
හොරු රකින ජනපති රනිල්ගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා - ජයන්ත සමරවීර
රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිර්ලජ්ජිත ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රොෂාන් රණසිංහ මහතා “ෂම්මි සිල්වා පමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් චෞර වළල්ලට” එරෙහිව ගත් ආදර්ශවත්, විශිෂ්ට ක්‍රියාමාර්ග දැඩි සේ අගය කරන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
28 පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා එසේ පැවසීය.
තම අපකීර්තිමත් දේශපාලන ඉතිහාසය නිසා කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හෝ නොහැකි වූ රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ බවත් පසුව ඊනියා ගෝල්ෆේස් අරගලයේ පිහිටෙන් හා පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ කර මතින් අනුප්‍රාප්තික ජනාධිපති ධුරයට පත්වූ බවත් ඔහුට අද වන විට අමතකව ඇතැයි ද ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.
කෝප් කමිටුව මගින් ද විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වෙන වෙනම සිදු කළ විමර්ශනවලින් අනතුරුව නිකුත් කළ ස්වාධීන වාර්තා දෙකක් මගින් ද පෙන්වා දී තිබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් යනු හොර ගුහාවකි!” යන නිර්දේශය අනුව යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “සුද්ද කිරීමට” නිර්භීතව, එඩිතරව පියවර ගනිමින් සිටි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා, අද තම විධායක බලතල යොදා ගනිමින් “පේළි දෙකේ ලිපියකින්” ගෙදර යැවීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. එමගින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ “හොරුන්ට විරුද්ධව කට හොල්ලන්න එපා! එහෙම වුණොත් දොට්ට දමනවා!” යන්න යැයි සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා “ශ්‍රී ලංකා ක්‍රිකට් හොර ගුහාව සුද්ද කළ යුතු බවට” ගත් තීරණය මුළුමහත් පාර්ලිමේන්තුවම ඒකච්ඡන්දයෙන් අනුමත කර තිබියදී එයට පයින් ගසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක අද “ශම්මි සිල්වා හුරතල් කිරීම” ජනතා පරමාධිපත්‍යයට එල්ල කළ මරු පහරක් බව ද සමරවීර මහතා මෙහිදී කීය.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
