්‍රභූත්වය. පෝනියා පිට උඩ නැගීම වගේම තමයි.

දැන් මහාචාර්ය, සංචාරක නියෝජ්‍ය ඇමතිට නොතේරෙන කරුණු මේවා!

* පෙයාර්ස් මැජික් වෙන්නේ ලංකාව වගේ රටකට විතරයි. ලෝකයේ ඉඳලා ලංකාවට පෙයාර්ස් කන්න කිසිම මනුස්සයෙක් එන්නේ නැහැ.

ලංකාවට එන සංචාරකයන්ට පෙයාර්ස් මැජික් නැහැ.

අඩුම තරමේ ඉන්දියාවේ පෙයාර්ස් පාරේ විකුණනවා රුපියල් විස්සයි. ලංකාවටත් පෙයාර්ස් ගෙන්නන්නේ චීනයෙන්. 

ඉන්දියන්කාරයොන්ටවත් පෙයාර්ස් මැජික් මැහැ.

සුද්දොන්ට සහ විදේශිකයන්ට පෙයාර්ස් මැජික් නැති බව, පෙයාර්ස් මැජික් රුවන් රණසිංහට තේරෙන්නෙ නැහැ.

* වර්තමාන සමාජයේ ලංකාවේ දි පෝනියො උඩ ගමන් කිරීම හද්ද ග්‍රාම්‍ය වැඩක්. අපේ ඇස් වලට ඒක සත්ත්ව හිංසාවක්.

අර ගම් වලින් කොළඹ ආපු මිනිස්සු සහ මුස්ලිම් පවුල් වල මිනිස්සු ගෝල්ෆේස් එකේ ඉන්න නාටු ගැහිච්ච පෝනියො පිටේ තමන්ගේ ළමයි යවලා රුපියල් සීයක් ගෙවලා ග්‍රාම්‍ය සතුටක් ලබනවා.

පෝනියො නාටු වෙලා. බලන් ඉන්න අපිට ඒක ඉතාම අවර ගනයේ වැඩක්. සත්ත්ව හිංසාවක් 

හැබැයි අපේ රටේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වූ රුවන් රණසිංහට තාම තියෙන්නේ ගම් වලින් කොළඹ ඇවිල්ලා, ගෝල් ෆේස් එකේදි අශ්වයා පිටේ ළමයා යවලා ෆොටො එකක් ගහන ගැමියෙක්ගේ මනසක්.

* සුද්දො ගහෙන් පෙයාර්ස් කඩලා හෝදන්නෙවත් නැතුව එහෙමම කටින් කාලා, පොතු බිමට දාන්නේ නැහැ.

සුද්දො තියා ලංකාවේවත් ශිෂ්ඨ මනුස්සයෙක් එහෙම කෑම කන්නෙ නැහැ. 

ඒවා ග්‍රාම්‍ය වැඩ. රුවන් රණසිංහ තාම ඉන්නේ එතන. ගහෙන් කඩන් හෝදන්නෙ නැතුව, කපන්නෙ නැතුව, කාලා පොතු බිම දාන ග්‍රාම්‍ය තැනක.

ඩී. එස් වගේ වෙන්න හැදුවට පන්තිය ප්‍රකාශයට පත්වෙන හැසිරීම් ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් පෙනෙනවා.

* පීකෝ ට්‍රේල් කියන්නෙ සුද්දොම ලංකාවේ හොයාගත්තු දෙයක්. ලංකාවේ පීකෝ ට්‍රේල් එක හැදුවෙත් ස්පාඤ්ඤකාරයෙක්.

සුද්දො එතැන දී එන්ජෝයි කරන්නේ ඇවිදීම මිසක් නාටු ගැහිච්ච පෝනියො පිට යෑම නෙවෙයි.

අඩුම තරමේ ලංකාවට එන සුද්දො එතනින් මිදිලා. ඔවුන් තායිලන්තයට අලියා පිටේ යන්න ගියාට ලංකාවට එන්නේ ඊට වඩා සිවිලයිස්ඩ් වැඩකට 

හැබැයි අපේ සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් රණසිංහ ඉන්නේ එහෙම මානසිකත්වයක.

"සුද්දො සහ අපි පෝනියො පිටේ යනවා" වගේ තැනක.

මේ මානසිකත්වයේ ඉන්න බුවාලගේ ඊලග කඩයිම තමයි ළමයි කොළඹ 'හොඳ' පාසල් වලට දැමීම. 

ඒක අතිරේක කතාවක්. (පසුව ලියමි)

කොහොම වුනත් මේ තමයි නිර්ප්‍රභූත්වය මාකට් කළාට, ප්‍රභූත්වය පිළිබඳ හීන දකින රුවන් රණසිංහලා.

මොවුන් ඇමති ධූරය සහ දේශපාලනය පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතයේ ඇරියස් කවර් කරගන්න. 

මේ උදවිය දැන් කරන්නේ එක එක සල්ලිකාරයො එක්ක බ්ලැක් ලේබල් බිබී (රුවන් දන්න හොඳම බෝතලය) පාටි දාන එක. 

මේ වගේ බුවාලට දේශපාලන බලය හිමි වීමේ ජාතික ගැටලුව තමයි මොවුන්ගේ අභ්‍යන්තර අරගල වලට කතා කරන තක්කඩියන්ට පහසුවෙන්ම මොවුන් පාවිච්චි කළ හැකි වීම.

මොවුන් නටවන්න උවමනා බෝතලයක් සහ අපාර්ට්මන්ට් එකක්. එතැන සිට ඕනෑම තක්කඩියෙකුට මොවුන් ලවා ඕනෑම වැඩක් කරගත හැකියි.

මොවුන්ගේ හැසිරීම විකේතනය කළාම අවසාන සත්‍යය තමයි, මොවුන් ප්‍රභූන්ට වෛර කරන්නේ ඔවුන්ට ප්‍රභූන් වීමට නොහැකි වූ නිසා විතරයි.

ඔවුන් නිර්ප්‍රභූත්වය සමරන්නෙ නැහැ. ඔවුන් තමන්ගේ නිර්ප්‍රභූ අනන්‍යතාවයට වෛර කරනවා. හැබැයි ඔවුන් වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම, හැසිරීමෙන්ම ප්‍රභුත්වයට සැතපුම් ගණනක් දුරයි.

හැබැයි ඒ රුවන් රණසිංහ යනු සමස්ථ ජවිපෙ දේශපාලනයේ එක් හරස් කඩක් පමණයි. ජවිපෙ ඉතිරි බුවාලගෙත් කිසිම වෙනසක් නැහැ.

- සචින් රත්වත්ත

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.