ක්‍රීඩා ඇමති ධුරයෙන් නෙරපීම පිටුපස අදිසි හස්තයක් - සජිත් කියයිි
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, වාරිමාර්ග හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
ක්‍රීඩා ඇමති ධුරයෙන් නෙරපීම පිටුපස අදිසි හස්තයක්
ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ වැඩ කටයුතුවලට බාධා කිරීමත් ඉන් නොනැවතී දූෂිත ක්‍රිකට් පරිපාලනයට එරෙහිව ගෙන ගිය වැඩකටයුතු සියල්ල අඩාල කරමින් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සහ සෙසු අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කිරීමට ගත් අමනෝඥ දුර්දාන්ත තීරණයට ප්‍රජාතන්ත්‍රවාදය අගයන විපක්ෂයක් ලෙස අප විරුද්ධ වන්නෙමු.
රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අන්ත දුෂිත වී තිබේ. රට බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂවරු එලවා දැමීමෙන් පසු ජනතාව අපේක්ෂා කළේ මෙවැනි දූෂිත පාලනයක් නොවේ.
එහෙත් ගජමිතුරු ධනවාදය, ලුම්පන් ධනවාදය ක්‍රිකට් පරිපාලනය ආක්‍රමණය කරමින් ජනතාව ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර අවසන් ය.
එකී ගජමිතුරු වාදයට එරෙහිව නොබියව සටන් කළ වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ වැඩකටයුතුවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අනීතිව මැදිහත් වී බාධා පැමිණවීම කිසිසේත්ම අනුමත කළ නොහැක.
ජනාධිපතිවරයා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ ක්‍රීඩා ඇමතිවරයාව කිසිදු සාධාරණ හේතුවකින් තොරවම සිය ධුරවලින් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් ඇති බවට සැකයක් මතු වේ.
මේ වන විට රොෂාන් රණසිංහ මැතිතුමාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනාම ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු යි.
සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්