සාලිය පීරිස් අගමැති වෙන්න කෝට් මහපු හැටි ගැන ජනපති රනිල් කළ හෙළිදරව්වෙන් සාලිය පීරිස් කැළඹෙයි... ජනපති බොරු කියන බව කියයි
පසුගිය අරගල සමයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමට සැලසුමක් තිබූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී හෙළිදරව්වක් සිදු කළේය.
ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස අගමැති ධුරට බාර ගැනීම එම සැලසුම බවත් හෙතෙම සදහන් කළේය.
මේ පිළිබඳව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද නීතිඥ සංගමය සාකච්ඡා කර තිබූ බවද හෙතෙම පැවසීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින්තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
ඔහු ඉන් සඳහන් කර තිබුණේ 2022 වසරේ මැයි 09 වැනිදාට පෙර තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවය.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුවන බවත් සාලිය පීරිස් මහතා පවසයි.
2022 මැයි මාසයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ යෝජනා කිසිවිටෙකත් පුද්ගලයන් ගැන ඉදිරිපත් කළ ඒවා නොව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුම් ලෙස ඉදිරිපත් කළ ඒවා බව ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.
දේශපාලනඥයන් මෙන් තමා කිසිවිටෙකත් සිය පෞද්ගලික අවශ්‍යතා රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නොමැති බව සාලිය පීරිස් මහතා සිය නිවේදනයේ දක්වා ඇත.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!