මොහාන් ද සිල්වා ඔස්ට්‍රේලියාවේ සිට ක්‍රීඩා ඇමැතිට කතා කරලා... ක්‍රිකට් ආයතනය මුදල් කොල්ල කෑ හැටිත් කියලා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වූ මොහාන් ද සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඔස්ට්‍රේලියාවේ සිට තමාට කතා කොට ශ්‍රී ලංකා ක්‍රිකට් හරිමඟට ගැනීමට නිසි ක්‍රමවේදයක් නැති බවත්, හැම තැනම මුදල් ආයෝජන මුවාවෙන් මුදල් කොල්ලකා ඇති බවත් පැවසූ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
දූෂිතයින් යළි බලයට ඒම වැළැක්වීමට නම් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා හැර නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතු බව ද ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.
ඊයේ (25) මල්වතු මහනාහිමි බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්මින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා,
"මේ කණ්ඩායම එක තැනක එකතුවෙලා කතා කරලා තියෙනවා...'අපිට මේකෙන් එළියට යන්න වුණොත් අවුරුදු 15ක් හිරේ ඉන්න වෙන්නේ' කියලා. එකනේ ක්‍රිකට් එකේ ලේකම්වරයා ඉල්ලා අස් වුණේ. මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙලා ඔස්ට්‍රේලියාවේ ඉදලා කතා කරලා මට කිව්වා. 'මම බැලුවා මේක හරිමඟට ගන්න නිසි ක්‍රමවේදයක් නෑ. හැම තැනම මුදල් ආයෝජන මුවාවෙන් මුදල් කොල්ලකාලා. මේ තත්ත්වයන් නිසා මම ඉල්ලා අස් වුණා.' කියලා තමයි ඔහු කිව්වේ.
මොනවා කරත් අන්තිමේට මුන් ටිකම බලයට එනවා. ඒ එන්නේ කොහොමද දිස්ත්‍රික් සංගම්. මහනුවර සංගමයේ පැටිකිරිය මම කියන්න අවශ්‍ය නෑනේ. මම අභියෝගය කරනවා මහනුවර සංගමය විගණනය කරන්න කියලා. ඒ වගේ තමයි ගොඩක් තැන්වල තත්ත්වයත්. ඒ නිසා මේ ටික විසුරුවා හරින්න ඕනේ."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!