ධීවරයෙක්ට වෙඩිතැබීමේ සිද්ධිය ගැන නාවික හමුදාවට චෝදනා – ඇමැති පරීක්ෂණයක් ඉල්ලයි..
මෙහෙයුමකදී ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමකින් පසුව, ත්‍රිකුණාමලය වෙරළ තීරයේ ධීවරයකුට වෙඩිතැබූ බවට නාවික හමුදාවට චෝදනා එල්ල වී ඇති අතර, ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා තිබේ.
අමාත්‍යවරයා නාවික හමුදාවට සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති බවත්, එහි සොයාගැනීම් මත පදනම්ව ඉදිරි පියවර ගන්නා බවත් අමාත්‍යාංශය පවසයි.
නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ යෙදීසිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජුනි 3 වැනි දින නාවික හමුදා කණ්ඩායමක් යොදවා තිබූ බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් තහවුරු කළේය.
නීතිමය කටයුතු සඳහා ධීවර යාත්‍රාවක් ගොඩබිමට ගෙන එන අතරතුර, තවත් බෝට්ටු කිහිපයක් නාවික යාත්‍රාව වෙත ළඟාවී තිබේ.
එම යාත්‍රාවල සිටි පුද්ගලයන් නාවික බෝට්ටුවට නැග, නිලධාරීන්ට පහර දී, රඳවාගෙන සිටි සැකකරුවන් නිදහස් කරගැනීමට උත්සාහ කළ බව වාර්තා වේ.
ගැටුම අතරතුර, එක් පුද්ගලයකු නාවික නිලධාරියෙකුගේ ගිනිඅවියක් උදුරා ගැනීමට උත්සාහ කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආයුධය ක්‍රියාත්මක වූ බවත් කියනු ලැබේ.
තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල්ගත් කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..