
ක්‍රීඩා ඇමති ධුරයෙන් නෙරපීම පිටුපස අදිසි හස්තයක් - සජිත් කියයිි
ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා, වාරිමාර්ග හා යෞවන කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
ක්‍රීඩා ඇමති ධුරයෙන් නෙරපීම පිටුපස අදිසි හස්තයක්
ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ වැඩ කටයුතුවලට බාධා කිරීමත් ඉන් නොනැවතී දූෂිත ක්‍රිකට් පරිපාලනයට එරෙහිව ගෙන ගිය වැඩකටයුතු සියල්ල අඩාල කරමින් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සහ සෙසු අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කිරීමට ගත් අමනෝඥ දුර්දාන්ත තීරණයට ප්‍රජාතන්ත්‍රවාදය අගයන විපක්ෂයක් ලෙස අප විරුද්ධ වන්නෙමු.
රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අන්ත දුෂිත වී තිබේ. රට බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂවරු එලවා දැමීමෙන් පසු ජනතාව අපේක්ෂා කළේ මෙවැනි දූෂිත පාලනයක් නොවේ.
එහෙත් ගජමිතුරු ධනවාදය, ලුම්පන් ධනවාදය ක්‍රිකට් පරිපාලනය ආක්‍රමණය කරමින් ජනතාව ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර අවසන් ය.
එකී ගජමිතුරු වාදයට එරෙහිව නොබියව සටන් කළ වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ වැඩකටයුතුවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අනීතිව මැදිහත් වී බාධා පැමිණවීම කිසිසේත්ම අනුමත කළ නොහැක.
ජනාධිපතිවරයා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ ක්‍රීඩා ඇමතිවරයාව කිසිදු සාධාරණ හේතුවකින් තොරවම සිය ධුරවලින් ඉවත් කිරීම පිටුපස අදිසි හස්තයක් ඇති බවට සැකයක් මතු වේ.
මේ වන විට රොෂාන් රණසිංහ මැතිතුමාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනාම ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු යි.
සජිත් ප්‍රේමදාස
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
