
සාලිය පීරිස් අගමැති වෙන්න කෝට් මහපු හැටි ගැන ජනපති රනිල් කළ හෙළිදරව්වෙන් සාලිය පීරිස් කැළඹෙයි... ජනපති බොරු කියන බව කියයි
පසුගිය අරගල සමයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමට සැලසුමක් තිබූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී හෙළිදරව්වක් සිදු කළේය.
ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස අගමැති ධුරට බාර ගැනීම එම සැලසුම බවත් හෙතෙම සදහන් කළේය.
මේ පිළිබඳව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද නීතිඥ සංගමය සාකච්ඡා කර තිබූ බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින්තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
ඔහු ඉන් සඳහන් කර තිබුණේ 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවය.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුවන බවත් සාලිය පීරිස් මහතා පවසයි.
2022 මැයි මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා කිසිවිටෙකත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කළ ඒවා නොව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ ඒවා බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.
දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බව සාලිය පීරිස් මහතා සිය නිවේදනයේ දක්වා ඇත.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව
දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්රකාශය
ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර
සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
