ජවාරම්කරුවන් පිරිසක් නඩත්තු කිරීමට පවතින ආනයන ප්‍රචලිත කිරීමේ කුමවේදයෙන් රටට සිදුවූ වින්නැහිය වෛද්‍ය වසන්ත බණ්ඩාර පැහැදිලි කරයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර නොමැතිව මෙරට පවතින සම්පත් නිවැරදිව කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි ක්‍රමවේදය දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.
රූපවාහිනී සංවාදයක දී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ රටේ ගොඩබිම මෙන් අට ගුණයක් විශාල මෙරටට අයත් සාගරයේ ඇති සම්පත් වලින් නිසි ප්‍රයෝජනයක් තවමත් ගෙන නොමැති බවයි.
සාගරයෙන් මෙන්ම මෙරට පවතින මිනිරන් හා ඛනිජ වැලි වැනි වටිනා සම්පත්වලින්ද රටේ ආර්ථිකයට දැවැන්ත මුදලක් ඉපයිය හැකි බවත්, ජාවාරම්කරුවන් පස්හය දෙනෙකු නඩත්තු කරන ආනයන ප්‍රචලිත කිරීමේ ක්‍රමවේදයෙන් මිදී රටේ සම්පත් නිවැරදිව කලමණාකරණය කිරීම මගින් ආර්ථික අර්බුදයෙන් මිදිය හැකි බවත් ඒ මහතා මෙහිදී පෙන්වා දෙයි.
රටේ පවතින ප්‍රධාන අර්බුද තුන වන ගෙවුම් ශේෂ හිඟය, ණය අර්බුදය, රාජ්‍ය ආදායම් අර්බුදය විසඳා ගැනීමට රටේ සම්පත් මෙන්ම කර්මාන්ත පද්ධතිය මගින්ද සුවිසල් දායකත්වයක් ලබාගත හැකි බවද වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පවසයි.
ගෙවුම් ශේෂ අර්බුදය මතුවන්නේ වෙළෙඳ හිඟය නිසා බවත්, 1978 වන විට මෙරට ධන වෙළෙඳ ශේෂයක් තිබූ බවත් එයට හේතු වූයේ 1970 සිට දේශීය ආදායම් ආරක්ෂා කිරීමට පැනවූ නීති හා ප්‍රතිපත්ති බවත් ඒ මහතා සඳහන් කරයි.
එහෙත් 1978 න් පසුව එම තත්ත්වය සහමුලින්ම වෙනස් වූ බවත්, විවෘත්ත ආර්ථිකය හරහා එම තත්ත්වය නිර්මාණය වූ බවත් ඔහු පවසයි.
ආර්ය ශීලි වික්‍රමනායක මහතා වැනි දේශීය කර්මාන්ත කරුවන් නොසිටින්න මෙරට කිරි ගොවීන් ද අන්ත අසරණ තත්ත්වයකට පත්වන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේය.
මෙම රූපවාහිනී සංවාදය සඳහා පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරිය ශීලි වික්‍රමනායක මහතා ද එක්ව සිටි අතර, ඒ මහතාද රට ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමට අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්