
ධීවරයෙක්ට වෙඩිතැබීමේ සිද්ධිය ගැන නාවික හමුදාවට චෝදනා – ඇමැති පරීක්ෂණයක් ඉල්ලයි..
මෙහෙයුමකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පසුව, ත්‍රිකුණාමලය වෙරළ තීරයේ ධීවරයකුට වෙඩිතැබූ බවට නාවික හමුදාවට චෝදනා එල්ල වී ඇති අතර, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා තිබේ.
අමාත්‍යවරයා නාවික හමුදාවට සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති බවත්, එහි සොයාගැනීම් මත පදනම්ව ඉදිරි පියවර ගන්නා බවත් අමාත්‍යාංශය පවසයි.
නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ යෙදීසිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජුනි 3 වැනි දින නාවික හමුදා කණ්ඩායමක් යොදවා තිබූ බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් තහවුරු කළේය.
නීතිමය කටයුතු සඳහා ධීවර යාත්‍රාවක් ගොඩබිමට ගෙන එන අතරතුර, තවත් බෝට්ටු කිහිපයක් නාවික යාත්‍රාව වෙත ළඟාවී තිබේ.
එම යාත්‍රාවල සිටි පුද්ගලයන් නාවික බෝට්ටුවට නැග, නිලධාරීන්ට පහර දී, රඳවාගෙන සිටි සැකකරුවන් නිදහස් කරගැනීමට උත්සාහ කළ බව වාර්තා වේ.
ගැටුම අතරතුර, එක් පුද්ගලයකු නාවික නිලධාරියෙකුගේ ගිනිඅවියක් උදුරා ගැනීමට උත්සාහ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආයුධය ක්‍රියාත්මක වූ බවත් කියනු ලැබේ.
තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල්ගත් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
රණවිරු දඩයමට සියල්ල සූදානම්.. - ආණ්ඩුව අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම හරහා සිදුකරන මහා පාවාදීම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
එක්සත් ජනපදය තමන්ටම හානි කර ගනී: ෂැංග්‍රි-ලා සංවාදයේදී 'චීන තර්ජනය' අතිශයෝක්තියට නැංවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඇමරිකානු ආරක්ෂක ප්‍රධානියාට දොස් පවරයි.
රුසියානු ගුවන් තොටුපළවලට එල්ලවූ යුක්රේන ප්‍රහාරය: මෙතෙක් හෙළිවූ කරුණු
