News Category
From Date
To Date
Maximum Number of Result

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්.. - ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට..

Nov 6, 2026 at 05:09 AM
|

ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (05) සිදුවූ තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියෙන් තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ එරට සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සුරක්ෂිතව සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරයි.

ජෝර්දාන මහජන ආරක්ෂක අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත්තේ, ඊයේ දහවල් 12.20ට පමණ තානාපති කාර්යාලය ඉදිරිපිටදී තියුණු ආයුධයක් යොදාගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි.

එම සිද්ධියෙන් රාජකාරියේ නිරතව සිටි එරට ආරක්ෂ අංශ සාමජිකයෙකු වන කෝප්‍රල් ජවාඩ් අලි කලෆ් අල් සලයිටා ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධිය වූ ස්ථානයට වහාම පැමිණි පොලිස් කණ්ඩායම සැකකරු මැඩපවත්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී පොලිස් මුර සංචාරයේ ප්‍රධානියාගේ මුහුණට තුවාල සිදුව තිබේ. ඔහු රෝහල්ගත කර ඇති අතර, මේ වනවිට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සඳහන් වේ.

මූලික විමර්ශනවලදී සැකකරු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව, ජෝර්දාන බලධාරීන් මෙම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

සිද්ධියෙන් මියගිය කෝප්‍රල්වරයාගේ පවුලේ සාමාජිකයන්ට සහ සහෝදර නිලධාරීන්ට සිය ශෝකය පළ කරන බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

සම්බන්ධිත පුවත් | Related News

"රටම එකට" ජාතික මෙහෙයුම ආරම්භ කර වසරක් සපිරීම නිමිත්තෙන් ඊයේ (05) දීනයේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සර්ව ආගමික සමුළුවක් සහ ඇගයීම් වැඩසටහනක් පැවැත්විණි.
ඇමරිකාවේ වැඩිම ජනගහනයක් සහිත කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාර ගැවින් නිව්සම් (Gavin Newsom) විසින් ඓතිහාසික තීරණයක් ගනිමින්, එරට මරණ දඬුවම නියම වී සිටින සියලුම සිරකරුවන් 548 දෙනාගේ දඬුවම් වෙනස් කර ඇත.
සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා පෞද්ගලික මාධ්‍ය නාලිකාවකට රාජ්‍ය අනුග්‍රාහකත්වය සහ මහජන මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව, සංචාරක අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය වහාම රට හමුවේ කරුණු පැහැදිලි කළ යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අවධාරණය කරයි.
ප්‍රංශයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති විසින් රට පුරා විරෝධතා සහ වර්ජන මාලාවක් දියත් කිරීමට සැරසීමත් සමඟ එරට දැවැන්ත ජන අරගලයක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. තාම ඒක කරගන්න බැරිවෙලා" යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
වත්මන් රජය කිසිසේත්ම ජනතාව මත අනවශ්‍ය ලෙස අමතර බදු බරක් පටවා නොමැති බවත්, මෙතෙක් පැවති බදු ව්‍යුහයේ පැවති අඩුපාඩු හා විෂමතා නිවැරදි කරමින් එය වඩාත් සාධාරණ හා විධිමත් පද්ධතියක් බවට පත් කිරීමට පියවර ගෙන ඇති බවත් කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි.
රජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිඛෙන පෙත්සම්වලට අදාළව රජයේ ස්ථාවරය ලබන සඳුදා (09) නීතිපතිවරයා විසින් ශ්‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පොලිස් ස්ථාන තුළදී මියයාමේ සිදුවීම් සම්බන්ධයෙන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පුරවැසි සංවිධානයක් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් පොලිසියට ලබාදී තිබූ පැය 72ක රඳවා ගැනීමේ කාල සීමාව, පැය 48 දක්වා සංශෝධනය කිරීමට රජය සූදානම් බව ජනපති අනුර කුමාර දිසානායක පවසයි.

ප්‍රධාන පුවත්

ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..

ප්‍රංශයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති විසින් රට පුරා විරෝධතා සහ වර්ජන මාලාවක් දියත් කිරීමට සැරසීමත් සමඟ එරට දැවැන්ත ජන අරගලයක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇති අතර, එරට අභ්‍යන්තර දේශපාලන අරගල හුදෙක් එක් රටකට සීමා නොවී මුළු මහත් ගෝලීය පද්ධතියටම සෘජු බලපෑම් එල්ල කරමින් තිබේ.

මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ජාතික ජනබලවේගය එදා විපක්ෂයේ සිටිය දී පැවසූ කතා අද වන විට විහිළුවක් බවට පත්ව ඇති බවත්, එය දැන් රටම දන්නා කාරණයක් වී ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල සහ එහි පසුබිම පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා Lanka Voice යූටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..

"රටම එකට" ජාතික මෙහෙයුමේ පළමු සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන සර්ව ආගමික වැඩසටහන සහ පසුගිය වසරක කාලය තුළ රටක් වශයෙන් අත්කරගත් ජයග්‍රහණ හා ඉදිරි ගමන්මඟ පිළිබඳ සාකච්ඡාව 2026 නොවැම්බර් 05 වන දින එනම් අද දින පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) හා සයිනොපෙක් සමාගම් විසින් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..

ලබන වසරේ සිට ඊශ්‍රායලයට ලබාදෙන වාර්ෂික ඇමෙරිකානු හමුදා ආධාර ඩොලර් බිලියන 4 නතර කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඊශ්‍රායලයට තවදුරටත් එම මුදල් අවශ්‍ය නොවන බවත්, ඇමෙරිකානු රජයට එරෙහිව අයහපත් ප්‍රචාරයක් ගෙන යාම සඳහා එම ආධාර ප්‍රශ්නය වාමාංශික කණ්ඩායම් විසින් ප්‍රයෝජනයට ගන්නා බවත් ඔහු පවසා තිබේ.

ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ඉකුත් ඉරිදා කොළඹදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙනි.

අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගනී..

අමෙරිකාවේ මැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති බව Associated Press (AP) මාධ්‍ය ජාලයේ නිල පූර්ව නිගමන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සහ ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හේතුවෙන්, ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය හරහා ලැබී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ (GSP+) තීරුබදු සහනය අහිමිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක රජයේ මුදල් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දරන සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා මහරාජා සමූහයට අයත් MTV පෞද්ගලික සමාගමට මහජන මුදල්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් ලබාදීමට රජය කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ සහචර ධනවාදී ප්‍රතිපත්තිය මනාව හෙළි කරන සිදුවීමක් බවයි.

ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති නවතම වක්‍ර සාකච්ඡා වටය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා පුළුල් යුද්ධයක් ඇතිවිය හැකි බවට බියක් මතුව තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.