ලබන වසරේ දැඩි නියඟයක් - කාලගුණයෙන් අනතුරු අඟවයි
මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වැසි ලැබුන ද ලබන වසරේ (2024) යල කන්නයේ දැඩි නියඟයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කෘෂිකර්ම අංශවලට අනතුරු අඟවා තිබේ.
යල කන්නයේ වගා කටයුතු ලබන වසරේ (2024) මාර්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පවසන්නේ ලබන වසරේ යල කන්නයේදී දැඩි වියළි කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බැවින් ජලය අරපිරිමැස්මෙන් කළමනාකරණය කර ගැනීම පිළිබඳව කාලගුණික අංශ විසින් දැනුවත් කර ඇති බවය.
එම තත්ත්වය මත මෙවර මහ කන්නය කල් ඇතිව ආරම්භ කරන ලෙසත් ජලය ආරක්ෂා කර ගන්නා ලෙසත් ගොවීන් කල් ඇතිව දැනුවත් කළ බවද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
මෙම වැඩපිළිවෙළ හරහා ලබන වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වැව්වල යම් ජල ප්‍ර්‍රමාණයක් හෝ ඉතිරි කර ගැනීමේ සැලසුමක් පවතින බවද ඔහු සඳහන් කළේය.
මේ අතර, එල් නිනෝ බලපෑම මත සාමාන්‍යයෙන් ජනවාරි සිට වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා (පර්යේෂණ සහ දේශගුණික විපර්යාස) අනූෂා වර්ණසූරිය ද පවසයි.
කෙසේ වෙතත්, එල් නිනෝ තත්ත්වය යටතේ වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවන නමුත් කෙටි කාලීන අඩු පීඩන කලාප ඇතිවී යම් යම් කාලවලදී වැසි ඇතිවීමේ ඉඩකඩ පවතින බවද ඇය පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති