
එක රටක් එක නීතියක් කැරට් අලයක්ද?-යසස් ධර්මදාස,ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද එක් රටක් එක් නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායේ නායකත්වය බොදු බල සේනා සංවිධානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත පිරිනැමීම පිළිබඳව “ලංකා ලීඩ් නිව්ස්” හි විමර්ෂණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමාගේ අදහස වූයේ එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය රටේ ප්‍රධාන ප්‍රශ්නයක් මගහැර වීමට දෙන ලද කැරට් අලයක් විය හැකි බවයි. ධර්මදාස මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඥාණසාර හාමුදුරුවන්ට එරෙහිවෙන පුද්ගලයින්ට උතුරේ ආණ්ඩුකාර තනතුර වැනි අති සංවේදී තනතුරක් එන්ජීඕ කාක්කෙකුට ලබාදීම පිළිබඳව කිසිදු විරෝධයක් නොමැතිවීමද ඔවුන්ගේ න්‍යාය පත්‍රය කුමක්ද කියා හෙලිදර්ව්වන බවයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාෂය පහත සඳහන්වේ.
“මෙම කාර්‍ය සාධක බලකායේ සංයුතියේම ප්‍රශ්නයක් තියෙනව. ඥාණසාර හාමුදුරුවො ඒ පිළිබඳව අවබෝධ කරගෙන ඇති බව පෙනෙනව. කලින් ආණ්ඩුව හිටියනම් මේකට සමහරවිට පත්කරන්නෙ අර හිවල් සමාජයේ අය වෙන්න පුළුවන්. එයාල තමයි ඔවැනි කරුණු වලට ඔස්තාර් වරුන් කියල හිතන් ඉන්නෙ. ඒ ගැන සලකන විට යම්කිසි ප්‍රගතියක් මෙම පත්කිරීම් තුල තියෙනව. නමුත් මෙම කාර්‍ය සාධක බලකාවල නිර්දේශ බාරගැනීම හෝ ක්‍රියාත්මක කිරීම කොපමණ දුරට සිදුවේදැයි සැක සහිතයි. ඒ පිළිබඳව පසුගිය කොමිෂන් සභාවල් වලින් දෙන ලද නිර්දේශ වලට සිදු වුන දේ වලින්ද සනාථ වෙනව.
මෙහි ඇති බැරෑරුම් තත්ත්වය ඔය පත්කිරීම නොවෙයි. ඔය පත්කිරීම පිළිබඳව වාද විවාද ඇති කිරීමෙන් එන් ජී ඕ කප්පිත්තන්ව සංවේදී තනතුරු වලට පත්කිරීම පිළිබඳව මාතෘකාව දියකර හැරී යෑමක් සිදුව තිබෙනව. සැබෑවටම ප්‍රශ්ණ කළයුතු පත්කිරීම ඥාණසාර හාමුදුරුවන්ගෙ පත්කිරීම කියල මම හිතන්නෙ නෑ. නමුත් සමහර මැති ඇමතිවරු පවා ඒ පිළිබඳව නිවැරදිව ග්‍රහණය කරගෙන තිබෙන බවක් පෙනෙන්න නෑ. එහෙම පෙනෙන බවක් තියෙනවනම් මිනීමැරුම් චෝදනා ලැබ මරණීය දණ්ඩනයට නියමවූවන්ට හා අනෙකුත් දණ්ඩන වලට නියමව හිරගතව සිටින අයට පාර්ලිමේන්‍තුවට සහභාගී වීමට කෙසේවත් ඉඩ නොදියයුතුයි. හේතුව ඔවුන් ඳඬුවම් විඳින සහ ඳඬුවම් අපේක්ෂාවෙන් පසුවෙන අය. ඥාණසාර හාමුදුරුවො මිනී මැරුමකටවත් වෙනත් දූෂණයකටවත් නොවෙයි හිරේට ගියේ. ඒ වගේම අධිකරණයට අනිසි බලපෑම් කරලත් නොවෙයි හිරේට ගියේ. එබැවින් සම්පාදනය කරන නීති වල අඩු ලුහුඬුකම් තියෙනවද කියල බලන්න ඥාණසාර හිමියන්ව පත්කිරීම ඥාණසාර හිමියන් හිරේ හිටිය නිසා වැරදියි කියන කාරණය කියමන අනුමත කරන්න බැහැ.
දැන් අලිසබ්‍රි ඇමතිතුමාත් කියනව ඥාණසාර හාමුදුරුවො සාධක බලකායට එනවනම් එතුමාත් ඇමතිකමෙන් අස්වෙනව කියල . ඒකනම් කියලවත් කරගන්න බැරි වැඩක්. එහෙම දෙයක් සිදුවෙනවනම් හොඳයි කියල කියන්න පුළුවන්. අපි දැක්කනෙ පහුගිය දිනවල තිස්ස අත්තනායක මංත්‍රීතුමා පුද්ගලික යෝජනාවක් විදිහට මැති ඇමතිවරුන්ගෙ කනෙන් රිංගල ගෙන එන්න හදපු යෝජනාව. ඒකට ඔය අධිකරණ ඇමතිතුමාගෙ අනුමැතිය අනුග්‍රහය නොමැතිය සිදුවෙන්න බැහැකියල විද්වතුන් කියල තිබුනනෙ. ඒ කොහොම වෙතත් ඔය සංසිද්දියෙනුත් පෙනෙනව ඔය කියන සාධක බලකායත් හරියට කෝඳුරු තෙල් හත් පට්ටයක් හා ටිකක් වෙන්න හැකියාව තියෙනව කියල. හේතුව ජනාධිපතිතුමා අලිසබ්‍රි ඇමතිතුමාගෙ ඉවත්වීමේ තර්ජනය හමුවේ සංවේදී වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව.
අපි වාද කළ යුතු මාතෘකාව වන්නේ උතුරේ ආණ්ඩුකාරවරිය ලෙස කටයුතුකල චාල්ස් මහත්මියව තනතුරෙන් අයින්කිරීම සහ ඒ තනතුරට එන්ජීඕ කප්පිත්තෙක් පත්කිරීම. අපිට මතකයි චාල්ස් මහත්මියව එම තනතුරට පත්කරණ අවස්ථාවේදී වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මැතිතුමා ඉතා විශිෂ්ඨ ඇගයීමකට ඇයව ලක්කලා. ඒ ඇගයීම එක්තරා නාලිකාවකින් විකෘතිකොට දක්වා මඩ ව්‍යාපාරයකුත් රැගෙන ගියා. එයින් සිදුවුනේ නොදන්නා අයත් ඉන් පසුව ඒ පිළිබඳව දැනගැනීමයි. (දිගුව සඳහා මෙතනින් පිවිසෙන්න). එවන් සේවයක් සිදුකරන ලද චාල්ස් මහත්මිය ඉන් ඉවත්කර, ඉන්දියන් ඒජන්තයින් රටට පැමිණ ගිය වහාම, එන්ජීඕ සංවිධානවල කපිත්තෙක් එම තනතුරට පත්කළ සිදුවීම අහඹු සිදුවීමක් විය නොහැකියි.
පළාත් සභාවේ ආණ්ඩුකාර තනතුර යනු ජනාධිපතිවරයාට වගකියනු ලබන, ජනාධිපතිවරයාට පාක්ෂිකව පත්කරනු ලබන තනතුරක්. එය ලංකාවේ පමණක් නොව අපට පළාත් සභා බලයෙන් පටවන ලද ඉන්දියාවේ තත්ත්වයත් එලෙසමයි. මධ්‍යම රජයේ බලතල අයිතිවාසිකම් සියල්ල රකින්නෙ ආරක්ෂා කරන්නෙ ආණ්ඩුකාරයා විසින්. ඔහුට ඒ සඳහා බලය පවරා තියෙන්නෙ. එම පවරා ඇති බලතල යමෙක් අත්තනෝමතික ලෙස පාවිච්චි කළහොත් සිදුවන්නේ කුමක්ද? එන්ජීඕ කප්පිත්තෙක් එවැනි සංවේදී තනතුරේ ඉන්දවීම ඥාණසාර හාමුදුරුවන්ව අර කාර්‍ය සාධක බළකායේ මුල් පුටුවේ ඉන්දවීම වැරදියි කියන අයට පෙනුනේ නැතිද? මේවා සිදුවන්නේ කාගේ න්‍යායපත්‍ර වලටද? ජනාධිපතිතුමා දන්නෙ නැතිද ආණ්ඩුකාරධූරයේ ඇති සංවේදිකම? ජනාධිපතිතුමා දන්නේ නැතිද ඔය කියන කාර්‍ය සාධක බළකායට දෙමළ නියෝජනයක් අවශ්‍යබව? සැබෑවටම ජනාධිපතිතුමා මේ ඉටුකරන්නේ කාගේ උවමනාවක්ද? වරක් එක්තරා සමුළුවකදි කොටි හිතවාදියෙක් පවසා තිබුන ඊලම ගැනීම රනිල්ගෙන් නොව රාජපක්ෂ කෙනෙක්ගෙන් කරගත හැකියි කියා. ඔහු එයට හේතුව ලෙස දක්වා තිබුණේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව එවැන්නක් සිදුවේවි යැයි නොසිතන නිසා බවයි. මේ සිදුවන්නේ එයද? ”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්‍රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
බ්‍රික්ස් සමුළුවට සහභාගී වෙන්න ජනපති පුටින්ගේ ආරාධනයට ජනපති අනුර කිව්ව දේ මෙන්න..- මෙරට රුසියා තානාපතිගෙන් අනාවරණයක්..
UN මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මෙරට සංචාරයකට සූදානමින්..
යුද ජයග්‍රහණය රටට ලබාදුන් රණවිරුවන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට කොන්දක් නැත්නම් එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් - විමල් කියයි (වීඩියෝ)
චෙක් නොකර වරායෙන් එළියට ගිය කන්ටේනර් 323 ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව තවම නැතිලු..
