
පෞද්ගලික අංශයේ සේවකයෙකුට EPF ගෙවන්නේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විටදීයි- ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
අමාත්‍ය මණ්ඩලය විසින්, පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අනුමත කිරීමට කටයුතු කර තිබුණි. ඒ අනුව යෝජිත පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52ට එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙයි. එලෙසම පනත ක්‍රියාත්මක වන දිනයේදී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි වන පරිදි විධිවිධාන ඇතුළත් කර නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කරනු ලැබ තිබේ.
මේ අනුව වයස අවුරුදු 55 දී විශ්‍රාම යාමට සූදානම් සේවකයින් හට ඔවුන්ගේ අර්ථසාධක අරමුදල ආපසු ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ වයස අවුරුදු 55 දී ද නැත්නම් 60 දී ද යන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අදහහස් දක්වමින්,
“ඕනෑම කෙනෙකුට ඕනෑම වයසක දී විශ්‍රාම යන්න පුළුවන්.නමුත් EPF එකෙන් සල්ලි ගන්න පුළුවන් වෙන්නේ වයස අවුරුදු 55 දී. යම් පුද්ගලයෙකුට ඊට පෙර විශ්‍රාම යාමට අවශ්‍ය නම් යන්න පුළුවන්. යම්කිසි පුද්ගලයෙක් වයස අවුරුදු 60 වෙනතුරු වැඩකරනවා නම්, ඒ වයස දක්වා දැනට තියෙන නීතිය අනුව EPF ගෙවිය යුතු වෙනවා”.
1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත මඟින් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කරන ලදී. වර්ෂ 2020 අවසාන වනවිට රු. බි. 2,824ක වත්කමක් සේවක අර්ථ සාධාක අරමුදල සතුව පැවතුනි.
පනතේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, කම්කරු කොමසාරිස්වරයා අරමුදලේ ප්‍රධාන පරිපාලකයා වන්නේය. එලෙසම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අරමුදලේ භාරකාරත්වය සඳහා බලතල, රාජකාරි හා වගකීම් දරනු ලබයි. තවද ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව, මුදල් මණ්ඩලයට අයත් පනතින් පවරන ලද බලතල, රාජකාරි හා කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා පහසුකම් සම්පාදනය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..
සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)
වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..
ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..
රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..
රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
