මාලිමා ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මහා පාවාදීමකට සැරසෙයි - ජාතික සංවිධානවලින් චෝදනා
පසුගිය 2026/01/12 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මුදල් විශුද්ධිකරණයට අදාළ පනත් 3ක් සංශෝධනය කිරීමට තීරණය කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
"ඔබලාගේ නිරීක්ෂණය ඉතා අගය කරනවා. එම අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත (2006), මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (2006) සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ පනත (2005) යන පනත් ත්‍රිත්වය සංශෝධනය කිරීමට තීරණය කරනවා. මෙය ඉතා බරපතළ තත්ත්වයක්. ඊට හේතුව බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව දීර්ඝ කාලයක් තිස්සේ අපේක්ෂා කළ උපාය මාර්ගික හැරවුමක්. පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව අමතමින් සඳහන් කරනවා " ආණ්ඩුව ආර්ථික අර්බුදයක ගිලිලා ඉන්නවා. අපි ඒ අවස්ථාව පාවිච්චි කරන්න ඕන, අපේ අරමුණ ඉටුකර ගැනීම සඳහා" යනුවෙන්. ඔවුන් ඒ මගින් අදහස් කරන්නේ ඔවුන් සතු කළු සල්ලි ශ්‍රී ලංකාවටගෙන ඒමට සහ ඒ මගින් රටේ දේපළ සහ ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් අත්පත් කරගැනීමට දැන් ඒ අවස්ථාව ලැබී තිබෙනවා.
දෙමළ ඩයස්පෝරාව විදේශගත දෙමළ ජනතාවගේ මුදල් සහ ආයෝජන මගින් වාර්ෂිකව ඩොලර් මිලියන 300කට අධික අරමුදල් ප්‍රමාණයක් රැස්කරනවා. ඊට අමතරව මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධවලට සම්බන්ධ ඩොලර් බිලියන 300ක මුදලක් වාර්ෂිකව ලෝකයේ සැරිසරනවා. දෙමළ ඩයස්පෝරාවට එම අරමුදල්වලින් යම් ප්‍රමාණයක් හැසිරවීමේ හැකියාව තිබෙනවා.
ඒ අනුව ඉහත සඳහන් කළ පනත සංශෝධනය කර එම කළු සල්ලි ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඉඩ ලබාදුන හොත් ආයෝජන කෙසේ වෙතත් රටේ රාජ්‍ය සහ පුද්ගලික දේපළ අත්පත් කරගැනීමට දෙමළ ඩයස්පෝරාවට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව උතුරු නැගෙනහිර බෙදා වෙන්කිරීමේ ක්‍රියාවලියට ආණ්ඩුව යටත් කිරීම සඳහා පමණක් නොව දකුණේ රාජ්‍ය සහ පුද්ගලික දේපළ සැලසුම් සහගතව අත්පත් කරගැනීමටද අවස්ථාව සැලසෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..